මෝඩි සහ ඩිමෝ

Sunday, 29 June 2014 05:30

යමුනා ගංතෙර යමුනා එනකං වගේ ඇස් කැඩෙනකං බලා ඉන්න මෝඩිගේ පින්තූරයක් දෙස බල බලා සිටි අරලියගහ මන්දිරේ පූසා කෑම කමින් සිටි ජනාධිපතිතුමාට කීවේ මෝඩිත් ඔබතුමා වගේ කන්‍යා ලග්නේ එක්කෙනෙක් කියාය. ඉතින් කියා ප‍්‍රතිචාර දැක්වූ ජනාධිපතිතුමාට පූසා කීවේ කන්‍යා ලග්නේ සේරම හොඳ කන්‍යාවෝ බවට පත්වුණොත් මරු වැඬේ බොස් කියාය. ජනාධිපතිතුමා කීවේ ආපෝ එහෙම වුණොත් මට වුණත් අපේ සමහර ප‍්‍රාදේශීය සභා සභාපතිලගෙන් සමාවක් ලැබෙන එකක් නැහැ කියාය. පූසා ඇසුවේ ඇත්තටම බොස් මෑන්ට මෝඩි මෝඩි කිව්වට තදවෙන් නැද්ද පුදුමයිනේ කියාය. ඒකෙ සිංහල තේරුම දැනගත්තොත් තද නොවෙන්න විදියක් නැහැ කී ජනාධිපතිතුමාගෙන් පූසා ඇසුවේ මේ යෝධයත් පුදනකොටම කාපි යකා කියලා දහතුන ඉල්ලන්නේ මොකද මේකත් උන්නැහේලගේ තවත් තෙලෙන්ගානාවක් කියලා හිතාගෙනද කියාය. මේ කතාවටත් සවන්දෙමින් ටීවී එකේ කාටුන් බල බලා සිටි ගිරවා ඇසුවේ ඇත්තටම ලංකාවත් ඉන්දියාවේ කෑල්ලක් වුණොත් මොකක් වෙයිද කියාය. පූසා හෙමිහිට කීවේ මොනවද ඉතින් අපේ ලොක්කත් ජයලලිතා අංක දෙක රඟදක්වයි කියාය. මෝඩිගේ සිකුරු උච්චවෙලාලූ කී ගිරවාට පූසා කීවේ අපේ ඩිමෝගේ සිකුරු උච්චවෙලා හුඟක් කල් කියාය. ඉඳියාප්පයක් රෝල් කර හක්කට දමා ගනිමින් සිටි ජනාධිපතිතුමාට පූසා කීවේ මේ යස්සයා ඔය දිව්රුම් දීම අස්සෙත් දහතුන ගැන ඇහුවලූ නේද, ඔය වගේ වෙලාවකදිත් අනුන්ගේ දහතුන මතක් කරන පොරක් අනාගතයේදී තව මොනව ඉල්ලයිද දන්නැහැ කියාය. මෑන් ප‍්‍රතිසංවිධාන ගැනත් අහලා තිබුණනෙ ඉතින් බොස් මොකද කිව්වේ කියා ඇසූ ගිරවාට ජනාධිපතිතුමා කීවේ මං ඉතින් වේලාසන මෙහේ ආපු කි‍්‍රෂ්ණලට සුෂ්මලට කියපු එකම මෝඩිටත් කිව්වා කියාය. ඉතින් ඕක දෙන්නම් කිව්වට කවදාවත් දෙන එකක් නෙමෙයිනේ, මේ වතාවේ හෙන ලෙඩක් වැටෙයිද දන්නෑ කියා ඇසූ පූසාට ජනාධිපතිතුමා කීවේ මිනිහෙක් දෙයක් ඉල්ලනකොට නැහැ බැහැ කියන්න අපේ දෙමව්පියෝ අපිට පුරුදු කරලා නැහැ කියාය. පූසා එතුමාගෙන් ඇසුවේ මෑන්ට අගෝස්තුවේ මෙහෙ එන්න කිව්වා නේද එදාට දහතුන ගැන ඕනෑවට වඩා අහන්න ගනියිද දන්නෑ බොස් එහෙම වුණොත් මොකද කරන්නේ කියාය. ජනාධිපතිතුමා කීවේ බලමු ඉතින් අගෝස්තු කියන්නේ ළමයි කවුඩෝ, මොනරු, නයි, වවුලෝ උඩ අරින කාලෙනෙ අපිටත් නයෙක් ඇරගන්න බැරිවෙන එකක් නැහැ කියාය. ගිරවා කීවේ බලාගෙන බොස් ඔය වගේ අමු ඬේන්ජරස් වැඩ කරන්න ගිහින් මෝඩි බොඩි එකත් එක්කම වවුලා ගලෝ ගනියි, එහෙම වුණොත් දෙමළ ජනයාට දහතුනෙන් දහයයි දෙන්න වෙන්නේ ප‍්‍රශ්නයක් නැද්ද කියාය. පූසා ඇසුවේ හරි ඉතින් සැප්තැම්බරයේ මෑන් ආවොත් මොකද කරන්නේ කියාය. සාහිත්‍ය මාසනේ කෙළින්ම බුක් ෆෙයාර් එකට එක්කගෙන යනවා කී ජනාධිපතිතුමාගෙන් පූසා ඇසුවේ ඇයි නුඞ්ල්ස් කවන්නද එහේ ගෙනියන්නේ කියාය. ජනාධිපතිතුමා ඒ කතාබහ නිමවා ලූම්බිණි විදුහලේ විවෘත කිරීමකට ගියේය. පූසා ගිරවාට කීවේ මෝඩි අනාගතයේදී මුදල් කළමනාකරණය සම්බන්ධයෙන් ගන්න යන තීන්දු වරදින බව ඉන්දියාවේ බමුණුදාස කෙනෙක් කියලා තියනවා කියාය. ගිරවා කීවේ අපේ ඩිමෝගෙත් මුදල් කළමනාකරණය පසුකාලීනව සෑහෙන්න අප්සට් ගියා ඒත් කවුරුවත් ඒක කෙළින්ම කියන්නේ නැහැ කියාය. කියන්නේ නැත්තේ මොකද කී පූසා එහෙනම් වීරවංස අයියා අම්බානට බනින්නේ කියා මතක් කර දුන් අතර ගිරවා කීවේ ඒත් ඉතින් පීබීටනේ, මිනිහා ආර්ථික ඝාතකයා කියලනේ රැවුල් අයියා කියන්නේ කියාය. පූසා කීවේ උඹ දන්න රෙද්ද එකේක ආර්ථික ඝාතකයන්ට එහෙම ඕනෙ විදියට ආර්ථිකය ඝාතනය කරන්න බැහැ රැවුල් අයියා ඔය බනින්නේ අපේ ඩිමෝට කියාය. ඔක්තෝබර් නොවැම්බර් වෙද්දී මෝඩිගේ තීරණ ගැනීමේ හැකියාව රාහු අවුල් කරලා දාන බවටත් අනාවැකි පළවෙනවා කී ගිරවාට පූසා කීවේ මෙහෙ ඉතින් එහෙම රාහු කෙනෙක් තාම පේන්න නැහැනේ කියාය. ගිරවා කීවේ අනේ අපි ඕවට නැහැ නැහැ කිය කිය ඉඳලා සෝභිත උන්නාන්සේවත් රාහුගේ වැඩේ කරයිද කියන්න බැහැ කියාය. අනතුරුව ගිරවා කීවේ චන්ද්‍රයයි රාහුයි එකතුවීමෙන් මෝඩි මාර අවුලකට යන බවත් හඳහනේ තියනවා කියාය. පූසා කීවේ අප්පට සිරි සෝභිත උන්නාන්සේට වටේ පිටේ චන්ද්‍රයෝ වගේ ඉන්න උනුයි, බාහු, සිරිතුංග, මනෝ, සම්බන්දන් වගේ ග‍්‍රහයොයි එක්කාසු වුණොත් ඩිමෝත් අවුලකට යන්න පුළුවන්. දැන් මොකද කරන්නේ කියාය. පූසා කීවේ වීරවංශ, රතන, පිංචක පරම්පරාවේ ඕපන් ස්ටේජ් ඩ‍්‍රාමා එකෙන් තරමක් දුරට ගොඩයන්න පුළුවන්ද කියලා අපේ එක්කෙනා බලනවා ඇති කියාය. ගිරවා කීවේ වැඬේ කියන්නේ මුංගේ නාට්ටිය දෙබස් පටිගත කළ එකක් නිසා හුඟක් වෙලාවට ඇක්ටිනුයි ඩයලොගුයි එකට යන්නේ නැති එකෙන් වැඩේ මාට්ටු වුණා වගේ කියාය. පූසා කීවේ කොච්චර වුණත් මුං බ‍්‍රැන්ඩෝලා කියලා ලොක්කා හිතං හිටියට මුනුත් නිකං ෆොන්සේකා ගාව ඉන්න ජාතියේ රඟපාන්න අමාරු නළුවෝ වගේ තමයි කියලා දැන් දැන් ඔප්පු වෙමින් තියනවා කියාය. ගිරවා කීවේ මෝඩි සිනමාවට ආවා නම් අතිදක්ෂ අධ්‍යක්ෂවරයෙක් වෙනවා කියලත් හඳහනේ තිබිලා තියනවා කියාය. පූසා කීවේ මෝඩිට, ඩිමෝට වගේ දේශපාලනයටයි සිනමාවටයි දෙකටම එකපාර එන්න හැකියාවක් තියෙන්න නැතුව ඇති කියාය. මෝඩි නළුවෙක් නම් නොවිය යුතුයි කියලත් හඳහනේ තිබිලා කී ගිරවාට පූසා කීවේ ඒ අතින් නම් අපේ ඩිමෝට ගහන්න ඇක්ටර් කෙනෙක් තාම ඉපදිලා නැහැ කියාය. පූසා ඩබල් එකේම මතක් කළේ මනේකා ගාන්ධි මං ඔබේ රසිකාවියක් කියලා අපේ ජනාධිපතිතුමාට කියලා තිබුණා කියාය. ගිරවා දුක්බරව කීවේ ඒත් අන්තිමට කාටත් මෝඩිගේ රසිකයන් වෙන්න වෙනවා කියාය.

ඇමතිවරු 45ක් පත් කළ එකෙන් මෝඩිට ජනතාව ගැන තියන උනන්දුව අඩු බව පෙනුණා කී පූසා හතළිස්පස් දෙනෙක් කෝටි 125ක් ගැන බලන එක කරන්න බැරි වැඩක් කියා කීවේය. අනතුරුව ඌ කීවේ ඉන්දියාවේ ජනගහනය ලංකාවේ හිටියා නම් අඩුම වශයෙන් ඇමතිවරු හයදාස් දෙසිය පනහක්වත් පත්කර ගන්න වෙනවා කියාය. පූසා වැඩිදුරටත් කීවේ මෝඩිට උපන් වෙලාවක් නැතත් හඳහන් තුනක් තියනවා ඒකයි මේ වගේ අපිට හිතාගන්න බැරි ජාතියේ වැඩකරන්නේ කියාය. ගිරවා කීවේ ඒකට අපේ බොසා මොන නැකතක උපන්නද කියලා මෙලෝ යකෙකුට කියන්න බැහැ කියාය.

ජනාධිපතිතුමා ලූම්බිණි විදුහලේ විවෘත කිරීමට ගොස් ආපසු ආවේය. එහිදී බන්දුල ගුණවර්ධන කියා තිබුණේ තමන් තරුණ කාලේ සම්බන්ධ වූ උමතුසං වරුසාව කියන නාට්‍යයට අනුව උමතුසං වරුසාවේ තෙමෙන ඕනෑම කෙනෙකුට මාර පිස්සුවක් හැදෙනවා කියාය. ජනාධිපතිතුමා ගෙට ගොඩ වුණෙත් ටිකක් තෙමී ගෙනය. එතුමා කෙළින්ම ගේ තුළට ගිය අතර මෝඩිගේ ට‍්‍රාන්ස්පේරන්සි, ගුඩ් ගවනන්ස් ආදී මාතෘකාවල පූසාත් ගිරවාත් හිරවී සිටියහ. මහා වැස්ස වැස්සේය. ගේ ඇතුළෙන් එකවිටම අමුතු කටහඬක් ආවේ ඔය උමතු සං වැස්සෙන් වතුර බාල්දියක් අරන් තියපල්ලා කියාය. ඒ මොකටද බොස් කියා ඊළ`ගට කවුද බත්බැලයකු අසන හඬ ඇසුණි. බොස් නමැත්තා අනතුරුව භයානක කටහඬකින් කීවේ මෝඩි ලංකාවට ආපු දවසට ඒකෙන් නාවලා ගන්න කියාය.

(Ravaya)

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us