ලිංගික අධ්‍යාපනය නොලැබීම ළමා අපචාරවලට හේතුවක්

Published in Gossip
Monday, 05 January 2015 15:15

ලිංගිකත්වය යනු අතිශය පෞද්ගලික කටයුත්තකි. එහෙත් ලිංගික කරුණු, පිළිබඳව නොදැනුවත්කම නිසා බොහෝදෙනෙක් තම ජීවිතය විදිය යුතු මොහොතක විදවමින් ලතැවෙන අවස්ථා රැසක් අප දැක ඇත.

ලිංගික අධ්‍යාපනය පාසල් පත පොතට ඇතුළත් කළද එමඟින් නිසි අවබෝධයක් නොලැබීම නිසාම පාසල් වයසේ දරුවන් විවිධ අපයෝජනයන්ට ලක්වන අවස්ථාද ඇතිබව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි.

බොහෝවිට පාසල් වයසේ අපයෝජනයට ලක්වූ දරුවන් වෛද්‍යවරුන් සමඟ පවසා ඇත්තේ අත්දැකීම් ලබන්නට ගොස් තමන් අමාරුවේ වැටුණු බවකි.

එමෙන්ම විවාහවූ තරුණ තරුණියන් පවා ලිංගික අධ්‍යාපනය නොමැති කමින්ම ලිංගික කරුණු හේතුවෙන්ම දික්කසාද වීමට තීරණය කළ අවස්ථාද බොහෝ දික්කසාද නඩු තීන්දු ඇසුරින් හෙළිවී ඇත.

මේ කරුණු දෙස බැලීමේදී දරුවන්ට මෙන්ම වැඩිහිටි, තරුණ යන සෑම කොටසකටම නිසි ලිංගික අධ්‍යාපනයක් ලැබිය යුතුබව නම් කිව යුතුය. ලිංගික අධ්‍යාපනය පිළිබඳව ලියැවුණු පොත පතද ඉතා සීමිතය. මේ නිසා ලංකාවේ ප්‍රථම සෞඛ්‍ය අධ්‍යාපනික පුවත්පත ලෙස අප මේ යුගයේ අවශ්‍යතාවක් ලෙස හඳුනා ගත් ලිංගික අධ්‍යාපනය පිළිබඳව නවතම විශේෂාංගයක් ඔබ වෙත ගෙන ඒමට අදහස් කළෙමු.

මෙම ලිපිය එහි පළමු පියවරයි. අදින් ඇරඹෙන මෙම විශේෂාංගයේදී ඔබවෙත ලිංගික අධ්‍යාපනය ලබා දීම සඳහා ආරෝග්‍යා පුවත්පත සමඟ එක්වන්නේ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතායි.

ඒ මහතා දැක්වූ අදහස් මෙසේයි.
මවුපියන් දරුවා කුඩා කළ සිටම රැවටවීමටක ලක් කරනවා. මෙය ඉතාම බරපතළ තත්ත්වයක්.

දරුවන්ට ඇතිවන කුතුහලයන් අතරින් පළමුවම ඇතිවන්නේ තමා මොලොවට බිහිවුණේ කොහොමද යන්නයි.

මෙහිදී අපි දරුවාට විවිධ කතන්දර කියනවා. “දිව්‍යාලෝක සුරංගනාවියො ඔයාව අපිට ගෙනත් දුන්නා” ඉස්පිරිතාලෙ ඉඳලා ගෙනාව, කානුවකින් ඔයාව ඇහිද ගත්තා. මේ කතන්දර අහන දරුවාගේ සිත තුළ ඇතිවන්නේ සැකයක්. විචිකිච්චාවක්.

මේ බොරුව නිසා දරුවාගේ සිත තුළ ලිංගිකත්වය පිළිබඳව අවිනිශ්චිත භාවයක් මෙන්ම කුහකත්වයක්ද ඇතිවිය හැකියි.

දරුවාගේ පළමු ගුරුවරුන් ලෙස මවුපියන් දරුවාට නිවැරදිදේම ඉගැන්වීමට මහන්සි ගත යුතුයි. දරුවෙකු ඉපදෙන ආකාරය ආසභ්‍ය දෙයක් නොවෙයි. දරුවා ඉපදුන ආකාරය ගැන නිවැරදි දේ පැවසීම තුළින් දරුවන් හා මවුපියන් අතර විශ්වසනීයත්වය ගොඩ නැගෙනවා. දරුවාගේ සියලුම පෞද්ගලික තොරතුරු මවුපියන්ට පැවසීම සඳහා පෙළඹවීමටත් මෙයම හොඳ තත්ත්වයක් වෙනවා.

දරුවන්ට බොරු පැවසීමෙන් දරුවන්ගේ ලිංගික ගැටලු පවා මවුපියන්ට පැවසීමට දරුවන් මැලිවෙනවා. මේ නිසා දරුවා තම ලිංගික ගැටලු විසදා ගැනීමට තෙවැනි පාර්ශවයක පිහිට පතනවා. එය දරුවාට හානිදායක විය හැකියි.

දරුවන් සමග ලිංගික කටයුතු ගැන සාකච්ඡා කිරීම ලැජ්ජාවට කරුණක් නොවෙයි. ලැජ්ජාවට පත්විය යුත්තේ තම දරුවන් ලිංගික කාරණා නිසා අසරණ තත්ත්වයට පත්වූ විටයි.

ලිංගික අධ්‍යාපනය දරුවන්ට ලබා දීමෙන් දරුවන් නොමඟ ගොස් මවුපියන්ගේ පාලනයෙන් මිදී ලිංගික අපචාර සඳහා දරුවා යොමුවනු ඇතැයි අනියත බියක් මවුපියන් තුළ හට ගැනීම ඉතාම වැරදි දෙයක්.

දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනය ලැබීමෙන් දරුවන්ගේ සිත් තුළින් ලිංගිකත්වය පිළිබඳව තිබෙන කුතුහලය නැතිවී ගොස් ප්‍රජනක ක්‍රියාවලිය පිළිබඳව නිවැරදිව අවබෝධයක් හට ගනී. මේ නිසා ප්‍රජනයේදී සිදුවන තත්ත්වයත් ඒ නිසා ඇතිවන ප්‍රතිඵල ගැනත් අවබෝධය ඇතිවීමෙන් එහි ඇති ගැඹුරු බව තේරුම් ගැනීමට දරුවා පෙළඹෙනවා.

මේ නිසා ඥාති හිතමිතුරන් සමඟ ඇසුරු කළ යුතු ආකාරයත්, වැඩිහිටියන් සහ වෙනත් අයගෙන් ඇතිවිය හැකි ලිංගික අපචාර පිළිබඳවත් නිවැරදි දැනුමක් දරුවාට ලැබේ. එවිට දරුවාට වැරදි ලිංගික ඇසුරකින් ඇතිවිය හැකි ප්‍රතිඵලද දැනගැනීමට හැකියාව ලැබෙනවා. මේ කාලවකවානුවේ දරුවන් වැඩිපුර ලිංගිකව දුෂණයට ලක්වන්නේත් ලිංගික අපචාර සඳහා දරුවන් පොළඹවා ගන්නේත් ඥාති මිත්‍රාදීන් වීම කිව යුතුයි.

දරුවාව ලිංගික කාරණා පිළිබඳව නිවැරදිව දැනුවත් කර තිබුණා නම් දරුවා ලිංගික අතවරයන්ට ලක්වීම් වලින් වළක්වා ගත හැකි බව බොහෝ මවුපියන් තේරුම් ගන්නේ දරුවාට හානියක් වූ පසුවයි.

Leave a comment

worky

worky1

ld add copy

Latest News

පළාත් කිහිපයක උෂ්ණත්වය අද යළිත් ඉහළට

පළාත් කිහිපයක උෂ්ණත්වය අද යළිත් ඉහළට

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්...

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us