පිටසක්වල සමඟ ගනුදෙනු කිරීම අනතුරු සහිතයි - විද්‍යාඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්

Published in අනං මනං
Monday, 27 July 2015 13:50

ලෝකයේ බොහෝ දෙනෙක් තුල පිටසක්වල ජීවින් පිළිබඳ විශාල කුතුහලයක් පවතිනවා. ඒවගේම ඒ පිළිබඳ විවිධ පරීක්ෂණත් පැවැත්වෙනවා.

නමුත් පිටසක්වලයන් පිළිබඳ  පරීක්ෂණ පවත්වන විද්‍යාඥයන් පවසන්නේ මිනිසුන් පිටසක්වලයන් සමඟ සම්බන්ධතා පැවැත්වීමට පෙර දෙවරක් සිතා බැලිය යුතු බවයි.

ඔස්ට්‍රේලියාවේ පිටසක්වළ ජීවින් පිළිබඳ කටයුතු කරන මහාචාර්ය මැතිව් බේල්ස් පවසන්නේ ආලෝක වර්ෂ දහස් ගණනක් දුර ගෙවා පෘතුවිය වෙත ප්‍රබල සංඥා එවිය හැකි තරමේ දියුණු තාක්ෂණයක් සහිත පිටසක්වලයන්  මුළු මිනිස් ශිෂ්ඨාචාරයම විනාශය කරා යොමු කිරීමේ හැකියාවක් සහිත විය හැකි බවයි.

 ඔහු පවසන පරිදි දියුණු ශිෂ්ඨාචාර සමඟ ගණුදෙනු කළ නොදියුණු ශිෂ්ඨාචාරවල ඉතිහාසය  එතරම්  සතුටුදායක නොවේ.

මහාචාර්ය මැතිව් මේවනවිට ලොව ප්‍රමුඛ පෙළේ භෞතික විද්‍යාඥ ස්ටෙපන් හොව්කින්ග් ද සහයෝගය සහිතව සහ රුසියානු ව්‍යාපාරිකයෙක් වන යූරි මිල්නර්ගේ ආයෝජනයෙන්  ක්‍රියාත්මක පිටසක්වල ජීවින් සෙවීමේ පරීක්ෂණ සඳහා එකතු වී සිටියි.

මෙම කණ්ඩායම ලෝකයේ දැනට පවතින ලොකුම රේඩියෝ දුරේක්ෂය යොදාගනිමින් විශ්වය පිරික්සමින් සිටින බව පැවසේ. එසේම මෙම දුරේක්ෂය හරහා පෙරට වඩා දස ගුණයක් වැඩිපුර ප්‍රමාණයක් විශ්වය නිරීක්ෂණයට අවස්ථාව හිමිවන  බව පැවසේ.

මෙම දුරේක්ෂය සඳහා ඇති නවීන පරිගණක සම්බන්ධ කර ඇති බව පවසන මහාචාර්ය මැතිව් පවසන්නේ පිටසක්වලයන් කවරාකාරයේ සංඥා එවනු ඇති බව නිශ්චිත නැති බැවින් ඒ පිළිබඳවද අවධානය යොමු කර ඇති බවයි. ඔහු පවසන පරිදි පිටසක්වලයන් මිනිසුන්ට හඳුනා ගත හැකි ආකාරයේ සංඛ්‍යා යොදාගත් පණිවිඩ එවීමට වැඩි ඉඩකඩක් පවතියි.

නමුත්  එයට පිළිතුරු සපයන ආකාරය සහ පිටසක්වලයන්ට එය ලැබෙන විට  බොහෝදුරට අපි සියලු දෙනා මිය ගොස් සිටිනු ඇති බව මහාචාර්ය මැතිව් පවසයි.

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us