මහින්ද වේදිකාවට නොනඟින ඇත්ත හේතුව හෙළිවේ! Featured

Published in පුවත්
Saturday, 13 June 2015 16:33

මහින්ද රාජපක්ෂ මහතා යළි බලයේ පිහි‍ටුවීමේ දේශපාලන ‍රැළි ගනනනවක්ම මේවන විට පැවැත්වූ නමුදු ඒ එකදු වේදිකාවකට හෝ ඔහු එක් වූයේ නැත. ඊයේ මාතර පැවැති වේදීකාවට ඔහු ගොඩවනු ඇතැයි බලාපොරොත්තුවක් එම පැමිණ සිටි ජනතාව වෙත එම සංවිධායකයන් විසින් පෙර ප්‍රචාරක කටයුතුවලදී දන්වා තිබුණු නමුදු මහින්ද රාජපක්ෂ මහතා අසල ජනතාව අතරට පැමිණ නික්ම ගියේය.

රාජපක්ෂ මහත ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවට එක් නොවෙන්නේ මෙරට ප්‍රකටම ජෝතිර්යවේදියෙකු ලබා දුන් උපදෙස් අනුව බව ලංකා ඩේලි වෙත අනාවරණය වේ. පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ මහතා පරාජය වන බවට නිවැරදී අනාවැකියක් කිව් මේ ජෝතිර්වේදියාගේ සහය ලබා ගැනීමට රාජපක්ෂ මහතා මේ වන විට කටයුතු කර ඇත.

ඒ අනුව ලබන ඔක්තෝබර් 21 වන දින දක්වා රාජපක්ෂ මහතා ප්‍රසිද්ධ වේදීකාවට එක් වන්නේ නැත. එම කාලය තුල ප්‍රසිද්ධ වේදිකාවට එක් වීම තව දුරටත් ඔහුගේ පිරිහීමට හේතුවන බවත් දැඩි සතුරු උපද්‍රව වලට ලක්වන බවත් ජෝතිර්වේදියා දන්වා තිබේ. ඒ අනුව ඉන් බේරී සිටිමට දැනට පවතින අපල ග්‍රහ යෝගයේ බලපෑම අවම වීමට බෝධි පූජ පැවැත්වීම අඛන්ඩව සිදු කරන ලෙසත් ඊට අමතරව 'මහා මන්තේෂ්වරී යන්ත්‍ර රාජයා' ඉනෙහි සුරයක් ලෙස පළදිය යුතු බවත් ඔහු දැනුම් දී තිබේ. ඒ අනුව වසර 3ක් මාස 3 හ දින 21 ක් යන තෙක් පැලැදීම සඳහා මේ යන්ත්‍ර රාජයා මේවන විට රාජපක්ෂ මහතාට ලබා දී තිබේ.ඉන් සතුරන්ගේ අපහාසයට උපහාසයට ලක් නොවී සිටිය හැකි බව පැවැසේ.

කෙසේ නමුත් ජොතිවේදීය පල කළ අණාවැකි අනුව යළි ඔහුට බලයට පැමිණීම සඳහා හැකියාවක් ඇති කාලසීමාවක් එළබෙන්නේ තව වසර 21 කටත් පපසුවය. ඊට අනූ වියත් ඉක්මවිය යුතුය. තමා කිව් පිළිවෙත් වලට අනුව කටයුතු කළ හොත් ඒ කාලය තුල රටේ ජනතාව අතර අපහාසයට පිලිකුලට භාජනය නොවී ජිවිතයේ අවසාන කාලය ගත කළ හැකි බව පවසා ඇත.

එමෙන්ම 'මේවන විට'මහින්ද සමඟ නැඟිටිමු'යනුවෙන් ඔහුගේ හිතවාදීන් ගෙන යන ප්‍රචාරක කටයුත්තේ ගන පිහිටීමද රාජපක්ෂ මහතාට අපල ගෙන දෙන්නක් බැවින් හැකිනම් එම තේමා පාඨය වෙනස් කරන ලෙස දැන්වීම නිසා ඉදිරි ‍රැස්වීම වලදී ඒ වෙනස් කිරීමට නියමිතය.

මේ අනුව යළි රාජපක්ෂ මහතා ක්‍රියාකාරී දේශපාලනය නො එළෙඹෙනු ඇති අතර පුත් නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය ‍රැක ගැනීම සඳහා තමාගේ හිතවත් කණ්ඩායම් හී ජයග්‍රහණයට සහය පළකිරීම පමණක් සිදු කරනු ඇත.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us