ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුලේ CSN කාර්යාලයකුත් තිබිලා ! (ඡායාරූප)

Published in පුවත්
Friday, 23 October 2015 23:54

කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුල පවත්වාගෙන යන ජනාධිපති ලේකම් කාර්යාල සංකීර්ණයේ එක් කාමරයක් තුල රාජපක්ෂ පවුලට අයත් කාල්ටන් ස්පොර්ට් නෙට්වර්ක්(CSN) හී කාර්යාලයක් පවත්වාගෙන ගොස් තිබෙන බව හෙළිව තිබේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාව සිටි සමයේදී ජනාධිපති මාධ්‍ය අංශයක් ස්ථාපිතව තිබියදී ' ජනාධිපති ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය' යන නමින් තවත් මාධ්‍ය ඒකකයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ වෙනුවෙන් වෙන් කොට තිබු කාමරය තුළ මෙම CSN කාර්යාලය පවත්වාගෙන ගොස් තිබේ. මෙම කාමරය පාවිච්චි කරනු ලැබුවේ නාමල් රාජපක්ෂ මහතා සහ තවත් තරුණ තරුණියන් කිහිප දෙනෙකු විසින් බවටද තොරතුරු හෙළිව ඇත.

ජනාධිපතිවරණය පරාජයෙන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලය තුල තිබූ බොහෝ දේ ‍රැගෙන යාමට රාජපක්ෂවරු කටයුතු කොට තිබුණද මෙම කාර්යල කාමරයේ තිබු කිසිවක් හෝ ‍රැගෙන ගොස් නොමැත. ඒ අමතක වීමෙන් සිදු වූවා විය හැකිය. මන්ද මෙම කාර්යාලය තුල CSN රූපවහිනිය විසින් පටිගත කරන ලද වැඩසටහන් කැසට් පට පන්සියයක වඩා තිබීමය. එමෙන්ම ආයතනයට අදාල වැදගත් ලියකියවිලි ‍රැසක් මෙහි තිබී ඇත.

මෙම කැසට් පට හා ලියකියවිලි සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කිරීමට ජනාධිපති කාර්යාලය පියවර ගෙන තිබේ. එමෙන්ම ජනාධිපති ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය ලෙස ස්ථාපිත කර තිබූ මේ විශේෂ ඒකකය කුමක්ද යන්න ගැනත් එමඟින් සිදු කොට ඇති කාර්යය කුමක්ද යන්න ගැනත් මේ වන විට සොයා බලමින් තිබේ. පහතින් දැක්වෙන්නේ එම කාර්යාලයේ ඡායාරුප කිහිපයකි.

කෙසේ නමුත් ජනාධිපති ලේකම් කාර්යාලය යනු රාජපක්ෂලාගේ බුක්තියට සවිව තිබු ඔවුන්ගේ පෞද්ගලික දේපලක් නොවේ. ඒ මෙරටේ මහජනතාවගෙන් අයකර ගන්න බදු මුදලින් නඩත්තු කළ රජයේ ආයතනයකි. රාජපක්ෂලාගේ බිස්නස් වැඩ වෙනුවෙන් මේ පොදු දෙපල යොදා ගැනීම බරපතල වරදකි.

මේ CSN ආයතනය ගොඩ නගන ලද්දේ රාජ්‍ය දෙපල හා ජාවාරම් මඟින් උපයන ලද කළු සල්ලි ආයොජනය කර බව මේ වන විට එම ආයතනය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් සිදු කරනු ලබන විමර්ශන වලදී අනාවරණය වී තිබෙන්නකි.

csn-1

csn-2

csn-3csn-4csn-5csn-7csn-6

Last modified on Friday, 23 October 2015 23:57

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us