ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි Featured

Published in පුවත්
Monday, 13 November 2017 17:21

ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා පැමිණෙන්නැයි නිරන්තරයෙන් ශ්‍රීලංකා ආණ්ඩුවේ නියෝජිතයන් ජාත්‍යන්තර සමුළුවලදී ආරාධනා කළද ඒ වෙනුවෙන් ශ්‍රීලංකාවට පැමිණි විට එළවා දමන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ශ්‍රීලංකාව තුල ආයෝජනය කිරීමට යාම නොකළ යුතු බවට තම සමාගම් එකතුව විසින් නුදුරේම නිවේදනයක් නිකුත් කරන බව විදේශ සාමාගම් ප්‍රධානියකු අප වෙත පැවසීය.

තම සමාගම ඇතුලුව තවත් සමාගම් ‍රැසක් ශ්‍රීලංකාවේ ආයෝජනය සඳහා ව්‍යාපෘති වාර්තා ලබා දී තිබුණද ඒ වෙනුවෙන් අල්ලස් ඉල්ලීම මීට ප්‍රධාන හේතුව බව ඔහු පෙන්වා දෙයි. එම අවශ්‍යතාවය සපුරන තෙක් ආයෝජන මණ්ඩලය ව්‍යාපෘති වාර්තා සලකා බැලීමක්වත් සිදු නොකරන බවත් ඔහු පවසයි.

ආයෝජන මණ්ඩල ප්‍රධානින්ගේ මේ කැත සිරිත නිසා මේ සම්බන්ධයෙන් රජයේ අමාත්‍යවරු ගන්නාවක් සමඟ සාකච්ඡා කළද ඔවුන්ද එලෙසම අල්ලස් ඉල්ලා සිටීම විශාල ගැටලුවක්ව තිබෙන නිසා තව දුරටත් ශ්‍රිලංකාව තුල අයෝජනය කිරීමට කල්පනා කිරීම සිදු නොකළ හැකි බවත් පෙන්වා දෙන එම ආයතන ප්‍රධානියා මේ බව ලෝක ප්‍රජාවට හෙළි කිරීම විය යුතු බව පවසන්නේ තවත් විශාල පිරිසක් ආයෝජන මණ්ඩලය හමුවේ රස්තියාදු වීම වලකාලීම තම යුතු කමක් බව පවසමිනි.

මංගලගේ හීන

මේ අනුව මෙවර අයවැය කතාවේදී මුදල් ඇමැති මංගල සමරවීර මහතා 2018 දී ඩොලර් බිලියන 5ක සෘජු විදේශ ආයෝජන බලාපොරොත්තු වන බව පැවසූවද මේ කිසිවක් මෙරටට ලැබීමේ සම්බාවිතාව ඉතා අඩු වනු ඇත. ආයෝජකයන්ට බල්ලන්ට සේ සලකන ක්‍රමයක් රටේ තිබියදී මේ අයවැය යෝජනා හිතලු පමණක් වීම වැලැක්විය හැකි නොවේ.

කොඳුරුතෙල් හත්පට්ටියයි තව ටිකකුයි ඕනෑවීම

පසුගියදා අප විසින් හෙළිදරව් කළ මෙරටට අමරිකානු ඩොලර් 537 ක විශාල ආයෝජනයක් ලෙස පැමිණි අධිවේග විදුලි දුම්රිය නිශ්පාදනය කරන කර්මාන්ත ශාලා සමූහය සම්බන්ධයෙන්ද සිදුව තිබෙන්ණේද මෙම තත්වයය. පසුගිය සිකුරාදා අගමැති ආර්ථික උපදේශක පාස්කරලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඒකජ කවුලුව (single window) හී සාකච්ඡාවේදී එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩල ප්‍රධානින් එම ව්‍යාපෘතිය අනුමත කිරීම බැහැර කර ඇත්තේ අදාල ව්‍යාපාරික සමාගම 'තම ව්‍යාපාරික සැලැස්ම" ලබා නොදීම හේතුව නිසා බව පවසා ඇත. ආයෝජන මණ්ඩලයට ආයෝජන සැලසුම මිස ,ව්‍යාපාරික සැලැස්මෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද යන්න මෙහිදී පැහැදිලි කර නැත. ඕනෑම ව්‍යාපාරික සමාගමක ව්‍යාපාරික සැලැස්ම යනු එම සමාගමේ රහසිගත වාර්ථාවකි. එය හෙළිදරව් කිරීම සිදුකරන්නෙ නැත. මෙම සමාගම වසරකට ඩොලර් බිලියන 5 ක ආදායමක් අපේක්ෂා කරන බව දන්වා ඇත. එය ගෙන එන්නේ කෙසේද යන්න ආයෝජන මණ්ඩලයේ ප්‍රධානින්ට දැන ගැනීමට අයිතියක් නැත. ඔවුන් කළ යුත්තේ ඒ සඳහා පහසුකම් සැලසීමය.

දේශපාලන කුහකම

මෙම ව්‍යාපෘතිය සඳහා පාස්කරලිංගම් මහතාගේ හා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ කැමැත්ත හිමිව තිබුණද ආයෝජන මණ්ඩලය මේ නොතකා හැරිමට හේතුව ' දේශපාලන කුහකකමක් ' බව එම අභ්‍යන්තර තොරතුරු මාර්ග පෙන්වා දෙයි.

රට මේ වැටී තිබෙන අවස්ථාවෙන් යම් තරමකට හෝ ගොඩ ගියහොත් ඒ ලකුණු සියල්ලම යන්නේ එජාපයට බැවින් ඒ වලක්වාලීම මේ ආයෝජන මණ්ඩල ප්‍රධානින්ගේ වුවමනාව වී ඇත. ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ අධ්‍යක්ෂ ජනරාල් වරයා පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. ඒ සඳහා පත් කරන්නේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් බහුතරය මෙරට ප්‍රකට ව්‍යාපාරික ආයතන වල තනතුරු දරණ ප්‍රධානින් අතරෙනි. එම නිසා මෙම මණ්ඩල ප්‍රධානින් තමන් නියෝජනය කරන ව්‍යාපාරික ආයතන අභිබවායා හැකි ව්‍යාපාරයන්ට ඉඩ නොදීමේ ප්‍රතිපත්තියක්ද අනුගමනය කරයි. අදාල දුම්රිය නිශ්පාදන කර්මාන්ත ශාලාවට අදාලව කොළඹ වරාය ජැටියක් පුළුල් කිරීමටද සිදුව තිබෙන අතර මේ වන විට එම ජැටිය සම්බන්ධයෙන් කටයුතු කරන ව්‍යපාරික ආයතන සම්බන්ධතා ඇති ආයෝජන මණ්ඩලයේද ප්‍රධානියකු එම මුහුදු ප්‍රවාහන කටයුතු තම සමාගමට ලබා දිය යුතු බවට මීට පෙර දන්වා තිබී ඇත.

අපිට පඩි ලැබෙනවා..ඒ ඇති -BOI

කෙසේ නමුත් මෙරටට පැමිණෙන විදේශ ආයොජකයන් කෙසේ හෝ රඳවා තබාගෙන රටේ අභිවෘද්ධියට කටයුතු කිරීම ආයෝජන මණ්ඩලයේ ප්‍රධාන කර්ත්‍යවය විය යුතුයි නේද ? යන්න සමාගම් නියොජිතයකු කළ විමසීමක්දී ආයොජන මණ්ඩල ප්‍රධානියකු පවසා තිබුණේ '.. අපිට රජයෙන් පඩි ගෙවනවා. ඒ නිසා ආයෝජකයන් රඳා ගැනීම හෝ ඔවුන් පිටව යෑම අපේ ප්‍රශ්නයක් නොවේ...ඒ නිසා අපිට ආයෝජකයන් ආවත් එකයි නැතත් එකයි ..' යනුවෙනි. එවැනි කාලකණ්නි නිලධාරීන් සිටින රටක් දියුණුකිරීම තබා මේ පවතින තත්වයෙන්වත් පවත්වගෙන යෑමට නොහැකි බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.

පසුගියදා මව්බිම පුවත් පතට නිවේදනයක් එවමින් ආයෝජන මණ්ඩලය මෙම දුම්රිය ව්‍යාපෘතිය අනුමත කිරීම සිදු නොකළේ ඔවුන්ගෙන් ඉල්ලා සිටි ආයෝජන ව්‍යාපෘති වාර්තාවේ ඇතැම් කොටස් ලබා නොදීම බව පවසා තිබිණි. එහෙත් අප ඒ සම්බන්දයෙන් එම සමාගමෙන් කළ විමසීමේදී ඔවුන් පැවැසූයේ ආයෝජන මණ්ඩලය මේ ඉල්ලා සිටින වාර්ථා මිට පෙර දෙවරකදී ඔවුන් වෙත ලබා දී ඇති බවය. කෙසේ නමුත් මෙම ආයෝජනය නොතකා හැරීම සම්බන්ධයෙන් මාධ්‍ය වල තොරතුරු පළ වීම නිසා පසුගිය සිකුරාද මෙම සමාගමේ නියෝජිතයන්ව නැවත කැඳවා ' ව්‍යාපාරික සැලැස්ම ඉල්ලා සිටීම සිදු කර තිබේ.

චීනයට තරගයක් දෙන්න

මෙම ආයෝජනයට සම්බන්ධ වන විදේශීය සමාගම් 22 ක අතරින් ප්‍රමුඛත්ම ආයතනය වන්නේ ජර්මනියේ ZF(Zeppelin Foundation) සමාගමය. එම සමාගම 2016 වර්ෂයේ යුරෝ මිලියන 35.1 ක ආදායමක් වාර්තා කර ඇති සේවකයන් 1,36,820 ක් සේවය කරන සමාගමකි. ඔවුන් දුම්රිය මෙන්ම නෞකා,හෙලිකොප්ටර් යානා හා වෙනත් බර වාහන නිපදවන ලොව දැවැන්ත සමාගමකි. ඒ අතර සේවකයන් 70,180 ක් සේවය කරන වාර්ෂිකව යුරෝ මිලියන 8,928 ආදායමක් ලබන ඉතාලියේ Ferrovie italiane සමාගමද වේ. එම සමාගම ඉතාලියේ දළ දේශීය නිශ්පාදනයට 2%ක දායකත්වයක් දෙන විශාලතම සමාගමකි. තවද මේ වන විට ශ්‍රීලංකාව ඇතුලු ලොව රටවල් 80 කට දුම්රිය යන්ත්‍ර අමතර කොටස් නිශ්පාදනය කර අලෙවි කරන ලෝකයේ විශාලතම සමාගමක් වන චෙක් ජනරජයේ GHH- BONATRAINS සමාගමද මෙම ව්‍යාපෘතියට හවුල්ව තිබේ.

මෙවැනි දැවන්ත සමාගම් 22 සමූහයක් ඒකාබද්ධව විදුලි දුම්රිය නිශ්පාදනය ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ අද ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතින විදුලි දුම්රිය නිශ්පාදනයේ ප්‍රමුඛයා වන චීනයේ CRRC සමාගමෙ හා තරගයක් දීම අරමුණු කර ගෙනය. මෙම සමාගම් හා ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය මෙරටට ලබා ගැනීම වෙනුවෙන් සිලොන් හයිස්පීඩ් ට්‍රේන් සමාගම පිහි‍ටුවාගෙන තිබේ. එම සමාගම් සියල්ල මේ වන විට ඒකාබද්ධ ගිවිසුමකටද අත්සන් කර තිබේ.

කෙසේ නමුත් එහෙත් මේසා විශාල, විශ්වාස වන්ත ව්‍යාපෘතියක් මෙරටට වැද්ද නොගැනීමට මෙරට කුහක බලධාරීන් කටයුතු කිරීම නිසා ලබන දෙසැම්බරයේදී මෙරට ආයෝජනය කිරීම පසෙකලා වියට්නාමයෙහි මෙම කර්මාන්ත ශාලාව පිහි‍ටු වීම සඳහා මේ වන විට එම රජය සමඟ සාකච්ඡා කරමින් තිබෙන බවත් දැන ගැනිමට තිබේ.

සැබැඳි පුවත ,

ලංකාවට පැමිණි ලොකුම ආයෝජකයාව ආපසු හරවා යවයි !

විදුලි දුම්රිය ආයෝජකයන්ගෙන් සිරස මාෆියාවත් කප්පන් ඉල්ලයි !

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us