බැන්දට පස්සේ කෙල්ලෝ අලගෙඩි වගේ වෙන්නේ ඇයි?

Published in Gossip
Monday, 12 January 2015 15:26

ස්ථුලතාව රෝග රැසකට මඟ සලසා දෙන නිසා අද දවසේ බොහෝදෙනෙක් ඒ පිළිබඳ කතාබහ කරයි. නමුත් ඒ ගැන සැලකිලිමත් වෙන්නේ හෝ එය පාලනය කරගන්නේ නම් ඉතාම සුළු පිරිසකි.

ස්ථුලතාව පිළිබඳ නවතම අනාවරණයක්, එනම් විවාහයෙන් පසු කාන්තාවන් වැඩිපුර මහත් වීම සම්බන්ධයෙන් වූ අධ්‍යයනයක් ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි ෆ්ලෙන්ඩර්ස් සරසවියේ පර්යේෂකයින් විසින් සිදුකර තිබුණි.

මේ අධ්‍යනයට අනුව ඔවුන් සොයාගෙන තිබුණේ විවාහයට පෙර සිරුරේ හැඩය සහ බර ගැන දැඩි සේ සැලකිලිමත් වන කාන්තාවන්, විවාහයෙන් මාස හයක් ඉක්ම යද්දී, කිලෝ ගණනකින් තම බර වැඩි කරගෙන ඇති බවයි.

අලුත බැඳපු මනමාලියන් මෙලෙස එකවර මහත් වෙන්නේ ඇයි?

අධ්‍යයනයට අනුව හැම මනමාලියන් තිදෙනෙකුගෙන් එක් අයෙකු විවාහයට පෙර තම පවුලේ අයගෙන් හෝ තම සහකරුගෙන් බර අඩුකර ගැනීමට උපදෙස් ලබනවා.

විවාහ වෙන්නට සිටින යුවතියන් මේ අවවාද හොඳින්ම පිළිගනියි. හේතුව මංගල ඇඳුම හා මංගල ඡායාරූපයි. හැම මනමාලියකගේම කැමැත්ත ලස්සන සිහින් මංගල ඇඳුමක් තුළ සිටින්නයි. එසේම මංගල ඡායාරූපවල ඔවුන්ව පුංචියට, හුරුබුහුටියට දිස්වනවාටයි. ඒ නිසා බොහෝ යුවතියන් විවාහයට පෙර මේ උපදෙස්වලට මුළු හදින්ම එකඟ වනවා පමණක් නොවෙයි, ඊට අනුව ක්‍රියාත්මක ද වෙයි.

නමුත් විවාහයෙන් පසුව?

ඊට හේතුව විවාහයෙන් පසුව තවදුරටත් මෙවැනි උපදෙස් දෙන්නට හෝ වැඩිපුර කෑම කන්නට එපා යැයි බොහෝ බිරියන්ට නීති රීති නොපැනවෙන නිසයි. බොහෝ සැමියන් අලුත විවාහ වූ බිරියට ආහාර සම්බන්ධයෙන් නීති පනවන්නේ නැත.

අනෙක් අතට විවාහයේ සතුට මෙන්ම ආදරයේ මිහිරත් බිරියන් වැඩිපුර කෑමට පොළඹවන බව අධ්‍යනයෙන් හෙළි වී තිබේ. මේ නිදහස් හා පී‍්‍රතිමත් වාතාවරණය නිසා බිරියන් හිතේ හැටියට ආහාර ගනියි. සැමියන් ද ආදරයේ නාමයෙන් ආහාර පිළිබඳ තීරණ ගැනීමට උපරිම නිදහසක් තම බිරියන්ට ලබා දෙති.

මේ තත්ත්වය අලුත බැඳපු බිරියන් මාස හයක් ඇතුළත කිලෝ ගණනකින් බර වැඩි වීමට හේතු වී තිබේ.

සතුට හා නිදහස ජිවිතයට ආශිර්වාදයක්ම වන නමුත් එය අහිතකර ලෙස බර වැඩි වීමට හේතුවක් වීම නම් කෙසේවත් යහපත් නැත. මන්ද, ස්ථුලතාව බරපතළ රෝග රැසක පළමු රතු එළිය ද වන නිසයි.

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us