අනුරගේ ප්‍රජා අයිතිය නැතිකරනවාට වැඩියෙන් කැමති ජෙප්පෝය Featured

Tuesday, 16 February 2021 11:45

ජවිපෙ හාර්ඩ්කොර් සාමාජිකයන් නැති නම් ෆුල් ටයිම් වෘත්තීය විප්ලවාදීන් ලෙස ඉතිරිව සිටින කණ්ඩායම තවමත් සිතා සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ කවදා හරි මේ රටේ සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කරවන බවය.

ඔවුන් ඒ වෙනුවෙන් තමන්ට කළ හැකි ඕනැම කැපකිරීමක්, දෙවරක් නොසිතා ජීවිතය වුව පුද කිරීමට තරම් අවංකයෝ වෙති. මේ පිරිස හැරුනාම පාර්ට් ටයිම් විප්ලවවාදී පිරිසක්ද සිටී. ඒ අය ෆුල් ටයිම් කණ්ඩායම සේම අවංක වෘතයක් රකින නමුත් ඕනෑම කැපකිරීමකට සූදානම් නැත. ඒ අයට වෙන වැඩ තිබේ. ඒ වැඩ අතර ලැබෙන ඉස්පාසුවකින් ජවිපෙ දේශපාලනයෙහි යෙදෙන්නන් වේ. සාමාන්‍යයෙන් ඔරිජිනල් ජෙප්පෝ කියන්නේ මේ පිරිසටය. මීටත් අමතර ෆේස් බුක් විප්ලවාදී නඩයක්ද සිටී. ඔවුන් මූලිකවම ෆුල් ටයිමර්ස්ලාගෙන් සහ පාර්ට් ටයිමර්ස්ලාගෙන් වෙනස් කණ්ඩායමකි. ෆේස් බුක් අවකාශය තුළ ජවිපෙ වෙනුවෙන් මරාගෙන මැරෙන්න සුදානම් වූවත් හැබෑ ජීවිතයේදී තමන්ටවත් මොවුන් අවංක නොවෙති. නමුත් ජවිපෙ ප්‍රචාරක යාන්ත්‍රණය පවතින්නේ එම කණ්ඩායම මත වේ. මේ අය ජවිපෙ සමාජ විප්ලවය කිරීම කෙසේ වෙතත් මන්ත්‍රීකමකින් වුව සෑහීමකට පත්වන තරමේ පිරිසකි. ඔවුන්ට අවශ්‍ය වන්නේ තමන් විප්ලවාදීයිය,රැඩිකල්ය ආදී වශයෙන් පවසා තමන්ගේ ශාරීරික සහ මානසිකත්ව අඩුපාඩු වසාගැනීම වෙනුවෙන් තමන් ජේවීපී කියා පෙන්වා සිටීමේ අවස්ථාව උදාකරගැනීම පමණය. රෙද්දක් ඇඳන් සමාජය හමුවේ පෙනී සිටින්න නම් මන්ත්‍රී ධුරයක්වත් ජවිපෙට තිබිය යුතු බව ඔවුන්ගේ හැඟීමය. මන්ත්‍රීකම්, ඡන්ද, අඩු වැඩි වෙනකොට මේ පාක්ෂිකකමත් ඒ අනුව සෙලවේ. ජවිපෙ කියන පක්ෂයේ අද මුලික සැකසුම මේ කණ්ඩායම් තුන මගින් ගොඩ නගාගෙන තිබේ.

එතැනින් පිටස්තර පිරිසකුත් ජවිපෙට සම්බන්ධ වන නමුත් ඒ කාලෙන් කාලෙන නිතර වෙනස් වන පිරිසකි. ඒ ජවිපෙ විසින් මිනිසුන් ඇන්ඳීමට දක්ෂ වන ප්‍රමාණය අනුව එකතුවෙන හා තමන් ඇන්දුනා යැයි දැනගත් විට ඉවත් වෙන පිරිසකි. විටින් විට ජවිපෙ වෙනුවෙන් සහය පළකර සමාජ මාධ්‍ය අවකාශ වල දැන්වීම් දමන්නේ මේ පිරිසයි. පසුව මේ අය අතරින් වෙන පක්ෂ පස්සෙන් වැටී සිටින අයද හමුවේ. ජවිපෙ සියයට තුන හැමදාම රැදී තිබෙන්නේ මේ නිතර යන එන පිරිස නිසාය. නැතිනම් සියයට එකක්වත් නැත.

කවුද විජේවීර කියන්නේ ?

කොහොම නමුත් මේ පිරිස් තමන් විප්ලවවාදීන්ය කියන ලේබලය සහිතව සිටීමට ආසා කිරීම පොදු කරුණකි. මේ පිරිස් මෑතක සිට මුහුණ දෙන විශාල අර්බුදයක් නිර්මාණය වී තිබේ. ඒ තමන් ආසා කළ විප්ලවවාදී කෑල්ල තවදුරටත් නඩත්තු කරගෙන සිටීමට නොහැකි තරමට ජවිපෙ දේශපාලනය අඤ්ඤකොරොස් වීමය. කොටින්ම දැන් ජවිපෙ නායකයන් වැරදිලාවත් සමාජ විප්ලවය ගැන කතා කරන්නෙ නැත. ඔවුන්ගේ දේශපාලන භාෂාවේ සමාජවාදය, කොමියුනිස්ට්වාදය හා බැඳුනු දැනුම හුවමාරු වන්නේම නැත. දේශපාලන සමාජ සංස්කෘතික හෝ ආර්ථිකමය ක්ෂේත්‍රයේ වන වාමාංශික කතිකාව තුල දැන් ජවිපෙ නැත. සාමාන්‍යයෙන් වාමාංශික ව්‍යාපාරයන් නිතරම සමාජ දේශපාලනික ආර්ථික සංස්කෘතික විග්‍රහයක් සමඟ අලුත් දැනුමක් අලුත් ක්‍රියාකාරිත්වයක් සමාජයට ගෙන එම සිදු කළද පෙර යුගවල හරි හෝ වැරැදි හෝ වේවා එහි ඉදිරියෙන්ම සිටියේ ජවිපෙයයි. එහෙත් අද ඒ ජවිපෙ නැත. ඔවුන් පිළිගන්නවාය කියපු මාක්ස්වාදය, ලෙනින්වාදය හෝ ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ දැක්ම ගැන හෝ නිකම් දොඩවන්න හරි ප්‍රාමාණික දැනුමක් සහිත පක්ෂ නායකයන් හෝ දැන් සොයා ගන්නත් නැත. කවුද විජේවීර කියන්නේ ? කියා ඇසුවොත් උත්තර දෙන්න දන්නේ නැති ජවිපෙ සාමාජිකයන් අද සිටිනවා කිව්වොත් කවුරුත් පුදුමයට ලක්විය හැකි නමුත් ඇත්ත එයය.

ජවිපෙ සංවාද තුල දැන් තිබෙන්නේ.. අරූ හොරා, මූ හොරා, යනුවෙන් තවකෙකුට ගහන අවලාදාත්මක ප්‍රහාරයන්ය. එසේම නිතරම කබරගොයත් තලගොයා කරගන්නා අවස්ථාවාදී දේශපාලන මැදිහත් වීම් නිතර දකින්නට ලැබේ. ඊටත් වඩා මෑත කාලීනව එල්ලවන ලොකුම චෝදනාව වන්නේ එහි නායකයන් මුදල්/වරප්‍රසාද මත පදනම්ව කරන දේශපාලන ගනුදෙනු නැති නම් ඩීල් ගැන වන චෝදනා ගොන්නය. ව්‍යපාරිකයන් බයකර කප්පන් ගැනීමත් ඒ නොලැබුණොත් ව්‍යාපාරිකයාව කුඩුපට්ටම් කර දැමීමේ කතන්දරද රැසක් තිබෙන අතර ඒද අයත් වන්නේ අර ඩීල් දේශපාලනයටමය. ජවිපෙ දේශපාලනය අද පවතින තත්වය ඔහොමය.

යහපාලනයේ පෙරමුණේ රාළ

එහෙත් හැම ගහකටම කොට කොටා ගිය කොට්ටෝරුවා අන්තිමට කෙහෙල් ගහග කොටා හොට පටලවා ගත්තා සේ දැන් ජවිපෙ ද හොට පටලවාගෙන තිබේ. ඒ පහුගිය යහපාලනය නම් ජාත්‍යන්තර කෙමන අටවාගෙන දේශපාලන පළිගැනීම් කිරීම වෙනුවෙන් එහි පෙරමුණේ රාළ ලෙස ක්‍රියාත්මක වීම නිසාය. මේ අර ඩීල් දේශපාලනයේ අනිසි ප්‍රතිපලයය. මේ හේතුව මත ජවිපෙ නායකයාගේ ප්‍රජා අයිතිය නැති කරන්න හදනෝයි කියමින් අඳෝනා නඟන ජෙප්පන්, මේ යහපාලන අශුද්ධ සන්ධානයට ජවිපෙ එක්වී සිටීම ගැන මීක් නැත.

දැන් ඇත්තටම සමාජවාදී සිහිනයේ තවමත් සිටින ජවිපෙ සාමාජිකයා සිටින්නේ මේ අනතුර නිසා තමන්ගේ නායකයා වෙච්චි අනුර කුමාර දිසානායකගේ ප්‍රජා අයිතිය අහිමි වීම සියසින් දැකබලා ගැනිමේ මොහොත එළඹෙන තෙක්ය. එහෙම කිව්වාම අවුල් වගේ වුණාට ඇත්ත ඒකය. අනුර කුමාර සහ ඔහුගේ බත් බැල කණ්ඩායම අනුරගේ ප්‍රජා අයිතිය රැකැනීම වෙනුවෙන් මහා උද්ඝෝෂණයකට සූදානම් වූවද එයට පක්ෂයේ සාමාජික බහුතරය සහභාගීකරවා ගැනීමේ අර්බූදයක් හටගෙන ඇත්තේ ඒ නිසාය. මේ නිසාම එම ප්‍රචාරක කටයුතුවලට හෝ උනන්දුවක් සමාජ මාධ්‍යවලවත් පෙනෙන්නට නැත. රැස්වීමක් සංවිධානය කරගැනීමත් ගැටළුකාරී වී ඇති අතර රට පුරා පවත්වනු ලැබූ රැස්වීම් මාලාවලටත් එකම පිරිසක් ගෙන්වා ගැනීමට සිදුව තිබිණි.

කුලියට තමා වැඩ

මේ තත්වය ඇතිවීමට හේතුව වූයේ ජවිපෙ නැමැති දැවැන්ත දේශපාලන පෞර්ෂයක් තිබුණු දේශපාලන පක්ෂය ඩීල් මත යැපෙන නායක කල්ලියකගේ මන් දොල සපුරන, බඩගෝස්තරය සොයාදෙන, තුට්‍ටු දෙකේ පජාත පක්ෂයක් දක්වා ඉතා වේගයෙන් රැගෙන ගියේ අනුරගේ නායකත්වය යටතේ යැයි ජවිපෙ ඉතිරිව සිටි බහුතර සාමාජිකත්වයත් දැන් කල්පනා කරන නිසාය. එය පදනමක් ඇති කල්පනාවක් වන්නේ පක්ෂයේ පතාක චරිතයක්ව සිටි විමල් වීරවංශ ඇතුලු ජනප්‍රිය චරිත ගනනාවක් පක්ෂයෙන් පන්නා දැමීමට කුමන්ත්‍රණය කළේත් අනුර නිසාය. එසේම පසු කාලීනව පක්ෂයේ වූ බරපතලම දෙකඩ වීම වූ කුමාර් ගුණරත්නම් ඇතුලු කණ්ඩායම පක්ෂයෙන් පන්නා දැමීම සිදු කෙරෙනුයේද අනුරගේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් නිසා බව හෙළිදරව් වීමත් නිසාය. ඒ අතරින්පතර අනුරගේ නායකත්වය නොපිළිගන්නා එයට විවේචන ගෙන එන සියලූම පිරිස විටින් විට පක්ෂයෙන් නෙරපනු ලැබුවේ අනුරගේ මැදිහත් වීමෙනි.

 

සැප නැතිනම් කරනවාද දේශපාලනේ

එසේම පසුගිය 2010,2014 ජනාධිපතිවරණ වලදී එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීම හා එහිදී විශාල ලෙස මුල්‍යමය ප්‍රතිලාබ ලබාගැනීම ගැන ද කතන්දර රැසක් හෙළිව තිබිණි. ඒ වෙනුවෙන් රනිල්ගේ නායකත්වය සහ එජාපයේ ආණ්ඩු බලය රැකදීමට ජවිපෙ නායකයන් වෙහෙසුණු හැටි රටම දැක්කේය. ජවිපෙ පක්ෂ නායකයන්ගේ දූ පුතුන්ට විදේශගත අධ්‍යාපනය ලබාදීමට තරම් මේ නායකයන්ගේ පෞද්ගලික ජීවිත සුඛිත මුදිත වී තිබිණි. ඔවුන්ගේ දේපොළ රැස්කිරීම් ගැනද සුඛෝපභෝගී ලෙස ජීවිතය ගතකිරීමත් ගැනද හෙළිවන විට, පක්ෂ සාමාජිකයාට තමන්ගේ ජීවිතයේ සියලු කැප කිරීම කරමින් සමාජවාදී විප්ලවයක් ගැන විශ්වස කරමින් පක්ෂය වෙනුවෙන් කඹුරන්නට වී තිබීම ගැන පක්ෂය තුලම කසුකුසු මතු විය. එහෙත් පක්ෂ නායකයා ගොඩනගා ගෙන තිබෙන විශාල ඒකාධිපති බලය හමුවේ කිසිවෙකුට පක්ෂ නායකයාට විවේචනයක් හෝ කිරීමට නොහැකි විය. නමුත් දිනෙන් දින සාමාජිකයන් ඉවත්විය. සමාජ විප්ලවයක් ගැන තියෙන අවංක බලාපොරොත්තුව නිසාත් වෙන යන්න තැකුත් නැති නිසා පක්ෂයට වී සිටින පිරිසක් සහ නායකත්වය ලෙවකා විසිකරන කටුවක් හෝ ඇහිඳ කෑමේ අපේක්ෂාවෙන් සිටින තක්කඩියන් පිරිසක් පමණක් අදටත් මේ පක්ෂය සමඟ ඉතිරිව සිටී.

අනුරගෙන් පක්ෂය බේරාගැනීම

කොහොම හරි අනුරගේ ප්‍රජා අයිතිය තහනම් කරනවා යැයි ආරංචිය ලැබුණු සැනින් වඩාත්ම සතු‍ටු වූයේ මේ අවංකයන් පිරිසයි. මොකද යළි පක්ෂය තක්කඩි නායකයන්ගෙන් සහ වුන්ගේ බත් බැලයන්ගෙන් නිදහස් කරගෙන තමන් විශ්වාසකරන වාමාංශික දේශපාලන මාවතට ගැනීම සඳහා ඉන් අවස්ථාවක් ලැබෙන බැවිනි. පක්ෂය නව නායකත්වයක් යටතේ විප්ලවාදී වාමාංශික පක්ෂයක් ලෙස ගොඩනැගීම අවංක ජවිපෙ සාමාජිකයාගේ සිහිනය වී තිබේ. ඊට බාධකයක්ව තිබෙන්නේ නායක අනුර සහ එම බත්බැල නඩයයි. අනුරගේ ප්‍රජා අයිතිය අහෝසි කෙරුණු විට පාර්ලිමේන්තු මන්ත්‍රී කමෙන්ද පක්ෂ නායකත්වයෙන්ද සියලු දේශපාලන කටයුතු වලින්ද ඔහුට ඉවත් වීමට සිදුවනු ඇති අතර ඔහුගේ බල බි‍ඳෙනුද ඇත. එම අවස්ථාව නැවත පක්ෂය ගොඩනැංවීම වෙනුවෙන් යොදාගත යුතු බවට පක්ෂයේ සමාජවාදී කොටස් දැනටමත් සාකච්ඡාවක නිරතව සිටින බව දැනගැනීමට තිබෙන අලුත් තත්වයයි.

-අලුත් සගයා

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us