පිරිමින්ගේ මද සරු බාවයට හේතු

Published in Gossip
Tuesday, 13 January 2015 12:48

බොහෝවිට අපේ රටේ විවාහක ගැහැණු පිරිමි මුහුණ දෙන ගැටළුවක් තමයි වඳ බාවය හේතුවෙන් දරු පල අහිමිවීම. අතීතයේදී මෙය කාන්තාවන් අතර පමණක් පවතින රෝගයක් ලෙස සැලකුණත් අද වනවිට පිරිමින්ද වඳ බාවයෙන් පෙළෙන බව අනාවරණය වී අවසන්. පිරිමින් වඳ බාවයට පත්වන්නේ කෙසේද? ඊට ගත හැකි විසඳුම් මොනවාද යන්න විමසා බලමු.


පිරිමින්ගේ මදසරු බව හෙවත්, කලලයක් තැනීමට අසීරුවන සාධක නොදැනුවත්කම, ශුක්‍රාණු නිෂ්පාදනය (හැදීමේ) වීමේ ගැටලු, ශුක්‍රානු පිටතට ගෙන එන ගමන් මාර්ගයේ දුර්වලතා, ශුක්‍රාණු නිසි පරිදි යෝනි මාර්ගයේ තැන්පත් කිරීමේ අපහසුතා, ශුක්‍රාණුවල ගුණාත්මක බවෙහි දුර්වලතා යන කරුණු මූලික වේ.

පුරුෂ ලිංගේන්ද්‍රයේ ලිංගික මාර්ගයේ, හෝ ඒ ආශි‍්‍රතව පද්ධතියේ දුර්වලතා ඇතිවන්නේ ඇහිරීමක්, ආසාදනයක් හෝ වෙනයම් තත්ත්වයක් මතයි. එය,

උපදංශය හෝ වෙනත් විසබීජ තත්ත්වයක් මත ඇතිවිය හැකියි. හර්නියා හෝ වෙනත් තත්ත්වයක් මත සිදු කළ ශල්‍යකර්මයකින් මෙම මාර්ගයේ කුඩා කැපුමක් හෝ තෙරපීමක් ඇති වූ අවස්ථාවක මාර්ගය අවහිර විය හැකියි. මෙවැනි අවස්ථාවකදී වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීමෙන් එය යථා තත්ත්වයට පත්කර ගැනීමේ හැකියාව පවතියි.

වඳ සැත්කම හෙවත් Vasetkam කර තිබූ අවස්ථාවක

ශුක්‍රාණු නිසිපිරිදි යෝනි මාර්ගයේ, තැන්පත් කිරීමේ අපහසුතා.

තැන්පත් කිරීමේ නොහැකියාව හෙවත්, අපහසුතාවය ඇතිවීමට බලපාන කරුණු රැසක් තිබේ.

Erectile,Dysfunctions ප්‍රාණවත්වීමේ ගැටලු

ස්නායුවල දුර්වලතාවයක් මත පුරුෂ ලිංගේන්ද්‍රය ප්‍රාණවත් වීම නිසිපරිදි සිදු නොවිය හැකිය. දියවැඩියාව, මානසික ආතතිය හෝ එවැනි රෝග තත්ත්ව මත, ස්නායු දුර්වලතා හේතුවෙන් ද ප්‍රාණවත් වීම දුර්වල විය හැකියි.

තව දුරටත් සලකා බැලීමේදී, තම සහකාරිය පිළිබඳ ඇති අකමැත්ත බල කිරීම හෝ නොපැතූ අයෙකු හා විවාහ වීමට සිදුවීම ද මෙම තත්ත්වය ඇති වීමට හේතු වෙයි.

ක්ෂණික මෝචනය වීම හේතුවෙන් ද ශුක්‍රාණු නිසිලෙස තැන්පත් කිරීමට හැකි නොවනු ඇත. කාන්තාව හා සම්බන්ධ වීමට පෙර හෝ සම්බන්ධව සිටින අවස්ථාවක යෝනි මාර්ගයෙන් පිටතදී මෝචනය වීම සිදුවේ.

සම්බන්ධ වූවද ඇතැමුන්ගේ ශුක්‍රාණු ලිංගයෙන් පිටතට නොපැමිණ, මුත්‍රා මාර්ගයට සම්බන්ධ වී මුත්‍රාශයට ශුක්‍රාණු ගමන් කරන අවස්ථා ඇත. එය, Retrograde Ejaculation ලෙස හඳුන්වයි. මෙහිදී ශුක්‍රාණු පිටවන බව දැනුණ ද, පිටතට පැමිණීමක් සිදු නොවෙයි. පිරිමි මුත්‍රාශය වෙත ගමන් කොට මුත්‍රා මාර්ගය ඔස්සේ, මුත්‍රා සමඟ ශුක්‍රාණු පිටවන අවස්ථා තිබේ.

තවත් ඇතැම් පිරිමින්ගේ ලිංගේන්ද්‍රයේ පිටතට ඇති සිදුර නිසිතැන පිහිටා නොතිබිය හැකියි. Hypospadias ලෙස හඳුන්වන මෙම තත්ත්වයේදී ශුක්‍රාණු පිටතට පැමිණිය ද යෝනි මාර්ගයේ නිසිතැන තැන්පත් කිරීමට අපහසුය. එවන් තත්ත්වය මත, කලලයක් නිර්මාණය නොවනු ඇත.

ශුක්‍රානුවල ගුණාත්මක බවෙහි දුර්වලතා

ගර්භාෂයක කලලයක් නිර්මාණය වීමට පුරුෂයෙකුගේ ශුක්‍රාණුවල ගුණාත්මක බව බෙහෙවින්ම ඉවහල් වෙයි. ශුක්‍රාණු පිට වූවත් ඒවායෙහි ගුණාත්මක භාවය අඩු වී ඇත්නම් එම ශුක්‍රාණුවලින් ඉෂ්ඨ විය යුතු සේවාව යථා පරිදි සිදු නොවනු ඇත.

ශුක්‍රාණු ගුණාත්මක බවින් අඩු වීමට නම්, පරිසර සාධක (විෂ දුම, දුම්පානය, අපද්‍රව්‍යය, ආහාර) වල බලපෑම් ඇති විය හැකියි. වර්තමානයේ අධි රසායනික සංයුතියක ආධාරයෙන් සැකසෙන එළවළු පලතුර හෝ වෙනත් ආහාරවල බලපෑම ද මත, මදසරු වීමේ ප්‍රවණතාවය ඉහළයාම් ඇති බව සෞඛ්‍ය අංශය සොයා ගෙන තිබේ.

එහි ප්‍රධානතම බලපෑම අනාගත පරම්පරාව හින වී යාමය.ස්වසනයෙන් සිරුර අභ්‍යන්තරයට ගෙන යන විෂ මිශ්‍ර වාතය සිරුරේ විවිධ හෝර්මෝනවලට බලපෑමක් ඇති කරයි. එම බලපෑම මත ශුක්‍රාණු නිපදවීම දුර්වල වෙයි.

එසේම හෝමෝන නිෂ්පාදනය අඩුවීම හෝ ඊස්ට්‍රජන් හෝමෝනය වැඩිපුර සිරුර තුල නිපදවීම නිසාද ශුක්‍රාණු නිෂ්පාදනය අඩුවිය හැක. සෝයා බෝංචි හා කුකුල් මස් වැඩිපුර ආහාරයට ගන්නා පිරිමින් මේ තත්ත්වයට ගොදුරු විය හැක.

උපතින්ම කෝෂ කුඩාව පිහිටීම හෝ ඒ ආශ්‍රිත සැත්කම් සිදු කිරීම හරහාද ශුක්‍රාණු නිපදවීමේ දුර්වලතා ඇතිවිය හැක.

එසේම වයස අවුරුදු 12ට වැඩි පිරිමි දරුවන් කම්බුල්ගාය රෝග තත්ත්වයට ගොදුරු වීම හේතුවෙන් කෝෂ ඉදිමීමක් සිදුවුවහොත් ශුක්‍රාණු නිපදවීමේ ගැටළු ඇති විය හැකියි.

මෙවැනි දුර්වලතා වලින් පීඩා විඳින්නේ නම් හොඳම විසඳුම වන්නේ වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීමයි.

Leave a comment

worky

worky1

ld add copy

Latest News

හෙට කොළඹට වතුර කපයි

හෙට කොළඹට වතුර කපයි

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැ...

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us