මැතිවරණයකට ජාජබය විරුද්ධයි, සජබයයි රාජපක්ෂලයි කැමතියි, රනිල් ඕන එකකට ඔට්ටුයිලු   Featured

Published in Gossip
Sunday, 17 March 2024 10:54

පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා මැතිසබයේ යම් පක්ෂයක් විසින් යෝජනාවක් ඉදිරිපත් කළහොත් ඊට ඡන්දය ප්‍රකාශ නොකර සිටීමට ජාතික ජන බලවේගය තීරණය කර ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසූ බව දේශය පුවත්පත වාර්ථා කර ඇත.

තම පක්ෂය ඕනෑම මැතිවරණයකට සූදානම් වුවත් විවිධ පක්ෂවල දේශපාලන ගේම් සඳහා කිසිදු ආකාරයකින් සහායක් ලබා නොදීමට ජාජබය මෙම තීරණය ගෙන ඇත.

කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂය හෝ ප්‍රධාන විපක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා යෝජනාවක් ගෙන එන්නේ ඔවුන්ගේ පහසුවට මිස, රටේ යහපත සඳහා නොවන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා ඇත.

මේ අතර මේ වසරේ මුලින්ම පැවැත්විය යුත්තේ මහ මැතිවරණය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද එම පුවත්පතට පවසා ඇත. මෙය තමන්ගේ පෞද්ගලික අදහස බවත් පක්ෂයේ නිල මතය පසුව ප්‍රකාශ කරන බවත් හිටපු ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මහ මැතිවරණයට පසුව ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් නැති බවත් සිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර මුලින් පැවැත්විය යුතු මැතිවරණය සම්බන්ධයෙන් විවිධ මත සාකච්ඡා වෙමින් පවතින බවත් පවසන ඔහු, එහෙත් ඒ සියලු දෙනාම අවසානයේ පක්ෂයේ නිල මතයට ගරු කරනු ඇති බවද පෙන්වා දෙයි.

කෙසේ හෝ ඉදිරි සති කිහිපය තුළ මුලින්ම පවත්වන මැතිවරණය ගැන ආණ්ඩුවේ ප්‍රධානීන් සමඟ ද සාකච්ඡා කොට රටට ප්‍රකාශ කරන්නේ යැයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

පසුගියදා බැසිල් රාජපක්ෂ ද සමාජමාධ්‍ය නාලිකාවක පැවැති සාකච්ඡාවකදී මහ මැතිවරණයක අවශ්‍යාතාවය මතුකර තිබිණි.

සමග් ජන බලවේගයේ අපේක්ෂාව වන්නේ මහ මැතිවරණයක් මුලින් ලබා ගැනීමට ඒ සම්බන්ධයෙන් එම පක්ෂය දැන් කාලයක සිට උත්සහ කරමින් සිටී. එසේම ඒ සඳහා පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කර ගැනීම වෙනුවෙන් පොදුජන පෙරමුණේ සහය ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමේ සුදානමක පසුවන බවද දැන ලැනීමට තිබිණි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල්ගේ ස්ථාවරය වන්නේ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මුලින් පැවැත්වෙන් බවත් ඒ සඳහා රජය කටයුතු කරන බවය. මහ මැතිවරණයක් අවශ්‍ය නම් ඒ සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් ලබා ගත හැකි බව ඔහු පවසා ඇත.

Leave a comment

worky

worky1

ld add copy

Latest News

පළාත් කිහිපයක උෂ්ණත්වය අද යළිත් ඉහළට

පළාත් කිහිපයක උෂ්ණත්වය අද යළිත් ඉහළට

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්...

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us