ජාත්‍යන්තර නිරූපණ වේදිකාවක විනිසුරු මඬුල්ලට ගිය පියුමි Featured

Published in අනං මනං
Thursday, 28 March 2024 13:36

Future Fashion Faces World' කියන්නෙ ආගම, වර්ණය, ජාතිය, ආගම හෝ වාර්ගික සම්භවය නොසලකා තරගකරුවන්ට සහභාගී වීමට සමාන අවස්ථාවන් සලසන ජාත්‍යන්තර වේදිකාවක්...

2016 වසරේදී එය නියෝජනය කළ, ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි රටවල් 45/50ක තරගකරුවන් අතරින් ''best model of the Asia'' ලෙස කාගෙත් අවදානය දිනාගෙන තිබුණා.

එලෙස ලද ජයග්‍රහණයෙන් පසු සෑම වසරකම පාහේ පියුමිට අවස්ථාව සැලසෙනවා මෙම තරගාවලියේ විනිසුරුවරියක් ලෙස කටයුතු කිරීමට.

මෙම තරගාවලිය පැවැත්වෙන්නෙ තුර්කියෙ.

මේ දිනවලත් පියුමි හංසමාලි තුර්කියට ගිහිල්ලයි ඉන්නෙ.

ඒ අන් වෙන කිසිවක් උදෙසා නෙවෙයි, මේ වන විට FUTURE FASHION FACES WORLD 2024 ක්‍රියාත්මක වන නිසා එහි විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස කටයුතු කිරීමට.

ඉතින් සුපුරුදු පරිදි මෙවරත් පියුමිට අවස්ථාව ලැබිලා තියෙනවා

මේ ඇයගේ මුහුණුපොතේ තැබු සටහන

''future fashion faces of the world 2016 pageant එකට 2016 දි මම සහභාගී වුණා.

රටවල් 45/50 අතර තරගකාරියන් සිටියා.

ඉතිං මට ලැබුණා best model of the Asia.

හරිම සතුටුයි එදා ඉතිං මට මගෙ රට වෙනුවෙන් මට දෙයක් කරන්න පුළුවන් වුණානෙ.

ඉතිං ඒ දිනපු වසරෙ සිට සෑම වසරකම එයාලා මට ආරාධනා කරනවා,

මේ pageant එකේ judging වලට.

ඉතිං දැනට එක දිගටම අවුරුදු ගාණක් මම එනවා.

නිතරම කියනවා වගේ මම වාසනාවන්තයි.

මොකද මෙහෙම මගෙ රට වෙනුවෙන් තරග කරන්න ඇවිල්ලා,

ඒක දිනලා සෑම වසරකම ඒ දිනපු තරගාවලියේ විනිසුරු මඩුල්ලකට සහභාගී වෙනවා කියන්නෙ ඉතිං මට මම ගැන හරිම ආඩම්බරයක්.

මම අතින් සල්ලි වියදම් කරන් එන්නෙ නෑ.

ඉස්සර ඉදලම එයාලා තමයි සියලුම දේ වියදම් කරලා මාව එහෙට ගෙන්වා ගන්නෙ.

එයාලා මට හරිම ආදරෙයි

මම ආසම රට එච්චරටම ලස්සන රටක් මේක

ඉතිං දන්නවද මට මේ ලස්සනම ලස්සන කැන්ඩියන් එක හදලා දුන්නෙ කවුද කියලා.

දවසින් හදලා එව්වා අපෙ ආදරණීය කාලාකරුවෙක් වන අමිල අබේසේකරගෙ ආදරණීය බිරිඳ theja akki

ගිය පාරත් හදලා දුන්නා

ඉතිං අක්කි ඔයාට ගොඩාක් ස්තුති

ඔයාලටත් ලස්සන සාරි මේ වගේ හදාගන්න ඕනෙ නම්,

මේ අක්කිට දාන්න මැසෙජ් එකක් එයා හදලා දෙයි ලස්සන සාරි තියෙනවා මේ අක්කි ළඟ

බලන්නකො කැන්ඩියන් එක ඇදලා මම ඉන්න සංවරකම

ඒ අස්සෙ යට සායක් අරං ගිහින් නෑ

අමතක වෙලා

අද best national costume day එක

ඉතිං ඒකයි මම අපෙ දේ ඇන්දෙ ''

WhatsApp Image 2024 03 28 at 12.40.02 92efdcd1

WhatsApp Image 2024 03 28 at 12.40.03 7b5f2fb3

WhatsApp Image 2024 03 28 at 12.40.04 20a1bb63

WhatsApp Image 2024 03 28 at 12.40.04 90531ef7

Last modified on Thursday, 28 March 2024 13:38

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us