අපරාධ අඩුකරගන්නට පුළුවන් මෙහෙමයි

Sunday, 04 October 2015 11:33

කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශ ප්‍රධානි
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එස්‌.ටී. හෙට්‌ටිගේ

අපේ රටේ සිදුවන අපරාධ අඩුකර ගැනීම සඳහා මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළ යුතු යෑයි ප්‍රබල හඬක්‌ නැගෙමින් පවතී. සේයා සදෙව්මි දැරිය ඝාතනය වීමත් සමඟ යළි සමාජයේ කතාබහට ලක්‌ වූ මෙම මතයට එරෙහිව අදහස්‌ පළකරන්නන් කියා සිටින්නේ පුද්ගලයකුගේ ජීවිතය විනාශ කර අපරාධ අවම කළ නොහැකි බවය.

අපේ රටේ අපරාධ බහුල වීමට බලපෑ පසුබිම සොයා බලා එම පසුබිම නැති කිරීමෙන් මිස අපරාධ මැඬලිය නොහැකි බව පවසන කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජී. එස්‌. හෙට්‌ටිගේ අපරාධයක්‌ සිදුවූ පසු නීතිය ක්‍රියාත්මක කිරීමට දක්‌වන උනන්දුවට වඩා අපරාධයක්‌ සිදුවීම වළක්‌වා ගැනීමට අවධානය යොමු කළ යුතු බවද අවධාරණය කර සිටී.

අපරාධ සිදුවීම වළක්‌වාගැනීම සඳහා අපේ රටේ නගර හා ගම් මට්‌ටමෙන් ක්‍රියාත්මක වන ආයතන ගණනාවක්‌ තිබුණත් අපරාධ සිදුවීම අඩුකරගැනීමට නොහැකි වී තිබෙන්නේ ඇයි?

මේ අපරාධ සිදුකරන අය සමාජයෙ ඉන්නෙ හැංගිලා නෙමෙයි. ඇතැම් අපරාධකරුවො අවුරුදු තිහ හතළිහක්‌ තරම් කාලයක්‌ ගමේ නගරයේ සාමාන්‍ය මිනිස්‌සු අතර ගැවසුණු අය. සමාජයේ අනිත් අය මේ අපරාධකරුවන්ගෙ විකෘති ස්‌වභාවය නොදකින්න හේතුවක්‌ නෑ.

මේ කාමතුරයින්ගෙන් අපේ කුඩා දරුවන් කාන්තාවන් ආරක්‌ෂා කරගැනීම සඳහා මහජන මුදලින් නඩත්තු වන විශාල නිලධාරි පිරිසක්‌ අපේ රටේ ඉන්නවා. අපරාධ වැළැක්‌වීම සඳහා කටයුතු කරන ආයතන රැසක්‌ අපේ රටේ තියෙනවා. සිවිල් ආරක්‌ෂක කමිටු වැනි ගම් මට්‌ටමෙන් ක්‍රියාත්මක වන ආයතන තියෙනවා. සමථ මණ්‌ඩල තිබෙනවා. අපරාධ වැළැක්‌වීම සඳහා මෙබඳු සංවිධානාත්මක වැඩපිළිවෙළක්‌ තිබෙනවිට අපරාධකරුවෙකුට සමාජයේ හැංගිලා ජීවත් වෙන්න බෑ. නමුත් අපරාධකරුවන්ගෙන් වර්තමාන සමාජයට සිදුවන හානිය අඩු කරගැනීමට නොහැකිවීමට එක හේතුවක්‌ වන්නේ අපරාධ වළක්‌වාගැනීමට ක්‍රියාත්මක වන ආයතනවල කාර්යක්‌ෂමතාව හීනවීමයි.

මත්ද්‍රව්‍ය, මත්කුඩුවලට ඇබ්බැහි වූ සහ සංවිධානාත්මක අපරාධ සිදුකරන පුද්ගලයින් කලින් හඳුනාගෙන ඔවුන් පිළිබඳ ක්‍රියාත්මක වීමේ වැඩපිළිවෙළක්‌ අපේ රටේ නෑ. අපරාධකරුවා කියන්නෙ විකෘති මානසිකත්වයක්‌ තිබෙන පුද්ගලයෙක්‌. ඔහු සමාජයට හානියක්‌ වියහැකි පුද්ගලයෙක්‌ ලෙස හඳුනාගෙන ඔහු කිසියම් ආයතනික රාමුවක්‌ තුළට ගෙන ඔහු පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක්‌ අපේ රටට අවශ්‍යයි. අපරාධයක්‌ සිදුවූ පසු දෘqවම් දීමට මිස අපරාධ සිදුවීම වැළැක්‌වීමට අපේ රටේ අවධානය අඩුයි.

අපරාධයක්‌ සිදුවූ පසු අපරාධකරුවාට කෙබඳු දඬුවමක්‌ දුන්නත් බොහෝ විට අගතියට පත් පාර්ශ්වයට ඉන් ප්‍රයෝජනයක්‌ නෑ. මම ඉන් අදහස්‌ කරන්නේ අපරාධකරුවන්ට දඬුවම් නොදිය යුතුයි යන්න නෙමෙයි. අපරාධකරුවකුට දඬුවම් දීමට උනන්දුවීමට වඩා වැදගත් වන්නේ අපරාධයක්‌ සිදුවීම වළක්‌වාගැනීමට කටයුතු කිරීමයි. ඒ සඳහා අපේ රටේ නීතිය හා සාමය ආරක්‌ෂා කරන ආයතන වඩාත් බලගැන්විය යුතු වෙනවා.

අත්අඩංගුවට ගෙන සිරභාරයට පත් කරන අපරාධකරුවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ මීට වඩා කාර්යක්‌ෂමව සිදුකිරීමත් මේ සඳහා විසඳුමක්‌ නේද?

අපරාධකරුවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ මීට වඩා කාර්යක්‌ෂම විය යුතුයි. පුනරුත්ථාපන වැඩපිළිවෙළින් නිසි ප්‍රතිපල නොලැබීමට හේතු ගණනාවක්‌ තිබෙනවා. එකක්‌ අපේ රටේ සිරගෙවල්වල තිබෙන තදබදය. එය අඩුකරගන්නෙ නැතිව කිසිම පුනරුත්ථාපන වැඩපිළිවෙළක්‌ කරන්න බෑ.

පුනරුත්ථාපන වැඩපිළිවෙළ නිසි ලෙස සිදු නොවන බවට තිබෙන හොඳම සාධකය නම් නිදහස්‌ වී යන පුද්ගලයින් යළි සිරගතවීමේ ප්‍රතිශතය. හිරගෙදරින් පිටවෙලා යන අය සියයට සියයක්‌ම ආපහු එන එක වළක්‌වන්න බෑ. නමුත් සියයට තිහක්‌ හතළිහක්‌ පනහක්‌ ආපහු එනව නම් එයින් පෙනෙන්නෙ පුනරුත්ථාපන වැඩපිළිවෙළේ අසාර්ථකත්වයයි. අත්අඩංගුවට ගෙන සිරගත කරන අපරාධකරුවන් නිසිලෙස පුනරුත්ථාපනය නොවී සමාජයට යළි මුදා හැරීම භයානක තත්ත්වයක්‌.

ඊළඟ කාරණය අපරාධකරුවන් හැටියට සිරගතවන බොහෝ දෙනා හුදකලා මිනිසුන් නෙමෙයි. දරුපවුල් තිබෙන අය. බොහෝ විට සිරගත වෙන්නෙ ඒ පවුලෙ මූලිකයා. බොහෝ විට ඔහු පවුල නඩත්තු කළ පුද්ගලයා. ඔහු සිරගත කළ පසු එම පවුලේ සාමාජිකයන් පත්වෙන තත්ත්වය පිළිබඳ කිසිවෙක්‌ අවධානය යොමු කරන්නේ නෑ. බොහෝ විට ඒ නිසා බිඳ වැටෙන පවුල් සංස්‌ථාව තුළින් අලුත් අපරාධකරුවන් බිහිවෙන්න පුළුවන්. බොහෝ විට තමන්ගේ ලෝකය බිඳවැටීමෙන් සමාජයට වෛර කරන දරුවන් පිරිසක්‌ ඒ පවුල තුළින් බිහිවෙන්න පුළුවන්. සිරගත වූ අපරාධකරුවකු සිටින පවුලකට ආර්ථික වශයෙන් යම් හැකියාවක්‌ තිබුණත් සමාජය තුළින් ඔවුන්ට එල්ලවන පීඩනය නිසාත් ඔවුන් සමාජවිරෝධීන් ලෙස හැසිරෙන්නට ඉඩ තිබෙනවා. සිරෙන් නිදහස්‌ වී යළි සමාජගත වන පුද්ගලයින්ට සමාජය දක්‌වන ප්‍රතිචාර තුළිනුත් එම පුද්ගලයින් යළිත් සමාජයට වෛර කරන පිරිසක්‌ බවට පත්වීමට ඉඩ තිබෙනවා.

මේවාට විසඳුම් වැඩපිළිවෙළක්‌ අවශ්‍යයි. අපේ රටේ අද බහුලව අපරාධ සිදුවන්නේ අපරාධ වැළැක්‌වීම සඳහා ගත යුතු මෙවැනි ක්‍රියාමාර්ග ප්‍රමාණවත් ලෙස නොගැනීම නිසා මිස මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම නිසා නොවෙයි.

අපරාධ පිළිබඳවත් මරණ දඬුවම පිළිබඳවත් අලුත් කතාබහක්‌ ගොඩනැගුනේ පසුගියදා සේයා දියණිය සාහසික ලෙස ඝාතනය වීමත් සමගයි. නමුත් දරුවන්ගේ ආරක්‌ෂාව පිළිබඳ වර්තමාන සමාජයේ අවධානය ලිහිල්වී යාමත් මෙබඳු අපරාධ වැඩිවීමට හේතුවක්‌ වී තිබෙනවා නේද?

කුඩා දරුවන්ගෙ ආරක්‌ෂාව පිළිබඳ අද ලොකු ප්‍රශ්නයක්‌ තිබෙනවා. අපේ රටේ පොලිස්‌ වාර්තා අරන් බැලුවොත් කුඩා දරුවන් අද මොනතරම් අනාරක්‌ෂිතද යන්න පැහැදිලියි. දැනට වසර 15 කට පමණ පෙර අපේ රටේ කාන්තාවන්ට සහ ළමයින්ට සිදුවන අපරාධ අවම කරගැනීම සම්බන්ධයෙන් එක්‌සත් ජාතීන්ගේ ළමා අරමුදල අපේ රටේ පොලිස්‌ මූලස්‌ථානය සමග වැඩසටහනක්‌ ක්‍රියාත්මක කළා. මමත් ඊට දායක වුණා. එයින් කාන්තා හා ළමා අපරාධ වැළක්‌වීමේ අංශයක්‌ සෑම පොලිස්‌ ස්‌ථානයකම ස්‌ථාපිත කළා. එයට ලැබුණු දහස්‌ ගණනක්‌ පැමිණිලි විශ්ලේෂණය කර ඒවා වැළැක්‌වීමට නිර්දේශ කර ඇති ක්‍රියාමාර්ග කීයක්‌ අද ක්‍රියාත්මක වෙනවද? මේ ක්‍රියාමාර්ග නොගෙන මරණ දෘqවම ක්‍රියාත්මක කළා කියල රටේ අපරාධ සිදුවීම අඩු වෙන්නේ නෑ. අපේ රටේ ළමයින්ට හා කාන්තාවන්ට අපරාධ සිදුකරන පිරිස්‌ පිළිබඳ දත්ත එකතුකරගෙන ඔවුන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළකින් මිස වෙනත් ක්‍රමයකින් කාන්තාවන්ට හා ළමයින්ට සිදුවන අපරාධ අවම කරන්න බෑ. මීට අවුරුදු 15 කට පෙර සිට එක්‌සත් ජාතීන්ගේ ළමා අරමුදල හා පොලිස්‌ මූලස්‌ථානය එක්‌ව ක්‍රියාත්මක කළ ඒ වැඩසටහන තුළින් මේ රටේ එබඳු පුද්ගලයින් පිළිබඳ දත්ත විශාල ප්‍රමාණයක්‌ පොලිසිය සතුව තිබෙනවා. එය පදනම් කරගෙන ඔවුන් පුනරුත්ථාපනය කිරීම සඳහා වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කළොත් අපේ රටේ අපරාධ බොහොමයක්‌ අඩු කරගන්න පුළුවන්. එබඳු වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නිලධාරීන් අපේ රටේ ඕනතරම් ඉන්නවා. හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ළමා ආරක්‌ෂක නිලධාරියෙක්‌ ඉන්නවා. කාන්තා අභිවෘද්ධි නිලධාරිනියන් ඉන්නවා. සමාජ සේවා නිලධාරීන් ඉන්නවා. ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වාඩිවෙන්න වත් ඉඩක්‌ නැති තරම් නිලධාරීන් ඉන්නවා. ආණ්‌ඩුව නිලධාරීන් ප්‍රමාණය වැඩිකළාට ඒ අයට වැඩකිරීමට අවශ්‍ය පුහුණුව හා පහසුකම් නිසිපරිදි ලබාදීල නෑ. ළමා හා කාන්තා ආරක්‌ෂාව වෙනුවෙන් පමණටත් වඩා නිලධාරින් සිටියත් අද ළමයින්ට හා කාන්තාවන්ට සිදුවන අපරාධවල අඩුවක්‌ සිදුවී නැත්තේ මේ නිසයි.

අද අපරාධයක්‌ සිදුවූ පසු ජනමාධ්‍ය තුළිනුත් එය විචිත්‍ර විදිහට ඉදිරිපත් කරනව. ඒව බලන ජනතාව කැළඹිලා බෝඩ් උස්‌සගෙන පාරට එනව. මේ මිනිහ මරපියව් කියල කෑගහනව. නමුත් ප්‍රශ්නයේ මුල ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. රෝගයකට ප්‍රතිකාර ගැනීමට වඩා රෝගයකින් වැළකී සිටීමට කටයුතු කිරීම වඩාත් වැදගත් බව වෛද්‍ය විද්‍යාවේ මූලිකාංගයක්‌. අපරාධ සම්බන්ධයෙනුත් ක්‍රියාත්මක විය යුත්තේ ඒ පිළිවෙත මයි. වඩාත් අවධානය අවශ්‍ය වන්නේ අපරාධකරුවකු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට නොව අපරාධ සිදුවීම වළක්‌වාගැනීම සඳහා පසුබිම ඇතිකිරීමටයි.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක

උපුටා ගැනීම දිවයින 

Leave a comment

Gossip

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

පසුගිය මැයි පළමුවනදා ගාලු මුවදොර පිටියෙහි පැවැති ඒකාබද්ධ විපක්ෂ මැයි දින ‍රැළිය හා එම පෙලපාළියෙහ...

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

එජාප උප නායක රවී කරුණානායක මහතා එම පක්ෂයේ ළඟ නායකත්ව අනුප්‍රාප්තිකයා ලෙස නම් කොට මුදල් අමාත්&zwj...

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

අගමැති රනිල් වික්‍රමසිංහගේ සොහොයුරෙකුගේ පුත්‍රයකු යැයි කියන වන තිස්ස නිර්මාන් වික්‍රමසිං...

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

ජාතික ක්‍රීඩා උලෙළල වාර්තා කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයෙම ආරාධනාව පිට කොළඹ සිට ගිය මාධ්&zwj...

අනං මනං

Connet With Us

       Google+