සජිත් සමඟ එජාපය, රට කොහෙටද ගෙනයන්න හදන්නේ..? Featured

Tuesday, 02 July 2019 18:09

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බව ඇමැති මංගල සමරවීර කරන ප්‍රකාශයෙන් පැහැදිය.. සජිත් ප්‍රේමදාස ‍තෝරා ගැනීමේ මූලික හේතු දෙකක් ගැනද ඔහු අවධාරණය කර ඇත. ඒ අනුව ජනාධිපති අපේක්ෂකයා එජාපයේම කෙනෙකු විය යුතු බවත්, ඔහුට දිනන්න හැකි විය යුතු බවත්ය. ඒ සාර්ථක හේතු දැක්වීමකි. ඒ බලාපොරොත්තු සපල කර ගැනීමේ හැකියාවද තිබෙන බව එජාප නායකයන් මෙන්ම පාක්ෂිකයන්ද විශ්වාස කරනු ඇත.

එහෙත් එජාපයේ සාමාජිකයාගේ හිතවතාගේ ඡන්දයෙන් ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කළ හැකි නොවේ. අපට අවශ්‍ය වන්නේ එජාප ජනාධිපතිවරයකු නොවේ. රටේ සමස්ථ ජනතාවට අවශ්‍ය නායකයෙකි. ඒ සමස්තය ගැන නොසිතා රටකට ජනාධිපතිවරයකු පත් කර ගැනීමේදී සැලකිය යුතු ප්‍රධාන කරුණු මෙතරම් ප‍ටු තැනකලා ගැනීමට මංගල සමරවීරට සිදුව තිබීම කණගා‍ටුදායකය. විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන වැන්නකු ජනාධිපතිධුරයට පත්කර ගැනීම නිසා විඳින්නට සිදුව තිබෙන විකාරසහගත තත්වය ගැන ඉතා හොඳ අවබෝධයක් තිබෙන මංගල වැන්නකු මේ කතාව පැවසීම වඩාත් කණගා‍ටුදායක සිදුවීමකි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව මීළඟට පත්වන ජනාධිපතිවරයා සතු බලතල වත්මන්ටත් වඩා අඩු වීමට නියමිතය. ඒ යම් අස්වැසිල්ලකට කරුණක් වන නමුදු ඒ නිසා ජනාධිපති තනතුරට ඕන ගොබ්බයකු පත් වූවාට කමක් නෑ වැනි අදහසක මංගල හෝ එජාප නායකත්වය පසුවන්නෙ නම් ඒ බරපතල වැරද්දක් වනු ඇත.

යූ එන් පි කාරයන්ගේ මානසිකත්වය දේශපාලන අභිලාශය ගැන හිතා සජිත්ව ජනාධිපති අපෙක්ෂකයා ලෙස පත් කර ගැනීම ජයග්‍රහණයට හේතුවක් බව කල්පනා කරන විට සජිත් රටේ ජනාධිපතිවරයා බවට පත් කර ගැනීමෙන් රටේ වුවමනාවන්ට රටේ ජනතාවගේ අභිලාශයන්ට සිදු විය හැකි අනතුර ගැන කල්පනා කිරීම මෙහිදී මඟ හැර තිබෙන බව පැහැදිලිය. හණ මිටි අදහස් සහිත ගොත්‍රික පන්නයේ පාලකයන් නිසා රටට සිදුව තිබේන් විපත ගැන මෙහිදී අනිවාර්යෙන්ම කල්පනා කළ යුතුය. ජනප්‍රිය වාදී මත ඔස්සේ දේශපාලන තීන්දු ගැනීමට රටකට නායකයන් අවශ්‍ය නැත. වඩා නිවැරදී ඉදිරිගාමී තින්දු ගැනීමට සිහිබුද්ධියක් සහිත කොන්ද පණ ඇති නායකයක් මේ රටට අවශ්‍ය මොහොතක ඒ හැකියාව ඇති පක්ෂයක් ප‍ටු වුවමනාවක් වෙනුවෙන් පහසු තීන්දුවක් ගැනීම මේ රටේ සිහිබුද්ධියක් ඇති ජනතාව කිසිසේත්ම අපේක්ෂා කරන්නෙ නැත.

ඒ කොහොම වුණ්ත් සජිත් සිය දේශපාලන ඉතිහාසය පුරා කළ කී දෑ අනුව ඔහුගේ අනාගත දේශපාලන හැසිරීම ලෝක විහිලු සපයන චරිතයක් වනවා විනා වෙනකක් වීමට ඉඩක් නැත. එය එසේ නොවන බවට මංගලට හෝ එජාප නායකත්වයට සහතිකයක් දීමේ හැකියාවක්ද පැහැදිලිවම නැත. සජිත්ගෙ දේශපාලන සහ සමාජ සම්බන්ධතා යනු රනිල් මංගල විරෝධය කුළුගන්වන මෙන්ම නූනතත්ව විරෝධී පටු ස්ථාවරයන්ය. රැල්ලට ගසා ගෙන යන්නෙකිල තවත් අයගේ රූකඩයකි. 2015 දී රාජපක්ෂ රෙජීමය පෙරළා දමා වඩාත් නුතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් වෙත වත්මන් රට එක අඩියක් හෝ ඉදිරියට තැබුවා නම් සජිත් සමඟ සිදු කළ හැක්කෙ නැවත පසු පසට අඩියක් තැබීම පමණකි. එසේ නොවෙන්නට නම් සජිත් ජනාධිපති පු‍ටුවට වී බකන් නිලාගෙන සිටිය යුතුය. එහෙත් එහෙම වන්නේ නැත. සිරිසේනව යම් තාක් දුරකට මෙල්ල කර ගත්තද සජිත්ව මෙල්ල කරන්නට ඇති අවස්ථාව ඉතා අවමය. එසේ කරන්නට ගිය හොත් එජාපයම නැවත දෙකට තුනට කැඩෙනවා මිසක් සිරිසේනට එදිරිව සිටියාක් මෙන් එජාප ආණ්ඩුවට ජනාධිපති සජිත්ට එදිරිව සිට ගත නොහැක. එය තවත් අනතුරුදායක වන්නේ සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා වශයෙන් සිටියදී එජාප නායකත්වයද ඔහුට හිමිවන තත්වයක් තුලදීය. එජාපයේ බලය පවතින විට රාජ්‍ය නායකත්වයට පත්වන්නා නිතැතින්ම එජාපයේ නායකත්වයට පත් වීම එජාප ව්‍යවස්ථාව අනුව සිදුවේ.

මේ ගැටළු කලමණාකරනය කර ගනිමින් රටට ඉදිරි දැක්මක් සහිත නූතන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කර ගැනීමට එජාපය සමත්වනු ඇතැයි කල්පනා කළ නොහැක. රනිල්ට එරෙහිව එජාපයේ නායකත්ව අර්බූධය මෙහෙයවනු ලැබූ බලවේග තවමත් සජිත් සමඟ සිටී. ඔවුන්ගෙ දැවැන්ත බලපෑමක් රනිල් මංගල චම්පික රාජිත වැනි ඉදිරිගාමී දේශපාලන දැක්මක් සහිත නායකයන්ට පැහැදිලි අභියොගයක් එල්ල කරනු ඇත. සජිත් වාදීන්ගේ පාලනයට එජාප ආණ්ඩුව යටපත් කරනුද ඇත.

එක්සත් ජාතික පක්ෂයට තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් වැනි දේශපාලන ගොබ්බයකු ‍තෝරා ගැනීමට සිදුව තිබෙන්න‍ෙ පක්ෂය අද වැටී තිබෙන බංකොළොත් තැන නිසා විය හැකිය. ප්‍රතිවාදී අපේක්ෂකයා ලෙස පොහොට්‍ටුවේ ගෝඨාභය රාජපක්ෂ වැනි සජිත් පන්නයෙම ජනප්‍රිය පුද්ගලයකු ‍තෝරා ගැනීම ද සජිත්ට අවස්ථාව ලැබීම ට බරපතල හේතුවක් ද විය හැකිය.
ඒ කොහොම වෙතත් පක්ෂ දේශපාලනයේදි කෙසේ හෝ රාජ්‍ය බලය ලබා ගැනීමට උත්සහ කිරීම වරදක් නොවේ..පක්ෂ දේශපාලනයේ මූලික අරමුණ එයය. එහෙත් එසේ කියා රටේ ජනතාවගේ දේශපාලන අභිලශයන් නොතකා හැර ලබන ජයග්‍රහණයකින් වැඩක් වන්නේ නැත. දේශපාලනය විය යුත්තේ පවතින ජරා ජීර්ණ තැන් වලින් රටත් ජනතාවත් ගොඩදමා වඩා යහපත් තැනකට ගෙන ඒමය. ඒ අසීරුතාවයන් නොතකා රනිල්ලා මංගලලා කියන්නෙ එලෙස දේශපාලනයේ උඩුගම් බලා පිහිනපු දේශපාලනඥයන්ය. ජනප්‍රිය නොවන දේශපාලනයෙහි නිරතව ඒ ජයගත් අයය. එහෙව් අය මේ යටිගම් බලා පිහිනීමට තීරණය කිරීම මේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කල්පනා කරන විට රට තවත් වළපල්ලටම යවන ‍තෝර ගැනීමක් වීමේ සම්භාවිතාව අතිශයින්ම ඉහළය.

මේ හේතුව නිසා එජාපය අද මේ ගන්නා තීන්දු තීරණ වල වගවීම වෙනදටත් වඩා බරපතල බව එජාපය මතක තබා ගත යුතුය.

Last modified on Tuesday, 02 July 2019 18:10

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us