ජනපති ජනතාවට වග වී ඇත්තද ? Featured

Friday, 05 November 2021 12:16

ශ්‍රීලංකාව තුළ මේ වන විට එන්නත්කරණයේ තුන්වන මාත්‍රාව ලෙස බුස්ටර් එන්නත ලබා දීම පසුගිය නොවැම්බර් පළමුවනදා සිට ආරම්භ කෙරුණා.

මෙහි පළමු පියවර යටතේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා මෙම එන්නත ලබා දෙන අතර එයට අමතරව ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක නිලධාරින් හා කොවිඩ් පාලන ක්‍රියාවලියේ ඉදිරිපෙළ පිරිස් සඳහා එන්නත්කරණය සිදු කෙරේ.

කොවිඩ් වයිරසයට එරෙහිව සටන් කිරීමට මිනිසාගේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කිරීමක් කොවිඩ් එන්නත හරහා සිදු කෙරේ. ඒ හරහා එම රෝගය වැළඳීම වළක්වා ගැනීම හෝ රෝගය වැළදී බරපතල අතට පත්වීම වැළක්වීම හෝ මෙමගින් සිදුවනු ඇත. කාලය ගතවෙත්ම එන්නතත් සමග ලැබෙන ප්‍රතිශක්තිය ක්‍රමිකව අඩුවෙමින් යන බව ඒ සම්බන්ධ විශේෂඥයන් අනාවරණය කර ගනු ලැබුවා.

එම නිසා එලෙස ප්‍රතිශක්තිය ක්‍රමිකව හීන වන කාලය පර්යේෂණ මගින් අනාවරණය කරගෙන එම ප්‍රතිශක්තිය යළි වර්ධනය කිරීමට ප්‍රාථමික කොවිඩ් එන්නත්කරණයෙන් පසුව තුන්වන එන්නත් මාත්‍රාවක් ලබා දීම නිර්දේශ කෙරෙණා. ඒ අනුව ''කොවිඩ් බූස්ටර් එන්නත'' ලබා දීම මේ වන විට ක්‍රියාත්මකව තියෙනවා. මෙය කොවිඩ් එන්නත සම්බන්ධයෙන් පමණක් නොව ලෝකයේ අනෙකුත් තවත් එන්නත් සම්බන්ධවද බහුලව ක්‍රියාත්මක වන කාර්යයක්.

ඒ අනුව ශ්‍රීලංකාව තුළ නැවතත් බුස්ටර් එන්නතක් ලබා දීමේ අවශ්‍යතාවය ගැන පසුගිය කාලය පූරා සෞඛ්‍ය වෘත්තිකයන් අදහස් දැක්වූ අතර එය ලබා දීමට කටයුතු කිරීමට වත්මන් ආණ්ඩුව යුහුසුළු වුණා. ඒ අනුවයි පසුගියදා මෙරට බුස්ටර් එන්නත්කරණය ඇරඹුණේ.

මේ පිළිබදව අදහස් පළකරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේ ලොව සීමිත රටවල් ප්‍රමාණයක් පමණක් තුන්වැනි එන්නතක් හෝ බූස්ටර් එන්නතක් ලබාදීමට ක්‍රියා කර ඇති පසුබිමක මෙරට ජනතාවට බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කිරිමට හැකි වීම රට ලැබූ ජයග්‍රහණයක් බවයි. විශේෂයෙන් මේ වන විට එවැනි එන්නත් වැඩපිළිවෙලකට යොමුව ඇත්තේ ලොව රටවල් දෙක තුනක් පමණක් යැයිද අමාත්‍යවරයා කියා තිබුණා. එසේම මෙරට එන්නත්කරණය පිළිබඳව රටෙහි සමස්ත ජනතාවටම නිහතමානීව සතුටු විය හැකියැයිද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා දැක්වූ අදහස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ,

''ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාවේදී පැහැදිලි තීන්දුවක් ගනු ලැබුවා නොවැම්බර් 01 දා සිට බූස්ටර් එන්නත ලබාදීම පිළිබඳව. එම එන්නත ලබාදීමේදී ප්‍රමුඛත්වය ලබාදෙන කණ්ඩායම් හැටියට, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු අයටත් එයට සහයෝගය ලබාදෙන ත්‍රිවිධ හමුදාවේ සියළුම පිරිස් වෙතත් , සංචාරක ව්‍යාපාරයේ යෙදෙන අය පිළිබදව අවධානය යොමු කරමින් සංචාරක ව්‍යාපාරයේ කණ්ඩායම්වලටත්, රටේ මුලීක ආදායම් මාර්ග හැටියට විදේශ විනිමය ලබාදීමේ ක්ෂේත්‍රයේ සිටින එම සියලු දෙනාටත් ක්‍රමානුකූලව ඉතිරි කණ්ඩායම්වලටත් අපි එම වැඩපිළවෙල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

එම එන්නත ලබාදීමේදී ත්‍රිවිධ හමුදාවේ කාර්ය මණ්ඩල සදහා ඒ ඒ අයතනයන් තුළම එන්නත ලබාදීමටත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අය වෙනුවෙන් සියලු සෞඛ්‍ය අංශ වලදීත්, අනෙකුත් පිරිස් වෙත ප්‍රමුඛත්වය අනූව එම ආයතනවලදිම හැකි පමණ එන්නත ලබාදීමේ වැඩපිළීවෙල ආරම්භ කෙරෙනවා. එන්නත්කරණ වැඩපිළීවෙලට සහයෝගය ලබාදුන් සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ ඇතුළු සියලු දෙනාටම ලබාදුන් සහයෝගය වෙනුවෙන් ප්‍රණාමය පුද කෙරෙනවා'' යනුවෙන්.

මේ වන විට මෙරට සමස්ත ජනගහනයෙන් 70% පූර්ණ එන්නත්කරණයට ලක් කර තිබෙනවා. එනම් අවුරුදු 30 ඉක්මවූ සියලු පිරිස් සඳහා එන්නත් මාත්‍රා දෙක ලබා දී අවසාන්ය. විවිධ සංකූලතා සහිත දරුවනට මෙන්ම අවුරුදු 12,15,18,19 වයස්හි දරුවනට එන්නත ලබා දීමටද රජය කටයුතු කරමින් සිටිනවා. පාසැල් මට්ටමේ සියලු දරුවනට හැකි ඉක්මනින් එන්නත්කරණය සිදුකර අවසන් කිරිම රජයේ බලාපොරොත්තුවයි.

එසේම මෙරටට ජනතාවට "බූස්ටර්" එන්නත ලබාදීමට තීරණය කිරිම ඉතා සාධනීය පියවරක් බව කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා ද සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවැති හමුවක දී පවසා තිබුණා. එම හමුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය ද එක්ව සිටි අතර ඇය සදහන් කර ඇත්තේ මෙරට ක්‍රියාත්මක ගෘහස්ථ ප්‍රතිකාර වැඩ පිළිවෙල අතිශය සාර්ථක බවත් එය ලෝකයටම ආදර්ශයක් බවයි.

කොවිඩ් වසංගතය ලොවෙන් තුරන් කළ හැකි එකම මෙවලම එන්නත්කරණය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් සත්‍යයයි. ඒ අනුව එම සත්‍යය සියලු රටවලටත් පිළිගැනීමට සිදුව තිබෙනවා. මන්ද මෙතක් කිසිදු විකල්පයක් මේ වසංගතයට සොයාගෙන නොමැති හෙයින් සහ එහි සාර්ථකත්වය පෙන්වා තිබෙන හෙයිනි.

තවමත් ලොව සැලකිය යුතු තරම් රටවල් ගණනාවක් එන්නත්කරණය මන්දගාමිව සිදු කරමින් පවතිත්දී අප රට මේ වන විට බුස්ටර් එන්නතකටද අත ගසා හමාර වීම මත ශ්‍රි ලංකාවේ එන්නත් ප්‍රගතිය ඉතාම සතුටුදායක මට්ටමක පවතින බව පක්ෂ පාට භේදයකින් තොරව පිළිගැනීමට සිදුවන සත්‍යයක් වී තිබෙනවා.

එය වෙනුවෙන් වත්මන් රජය හැකි උපරීම හැකියාවන් යොදාගෙන රටේ ප්‍රමුඛ කටයුත්ත ලෙස ගෙන කළ කාර්යභාරය කිසිවෙකුට ලඝු කළ නොහැකියි.
අප රටට එන්නත් ලබාගැනීමේ පැවැති දුෂ්කරතා මැඩලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලිකව පවා මැදිහත් වෙමින් රටට අවශ්‍ය එන්නත් ප්‍රමාණය ලබා ගැනීමට දැක්වූ කාර්ය ශුර බව ජනතාවට වගවන පාලකයකුට ආදර්ශයක් ලෙස කිසිදු කහටක් නැතිව පිළිගත හැකි සත්‍යයක්ම වේ.

-පංචාලි

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us