එම පා ගමන හා උද්ඝෝෂණ ව්‍යාපාරය මේවන විට පාර්ලිමේන්තු සංකීර්ණයට මීටර් 200ක පමණ දුරින් ස්ථානගතව ඇති බවත්,එය පොලිස් මාර්ග බාධක යොදා නවතා ඇති බවත් වාර්තාවේ.
අධි ආරක්ෂිත කලාපයක් වන පාර්ලිමේන්තුව අසළ පෙළපාළි හා උද්ඝෝෂණ තහනම් කරමින් අධිකරණයෙන් තහනම් කළ නියෝගය උද්ඝෝෂකයන් හමුවේ අවසන් වරට කියැවීය.
පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක අලෙවි මව්ලානා මහත්වරුන් ඇතුළු පිරිසකට එරෙහිව එම තහනම් නියෝගය ගෙන ඇත.
පොලිසිය ඉල්ලා සිටියේ මැති සබේ කටයුතුවලට බාධා නොකොට එම පෙදෙසින් ඉවත් වන ලෙසයි.මේ තත්වය හේතුවෙන් පාර්ලිමේන්තු සංකිර්ණය ඉදිරිපිට නොසන්සුන්තාවක් පවතී.