විමුක්තියේ අඳුරු මතක ... Featured

Sunday, 06 February 2022 13:34

භීෂණයට අනුකම්පාවක් නොමැත. කිසිම රටක පුරවැසියකුට ඕනෑම භීෂණයකදී මරණයට කලින් සිටම සූදානම්වීමේ වරම ලැබෙන්නේ නැත.

මෙරට ඉතිහාසය තුළ සිදුවූ දේශපාලන අරගලවලදී හා ඊට සම්බන්ධ භීෂණ යුගවලදී සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු ආදී ජනතා බලවේග සිරබත්කෑමට, මැර ප්‍රහාරවලට හා මරණයට ගොදුරු විය.

1971 සහ 1989 වසරවල මෙරට ඇවිළුණු හිත්පිත් නොමැති ත්‍රස්තවාදී ගිනිදැල්වලින් බිලිගත් දහස් ගණන් තරුණ ජීවිත පිළිබඳ මතකය අප සිත් තුළින් මැකී ගොස් නොමැත.

අවසාන ප්‍රතිඵලය භීෂණය බව නොදැන පාලකයන්ගේ හා ත්‍රස්තවාදීන්ගේ මර්දනයට එරෙහිව නිදහස් අදහස් ප්‍රකාශ කළ ලියා පළකළ හා දේශන වැඩමුළුවලට සහභාගි වූ නව යොවුන් පරපුරක් එදා අකාලයේ දැයෙන් සමුගත්හ. මොවුන්ගෙන් සමහරෙකු මව්පියන් ඉදිරියේදීම ඝාතනය වූ අතර ඇතැමෙකු ප්‍රශ්න කිරීමට යැයි රවටා රැගෙන ගොස් අතුරුදන් කෙරිණ.

ජවිපෙ 2වැනි කැරලි සමය අවසන් වන විට එනම්, 1986 සිට 1990 දක්වා මාධ්‍යවේදීන් 16ක් ඝාතනය වූ අතර 100කට ආසන්න සංඛ්‍යාවකට පැහැරගෙන යෑම්, ප්‍රහාර, වධ බන්ධන, තර්ජන, බලපෑම්, රැකියා අහිමිවීම්, දේශපාලන රැකවරණය පතා විදේශගත වීම් ඇතුළු බොහෝ තාඩන පීඩන වලට මුහුණ දීමට සිදු විය.

ජවිපෙ 2වැනි කැරැල්ලේදී ආණ්ඩුවේ රූපවාහිනිය සහ ගුවන්විදුලිය, එනම් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ක්‍රියාකාරිත්වය මුළුමනින් වාගේ 1989 මැද භාගය වන විට අඩපණ කිරීමට ජවිපෙ කැරලිකරුවන් සමත් විය. රූපවාහිනියේ සහ ගුවන්විදුලියේ වැඩ කරන සේවකයන්ට කැරලිකරුවන්ගෙන් තර්ජන එල්ල වී තිබූ බැවින් ඔවුන්ට සේවයට වාර්තා කිරීමේ නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබිණි. සේවයට වාර්තා කළහොත් ඔවුන් ඝාතනය කරන බවට ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය නිවේදනය කළේය. ඒ තත්ත්වය හේතු කොට ගෙන ඇතැම් මාධ්‍ය ආයතන අකර්මණ්‍ය විය. සේවකයන් කිහිපදෙනෙක් රැකියාව අත්හැර ගියහ.

රූපවාහිනි රාත්‍රී ප්‍රවෘත්ති සහ ගුවන්විදුලියේ ප්‍රවෘත්ති අසන ප්‍රේක්ෂකයන්ට සහ ශ්‍රාවකයන් ඝාතනය කිරීමට තීරණය කර ඇති බව දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය නියෝගයක් මගින් ප්‍රකාශයට පත් කළේය. එයට අවනත නොවී ගුවන්විදුලිය සහ රූපවාහිනිය ඇසූ සහ නැරඹූ පුද්ගලයන් 219 දෙනෙකු රට පුරා ඝාතනය කර තිබිණි. එමෙන්ම ඇතමුන් තවදුරටත් තමන් රූපවාහිනී සහ ගුවන්විදුලිය භාවිත නොකරන බවට සන්නද්ධ කැරලිකරුවන්ගේ නියෝග තු‍ණ්ඩු අනුව බැනර් සහ පුවරු නිවසේ ඉදිරිපිට ප්‍රදර්ශනය කර තිබිණි.

මේ අනුව රජයේ ගුවන් විදුලිය සහ රූපවාහිනිය හමුදා පාලනය යටතට ගැනීමට එජාප ආණ්ඩුව තීරණය කළේය. රූපවාහිනී ඇතැම් ප්‍රවෘත්ති නිවේදකයන් බවට පත් වූයේ හමුදා සෙබළුන් සහ සෙබළියන්ය. විශේෂයෙන්ම ගුවන් හමුදාවේ නිලධාරින් හා සෙබළු ඉන් මුල්තැනක් ගනු ලැබීය. ගුවන්විදුලිය සහ රූපවාහිනිය ප්‍රධාන සහ ප්‍රාදේශීය කාර්යාල වලට දැඩි ආරක්ෂාවක් යොදා තිබිණි. ජවිපෙ ඇඳිරි නීතිය පැන වූ දිනයන්හි රාජ්‍ය පාලනය මුළුමනින් අකර්මණ්‍ය විය. ලේක්හවුස් පුවත්පත්ද තහනම් කර තිබූ බැවින් රජයේ සියලු තොරතුරු ජනතාවට ගෙන ගියේ රූපවාහිනිය සහ ගුවන්විදුලිය මගිනි.

කැරලිකරුවන් ගේ තහනම් නියෝග නොතකා ගුවන්විදුලිය සහ රූපවාහිනිය ක්‍රියාත්මක කිරීමට සහාය දෙන නිලධාරීන් සහ මාධ්‍යවේදීන් දේශද්‍රෝහීන් ලෙස සලකා ඝාතනය කිරීමට තීරණය කරන ලදී. ‍

1923 වසරේ මාර්තු 23 දා කොටවිලදී උපත ලද තේවිස් ගුරුගේ මහතා 1943 වසරේදී ශ්‍රී ලංකා ගුවන්විදුලියට එක් වනවා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ දෙවැනි සිංහල නිවේදකයා බවට පත්වන්නේත් එතුමායි. එතැන් පටන් එතුමා පුරා වසර හතළිහක් පමණ පුරාව​ට ලංකා ගුවන්විදුලියට තම හඬ ලබාදෙමින්, “කම්කරු පැය”, “විසිපැන” වැනි වැඩසටහන් ගුවන් විදුලිය​ට හඳුන්වලා දුන්නා. ඉන්පසුව ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී නාලිකාව වුණු ස්වාධීන රූපවාහිනී සේවයේ නිසි බලධාරියා හැටියටත් පත්වීම් ලබන්නට එතුමාට හැකිවුණා. ගුවන් විදුලියට, රූපවාහිනී මාධ්‍යයට ඉමහත් සේවාවක් ක​ළ එතුමාගේ ජීවිතයත් කුරිරු ලෙසින් උදුරාගන්නට භීෂණය වැපිරූ දෑත් කටයුතු කළා. ස්වාධීන රූපවාහිනියේ නිසි බලධාරි සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති තනතුර මෙන්ම අධ්‍යක්ෂ ජනරාල් තනතුරද හෙබ වූ තේවිස් ගුරුගේ කැරලිකරුවන් විසින් ඝාතනය කළේ 1989 ජුලි 23 ය.

මේ භීෂණ සමය විසින් අපට අහිමි කළ කළාකරුවන් ,ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන් ගණන සුළුපටු නැත . ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රධාන ප්‍රවෘත්ති කර්තෘවරයා වූ කුලසිරි අමරතුංග වෙඩි තබා ඝාතනය කළේ 1989 අගෝස්තු මස 13ය.

1989 භීෂණ සමයේදීද එවැනි ලොමුදැහැගන්වන අතිශය දුෂ්ට පාපකර්මයක් බිනර මහේ සිදුවිය. එයද සිදු වූයේ කුසලතා පූර්ණ නව යොවුන් තරුණියකටය. ඇය රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදිකාවක හා රංගන ගායන ශිල්පිනියක වූ සාගරිකා ගෝමස් ය. භීෂණයේ රුදුරු ගිනිදැලින් ඇය වෙළාගන්නා විට 27 වැනි වියේ පසුවූවාය. රූපවාහිනී නිවේදිකාවක් වූ වරදට චාන්දනී සාගරිකා ගෝමස්ට ද අත් වූයේ මරණ දඬුවමය.

භීෂණ සමයේ ගුවන් විදුලි හා රූපවාහිනි මාධ්‍යවල රජයේ ප්‍රවෘත්ති කියැවීම පිටතින් සුන්දර දසුනක් වුවත් මරණයට අත වනන ‘දේශද්‍රෝහි’ ක්‍රියාවක් ලෙස අත්තවාදින්ගේ මතය විය. ඒ අනුව ඇයට ජීවිතය අහිමි විය.

ඇගේ සහෝදර මාධ්‍යවේදී රිචඞ්ද සොයිසාගේ නිසල සිරුරද හමුවූයේද මුහුදු වැල්ලේදීය. සමාජවාදී මත දරණ, නුහුරු විදියට සිංහල හසුරුවන, යුගාන්තයේ “මලින් කබලාන”; අපේ මතකයේ හොඳින් ම රැඳුණු චරිතයක්. මේ චරිතය නිරූපණය කරපු තරුණ රිචඩ් ද සොයිසාගේ, සිතුවිලිවල හරස්කඩක් කිව්වොත්, වඩාත් නිවැරදිය.

“ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත” සුභාෂිතයේ එන මේ කියමන බොරු කරවන, කලා ලෝකයේ මෑත අතීතයෙන් අපට හමුවන කෙනෙක් සිටි නම් , ඒ ප්‍රේමකීර්ති ද අල්විස් ය . ගීතයට, කවියට, කතාවට එක විදියට දක්ෂකම් දක්වපු ඔහුව ජවිපෙ කැරලිකරුවන් විසින් ඝාතනය කළේ 1989 අවුරුද්දේය . රජරට සේවයේ සිට කොළඹට පැමිණි ප්‍රේමකීර්ති විසින් සිදු කළ ප්‍රවෘත්තිමය වැඩසටහන සහ රූපවාහිනී සැරිසර වැඩසටහන එකල අතිශයින් ජනප්‍රිය විය. ප්‍රේමකීර්ති ගුවන්විදුලියේ සහන නිවේදකයකු ලෙස 1967 දෙසැම්බර් 17 බැඳුණු අතර ඝාතනය වන විට ප්‍රවෘත්ති සහ කාලීන වැඩසටහන් සම්පාදකවරයෙකි. එසේම ප්‍රේමකීර්ති අල්විස් සියලු හැකියාවෙන් පරිපූර්ණ මාධ්‍යවේදියෙකි.

1988 පෙබරවාරි 16 වෙනිදා ආදරණීය චිත්‍රපටි රංගන ශිල්පියෙක්, ගායකයෙක්, ගෞරවණීය දේශපාලකයෙක් වුණු විජය කුමාරතුංගයන් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරනු ලැබුවේ මුළු රටක් කම්පාවට පත් කරමිනි...

ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී ජනතා වියාපාරය මේ පුංචි දිවයිනේ සමනල්ලු දහස් ගණනින් මරා දැමුවෝය . ජනතා විමුක්ති පෙරමුණේ ජනතා වියාපාරය උගතුන් ,වියතුන් නළුවන් ,නිලියන් හා කවියන්,මාධ්‍යවේදීන් අමානුෂික ලෙස මරා දැමුවේ මෙරට බොරු විප්ලව වාදීන්ගේ හා පුස්සන්ගේ දේශයක් බවට පත් කොට සාමකාමී මිනිසුන් අහිමි පාළු මුසල දේශයක් කරන්නටය. අවසානයේ විප්ලවය විසින් රටට අහිමි කළේ මිළ කළ නොහැකි සම්පත්ය...

-පංචාලි

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

LPL තරඟාවලි​යේ ක්‍රීඩක වෙන්දේසිය අද

LPL තරඟාවලි​යේ ක්‍රීඩක වෙන්දේසිය අද

5 වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලි​යේ ක්‍රීඩක වෙන්දේසිය හෙට (21) පස්වරු​වේ කොළඹදී පැවැත්වෙනවා.

Connet With Us