විද්‍යාගේ මරණය සමස්ත ස්ත‍්‍රී පරපුරේම ප‍්‍රශ්නයක් (photos)

Published in පුවත්
Monday, 25 May 2015 15:45

යාපනයේ කයිට්ස් පුංකුඩුතිව් හි සිවලෝගනාදන් විද්‍යා නැමති 17 හැවිරිදි සිසුවිය පැහැරගෙන ගොස් ලිංගික හිංසනයට ලක්කර මරා දැමීමේ සිද්ධිය පදනම් කරගනිමින් ස්ත්‍රී හිංසනයට එරෙහිවීමේ අවශ්‍යතාව පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් පැවැත්වූ වැඩසටහනක් අද (25) පෙරවරු 09 ට කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටදී පැවැත්විණි.

මෙහිදී අදහස් දක්වමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලී අබේරත්න සදහන්කර සිටියේ අප ජීවත් වෙන ලංකාවේ මෙන්ම අසල්වැසි ඉන්දියාවේද ලෝකයේ වෙනත් ඕනෑම තැනකද ස්ත්‍රිය පීඩාවට පත්වීම පොදු දෙයක් බවට පත්ව ඇති බවත් එහි කෙළවර ඉතා ශෝචනීය හිංසනයන් සහිත මරණ බවයි.

විද්‍යාගේ මරණය හරහා උතුරේ පීඩාවට පත්වෙන ස්ත‍්‍රීන්ගේ කථාවට අලූත් මානයක් විවර කරන බවත් ලාංකේය ස්ති‍්‍රයගේ ජීවිතයේ අපි කාටවත් හසු නොවෙන පැත්ත. එදා කොටකෙතන සහෝදරියන්, කිරුළපන මරා දැමුණු කුඩා දියණිය, උතුේර සාරන්‍යා, කි‍්‍රශාන්ති කුමාරස්වාමි, වගේම තවත් බොහෝ දෙනෙක් අයත්වන මේ කථාවට සිංහල දෙමළ බේදයක් නැති බවත් ඇය ස්ති‍්‍රයක් වීම නිසා අත්විදින ඇත්ත තත්වය මෙය බවත් පැවසුවේය.

''මෙය හෙට දවසේ ඔබේ දියණියට සොයුරයට මවට එල්ල වෙන්නේ නෑ කියලා ඔබ අප කාටවත් කියන්න බෑ. විද්‍යාගේ සිද්ධියෙන් උතුර කම්පනය කළා විතරක් නෙමෙයි සාමූහික විරෝධයක්ද දැනටමත් එල්ලවෙලා ඉවරයි. එය කෙතරම් ප‍්‍රමාණයකින් අපි හැමෝගේම හදවත් කම්පනයට ලක්කරන අත්දැකීමක් වුණාද කියන එක අපි අපිම අහගන්න ඕන ප‍්‍රශ්නයක්. ඉන්දියාවේ නිර්භයා ලිංගික හිංසනයට ගොදුරුවෙද්දී කම්පාවට පත්වුණු ලංකාවේ බොහෝ දෙනා අද විද්‍යාගේ ප‍්‍රශ්නයේදී නිහඬවෙලා ඉන්නේ ඇයි කියලා අපිට ගැටළුවක් ඇති බවත්. මෙය උතුරේ තවත් ප‍්‍රශ්නයක් ලෙස නොව ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ සීමා මායිම් කිසිවක් නැතිව කතාකරන භාෂාවලින් එහාට ගිය සමස්ත ස්ත‍්‍රී පරපුරේ ප‍්‍රශ්නයක් අපේම ප‍්‍රශ්නයක් බවත් ඇය පවසා සිටියාය.''

''ඒ වගේම මේ වෙලාවේ ලංකාවේ මාධ්‍ය වගේම, දකුණේ මෙන්ම උතුරේ දේශපාලකයන් හැසිරෙන විදිහ ගැනත් කථා කරන්න ඕනෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ උතුරේ උසාවිවලට ගල් ගහනවා පොළිසියට පහර දෙනවා ඒක භයානක තත්වයක් නැවතත් මේ සූදානම් වෙන්නේ මොකටද කියලා හිතලා බලන්න වෙනවා කියලා. ඒ වගේම ඩලස් මහත්තයා කියන්නේ මේ උද්ඝෝෂණය කරපු අය අතරේ කොටි ඕල්ඞ් බෝයිස්ලා ඉන්නවා, විද්‍යාගේ මරණය හරහා නැවත පරණ තැනට යන්න අදාල වටපිටාව සකස් කරනවා කියලයි. වීරවංශ මහත්තයාට අදාලව මේක යහපාලනයේ ගැටලූවක්. ඒ වගේම එස් බී මහත්තයා කියන්නේ මේක අහිංසක දෙමළ තරුණියක් දෙමළ පිරිමි දරුවෝ හයදෙනෙක් එකතුවෙලා අපයෝජනය කිරීමක්, හොඳ වෙලාවට එතන සිංහල කවුරුත් ඉදලා නෑ කියලා. ඉතින් මේ කථා සේරම ඇතුලේ පේන දේ තමයි දේශපාලකයෝ හැමදාමත් කරපු දේ. මේ අය රටේ ඕනැම ප‍්‍රශ්නයක් තමන්ගේ දේශපාලන වාසියට හරවා ගන්නවා. ඒකට සිංහල තමිල් බේදයක් තිබුනේ නෑ. තියෙන්නෙත් නෑ.

රෝසි සේනානායක නොනත්, නිදහස් චතුරශ‍්‍රයට ඇවිත් ඉටි පන්දම් පත්තු කෙරුවට මේ ප‍්‍රශ්නෙට උත්තර හම්බවෙන්නේ නෑ කියලා එතුමියටත් මතක් කරන්න අපි කැමතියි.''

මෙය හුදු පුද්ගල විරෝධයකින් කෙළවර කළහොත් හෙට දවසේත් විද්‍යාගේ, සාරන්‍යලාගේ, කොටකෙතන සොයුරියගේ මෙන්ම නිර්භයාලා ලිංගික හිංසනයට, අපයෝජනයට ගොදුරු වෙලා මරා දැමෙනවා බලා ඉන්න පුළුවන් බවත් පැවසුවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා සිටියේ අද උතුරේ උද්ඝෝෂණ නවත්වන්න උසාවි නියෝග අරගෙන ඇති බවත් දකුණේ ශිෂ්‍යයින්ගේ උද්ඝෝෂණ කිරීමේ අයිතියට වැට බැඳලා ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත්ය. පාලකයෝ රකින, වැඩකරන මිනිසාව පෙළන මේ අත්තනොමතික නීතිය ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පීඩිත මිනිසුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සීමා ඉරි අඳින බව පැවසුවාය. එනිසා ඇත්ත ප‍්‍රජානත්ත‍්‍රවාදය වෙනුවෙන්, පීඩාවට පත්වෙන උතුරේ දකුණේ සියළු සහෝදර ගැහැණුන් පිරිමින් වෙනුවෙන් මේ සමාජ ක‍්‍රමයට එරෙහි විරෝධයක් එල්ල කිරීම සඳහා ශක්තිමත්ව පෙළගැසිය යුතු බව ඇය අවධාරණය කර සිටියාය.

Free-women-2015-05-25-06

Free-women-2015-05-25-10

Free-women-2015-05-25-05

Free-women-2015-05-25-13

Free-women-2015-05-25-14

Free-women-2015-05-25-12

Free-women-2015-05-25-17

Free-women-2015-05-25-18

Free-women-2015-05-25-16

Free-women-2015-05-25-20

Free-women-2015-05-25-19

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us