තැන්පත්කරුවන් 50 කගේ ජීවිත උදුරගත් යූ.බී.ෆිනෑන්ස්, හොරට ඉඩම් විකුණලත් මාට්‍ටු.. Featured

Published in පුවත්
Saturday, 18 November 2017 22:03

යූනියන් බැංකුවට අනුබද්ධව පවත්වාගෙන යන 'යූ බී ‍ෆිනැන්ස් ' නැමැති තවත් සක්විති පන්නයේ තක්කඩි මූල්‍ය ආයතනයක් විසින් බිම් කොටස් 22 කින් යුතු පර්චස් 220 ක පමණ ඉඩමක, එහි ඇතැම් බිම් කොටස් වලට අයිතිකරුවන් ද සිටියදී එම ඉඩම වෙනත් ආයතනයට හොර රහසේ විකුණා ඇති බවට පැමිණිලි ලැබී තිබේ.

මෙම යූ බී ‍ෆිනැන්ස් නැමැති තක්කඩි මුල්‍ය ආයතයෙ හි තැන්පත්කරුවන් 2697 දෙනෙකු විසින් තැන්පත් කළ රුපියල් මිලියන 1,863 ක මුදල එම තැන්පත් කරුවන්ට නොගෙවීම නිසා සිදුව තිබෙන විශාල ඛේදවාචයකටද වගකිව යුතු වේ. මෙලෙස මුදල් ආපසු නොදීම නිසා පසුගිය 9 වසරක කාලය තුල තැන්පත් කරුවන් 50 කට ආසන්න ප්‍රමාණයක් සිය දිවි නසාගෙන ඇත. එම ගැටලුව තවමත් නොවිසඳී ඇති අතර ආණ්ඩුවද ඒ සම්බන්ධයෙන් මුණිවත ‍රැකීම පුදුමයට කරුණකි. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයාට මේ සම්බන්ධයෙන් ප්‍රශ්න මාලාවක් යොමු කළ අතර( ඒ හැන්සාඩ් වාර්තාවේ උපුටනය පහත දැක්වේ) ඊට මෙතෙක් යුක්ති සහගත පිළිතුරක් දී නැති බවද දැන ගන්නට තිබේ.

කෙසේ නමුත් මෙම හොර ඉඩම් ගනුදෙනුව ගැන හෙළිදරව් වූයේ පසුගිය අගොස්තු මාසයේදී තමන්ගේ ඉඩමට එම අයිතිකරුවකු ඇතුල්වීමේදී ඊට ඉඩ නොදී පිටස්තර පාර්ශ්වයක් විසින් වලකා ලීම නිසාය. ඊට වෙනත් අයිතිකරුවකු ඉදිරිපත් වීම ඊට හේතුවව තිබිණි.. පර්චස් 220 ක ඉඩම, අක්කර 14 ක විශාල ඉඩමකින් කොටසක් වන අතර මෙම ඉඩම මීගමුව පෙරියමුල්ලේ පිහිටා ඇති අතර එය 2009 වසරේ මාර්තු මාසයේ දී ' කොන්ටිනන්ටල් රෙසිඩන්ට්' යන නමින් කොටස් කර විකිණීමේදී ඉඩමේ අංක 65 දරණ පර්චස් 10 ක මෙම බිම් කොටස රුපියල් ලක්ෂ 120 ක මුදලකට එම ඉඩම මිලදී ගැනිම සිදු කර තිබේ. මිලදී ගත් අයිතිකරුවා විසින් තමන්ගේ ඉඩමට ඇතුල්වී මේදී ඊට ඉඩ නොදීම සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු මාසයේදී මීගමුව පොලිසියේ පැමිණිල්ලක් දමා ඇත.

මෙම සම්පූර්ණ ඉඩමෙහි පෙර අයිතිය තිබුණේ ' ‍ෆිනෑන්ස් ඇන්ඩ් ගරන්ටි ප්‍රොපටි ඩිවලපර්ස්" සමාගමටය. එය සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත්ව තිබූ සමාගමක් වන අතර එම සමාගම එවක පාලක රාජපක්ෂවරුන්ගේ තවත් තක්කඩි සෙල්ලමකින් කොල්ල කෑමට ගොදුරු වූ නිසා වූ අර්බුදය හමුවේ ,මෙම ඉඩම සම්බන්ධයෙන් කිසිදු කටයුත්තක කිරීමේ හැකියාව අයිතිකාර පාර්ශ්වයන්ට හැකි වූයේ නැත. මිට අදාල ලියකියවිලි, ප්‍රකාශන ඔප්පුව මෙම ඉඩම් අයිතිකරුවන් සතුව තිබේ. අයිතිකරුවන් නමින් ඉඩමට වරිපනම් අංකයක් පවා මීගමුව මහ නගර සභාව විසින් නිකුත් කොට තිබේ.

‍ෆිනැන්ස් ඇන්ඩ් ගැරන්ටි සමාගම මුහුණ දුන් අර්බුදය නිසා මෙම සමාගමේ මුල්‍ය තැන්පත් කරුවන් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමෙහි තීන්දුව වශයෙන් ශ්‍රීලංකා මහ බැංකුව විසින් මෙහි මෙහෙයුම් කටයුතු මර්චන්ට් බැංකුවට පැවැරූ අතර එහෙත් පසුව යූනියන් බැංකුවට පැවරීමට කටයුතු කර ඇත. එහිදී යූනියන් බැංකුව මේ වෙනුවෙන් වෙනම මුල්‍ය ආයතනයක් පිහිටුවීමට කටයුතු කරනු ලැබීය. යූ බී ‍ෆිනැන්ස් කොම්පැනි ලිමිටඩ් ' සමාගම ආරම්භ වන්නෙ ඒ අනුවය. එහෙත් ෆිනැන්ස් ඇන්ඩ් ගැරන්ටි සමාගමේ ගනුදෙනු කරුවන්ට කිසිදු ලෙසකින්වත් අගතියක් නොවිය යුතු බව අධිකරණය දන්වා සිටියේය. ඊට යූනියන් බැංකුවද පොරොන්දු වී තිබිණි.

එහෙත් යූ බී ‍ෆිනෑන්ස් සමාගම අධිකරණ නියෝග අනුව කටයුතු කිරීම තුට්‍ටුවකට මායිම් නොකර තමන්ගේ තක්කඩි ක්‍රියා පිලිවෙතට අනුව කටයුතු කළේය. තැන්පතු කරුවන්ගේ මුදල් හෝ පොලී ගෙවීම නිසි ලෙස සිදු නොකළේය. එහෙත් ඒ ගැන චෝදනා එල්ල වූවද ශ්‍රීලංකා මහ බැංකුව පවා මේ ගැන වගේ වගක් නොමැතිව සිටියේය. තැන්පත් කරුවන් 50 දෙනෙකුට පමණ සිය දිවි නසා ගැනීමට සිදු වූයේ මෙම යුබී ‍ෆිනෑනස් සමාගමේ පාලනාධිකාරියේ ම්ලෙච්ජ පිළිවෙත හේතුවෙනි.

මෙම ඉඩම සම්බන්ධයෙන් ද යූ බී ‍ෆිනෑන්ස් සමාගමට හිතුමතේ තීරණ ගැනීමේ හැකියාවක් නොමැත. ඒ අධිකරණයේ නියමයනට අනුව සිදු විය යුතුය. එහෙත් මෙම සමාගම විසින් සිදු කරනු ලැබුවේ, මෙම ඉඩමෙහි බිම් කොටස් මිලදී ගත් පුද්ගලයන්ටද හොර රහසේ මෙම ඉඩම තුට්ටු දෙකකට විකුණා දැමීමට කටයුතු කිරීමය.

එම ගනුදෙනුවේදී පවා මෙම සමාගම කටයුතු කර ඇත්තේ ඉතා සැක කටයුතු ආකාරයෙනි. එනම් මෙම ඉඩමේ වටිනාකමට වඩා අඩකටත් වඩා අඩු මුදලකට මේ විකුණා දැමීමට කටයුතු කිරීම බරපතල සැකයකට තුඩු දෙන්නක් වී තිබේ. මෙහි නව අයිතිකරුවා ලෙස පෙනී සිටින්නේ ' ඒ බී කන්ස්ට්‍රක්ෂන්' නැමැති ආයතනයකි. එහි හිමිකරු අංගම්පොඩිගේ වර්ණකුමාර නැමැත්තෙකි. ඔහු මෙම පර්චස් 220 කට ආසන්න සම්පූර්ණ ඉඩම මිලදි ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 1184 ක මුදලකටය. 2009 වසරේදී මෙම ඉඩමෙහි පර්චස් 10 ක කොටසක් රුපියල් ලක්ෂ 120 කට විකිණීම සිදුකර තිබූ අතර එම මුදල හා සැසදීමේදී මෙම සම්පුර්ණ ඉඩමේහි වටිනාකම රුපියල් ලක්ෂ 2640 ක් පමණ විය යුතුය. වර්තමාන මිල ගනන් අනුව ඊටත් වැඩි වීම සිදුවිය යුතුව තිබේ.

තමන්ගේ තැන්පත්කරුවන්ගේ මුදල් නොගෙවා ඒ වංචා කරමින් සිටින යූ බී ‍ෆිනෑන්ස් ආයතනය මෙම ඉඩම මෙතරම් අඩු වටිනාකමකට විකුණා දැමීමට ක්‍රියා කිරීම තුල තවත් වංචාවක් සිදුව ඇති බවට සැකයක් ඇති වීම සාධාරණය. මෙම ඉඩම නිසි වටිනාකමට විකුණා දැමීම සිදු වූයේ නම් තැන්පත්කරුවන්ගේ තැන්පත් මුදල් හා පොලී මුදල වලින් විශාල ප්‍රමාණයක් පහසුවෙන් ගෙවා දැමීමේ හැකියාව තිබිණි.

මෙම ගනුදෙනුව ගැන සමාගම පවසන්නෙ ඒ බී කන්ස්ට්‍රක්ෂන් සමාගම මෙම ඉඩමෙහි සිදු කළ ඉදිකිරීම් කටයුත්තක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 420 ක ගෙවීමක් සිදු කිරීම විය යු‍තුව තිබූ බවත් ඒ හිලව් කර ගැනීම සඳහා මෙම ඉඩම ඔහුටම අඩු මුදලකට විකුණා දැමූ බවය. එය එසේ සිදු කළත් ඒ විකුණා දැමීමෙහි මිල අවම වශයෙන් ලක්ෂ 2000 ක්වත් විය යුතුව තිබිණි. යූ බී ‍ෆිනෑන්ස සමාගම මෙම ඉදිකිරීම කොන්ත්‍රාත්කරුවා කෙරෙහි මෙතරම් සානුකම්පිත පරිත්‍යාගශීලී පිළිවෙතක අනුගමනය කළේ ඇයිද යන්න ගැන වැඩි දුර කළ සොයා බැලීමේදී හෙළි වූයේ මේ ගණුදෙනුව පිටිපස සිටින කෙරුම්කාරයා යූ බී ‍ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායකයා වන රන්සිත් කරුණාරත්න නැමැත්තා බවය. යූ බී ‍ෆිනෑන් සමාගමේ සියලු කටයුතු ඔහුගේ අධිකාරිත්වයට යටත්ව සිදු වෙමින් තිබේ. මොහුගේ මේ තක්කඩි ක්‍රියා පිළිවෙත ගැන යූබී ‍ෆිනෑන්ස් සමාගමේ සභාපති ඇලෙක්සි ලොවෙල් ( ශ්‍රීලංකාව කැසිනෝ රජදහනක් කරන්නට ඕස්ට්‍රේලියාවේ කැසිනෝ රජු ජේම්ස් පැකර්ව, මෙරටට ‍රැගෙන ආවේ මොහු විසින් යැයි පැවසේ) හෝ යූනියන් බැංකුවේ පාලන අධිකාරියේ නැත්නම් ශ්‍රීලංකා මහ බැංකුවේ පාලනාධිකාරයෙන් හෝ අනුමැතියක් ආශිර්වාදයක් හිමිව තිබේද යන්න ගැන දැනට අපි නොදනිමු.

ඒ අනුව මෙම යු බී ‍ෆිනැන්ස් ආයතනයේ තැන්පත්කරුවන් අද මුහුණ දෙන යම් අර්බුදයක් තිබේද ඊට ප්‍රධාන වගකිව යුත්තා වන්නේ මෙම විධායක නිලධාරියාය. ඔහු මේ තක්කඩි සෙල්ලම කරන්න මේ දහස් ගනනක් වූ තැන්පත් කරුවන්ගේ ජීවිත සෙල්ලමකට ගෙනය. මේවා සහ ගහන අපරාධ ගනයට වැටෙන ම්ලේච්ඡ මජර වැඩය.

රන්සිත් කරුණාරත්න්ගේ හා අංගම්පොඩිගේ වර්ණකුමාර අතර යාලු මිත්‍රකම් හො වෙනත් ඩීල් කවරක් තිබුණද ඊට මේ තැන්පත්කරුවන් වගකිව යුතු නොවේ..ඉඩම් හිමිකරුවන් වගකිව යුතු නොවේ. මේ මජර වැඩ ශ්‍රීලංකාවට අලුත් දේවල් නොවන බව අපි නොදන්නවා නොවේ..මේ ජාතියේ හොර තක්කඩි ඕනෑතරම් මේ රටේ සිටියහ. සක්විති රණසිංහ කියන්නේ ඒ තක්කඩිකම් නිසා අදටත් හිරේ විලංගුවේ වැටී දඬුවම් විඳින්නෙකි. රන්සිරිලාගේ ආනාගතය කෙබදු වේදැයි අපි කියන්න දන්නේ නැත. මන්ද හොර දෙ‍ටුවන් අල්ලා අච්චු කිරීමට මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ශක්තිමත් විය යුතුය. එවා ස්වාධීන විය යුතුය. ඊට අවශ්‍ය පි‍ටු බලය රට කරවන දේශපාලන අධිකාරියෙන් ලැබිය යුතුය. එහෙත් රට කරවන්නේ කාටත් වඩා පට්ට හොරු විසින් බව පසුගිය රාජපක්ෂ ආණ්ඩුවත් වත්මන් යහපාලන ආණ්ඩුවත් ඉතා හොඳින් පෙන්වා දෙමින් තිබෙන ඇත්තය. වැටත් නියරත් ගොයම කන විට ඉතුරු හරිය ගැන කියන්නට දෙයක් නැත.

මෙම ඉඩම් පළ හිලව්ව ගැන පවා මීගමුව පොලිසියේ පැමිණිල්ලක් කිරීමට එම ඉඩම් අයිතිකරුවන් කටයුතු කිරීමේදී මීගමුව මහාධිකරණයේ ‍තෝල්කයා යැයි කියන ශශික ගංගනාත් සුදුහෙට්ටි නැමැත්තෙකු පැමිණ, එම පැමිණිල්ල ලියා නොගන්නා ලෙසට පොලීසියට බලපෑම් කිරීමද සිදුව තිබේ. පොලීසිය පැමිණිල්ල විභාග කරන අවස්ථාවේදී මේ ‍තෝල්කයා ඉඩම හොර රහසේ අත්පත් කරගත් නව අයිතිකරුවන්ගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටිමින් එතන යකා නටා ඇත. අධිකරණෙහි ‍තෝලක රස්සාව කළ පලියට නඩු විසැඳීමේ හෝ පොලීසියට ගෙම්බර් පෙන්වීමෙ අයිතියක් ඔහුට නැත. මේ ගැන අධිකරණ අමාත්‍යංශයට පැමිණිල්ලක් කිරීමට අගතියට පත් පාර්ශ්වය කටයුතු කරමින් සිටින බවද දැන ගැනීමට තිබේ. ඒ නඩුව විසැ‍ඳෙන හැටිද අපි බලා සිටිමු.

අපට දැනට කළ හැක්කේ මේ හොරකම් හොර දෙ‍ටුවන් හෙළිදරව් කිරීම පමණය. මේ හොර තක්කඩි ආයතන වලට ‍රැවටී තමන් ජීවිත කාලය පුරා හරි හම්බු කර ගත් වස්තුව දේපොළ මේ හොර සක්විතිලාට දන්දෙනට පෙර ඒ ගැන නැවත නැවත කල්පනා කරන ලෙසත් මහ ජනතාවගෙන් ඉල්ලා සිටීම අපගේ යුතු කමක් කොට සලකමු. කොහොම නමුත් මේ හොර ඉඩම් ගනුදෙනුව ගැනත් තැන්පත් කරුවන්ගේ මුදල් කොල්ල කෑම ගැනත් වගකිව යුත්තන් කටයුතු කරන්නෙ කෙසේද යන්න ගැන අපි අවධානයෙන් සිටිමු.

ub anura parliment

Last modified on Saturday, 18 November 2017 22:12

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us