අන්තරේ ගුටි කෑම හා බයියන් චූන් වීම Featured

Wednesday, 01 April 2015 11:37

ඊයේ(31) පැවැති අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය පා ගමනට පොලිස් ප්‍රහාරයක් එල්ල වීම ගැන බලවත් විරෝධය එල්ල කළ යුතුය. ඒකේ දෙකක් නැත. ඒ සමඟම ඒ ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර හා කඳුළු ගෑස් වලට සීමා කිරීම ගැනද පොලීසියට ස්තූති විය යුතුය.

කෙසේ නමුත් දැන් ශිෂ්‍යන් සිටින්නේ මොරාල් පිටය. ඒ ඔවුන්ට අවශ්‍ය දෙයකි. එසේ නොමැතිව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ඉතිහාසයක් පුරා කළ සටන තව දුරටත් ඉදිරියට යන්නේ නැත. දිනා ගත යුතු දෙයක් තිබේ නම් ඒ සඳහා සටන් කළ යුතුමය. කිරි එරෙන්න නම් අඩන්න ඕනෑ යැයි පැරණි කියමනක් ගැමි වහරේ එන්නේ ද ඒ නිසාය.

මෑත ඉතිහාසයේ ශිෂ්‍ය සටන් මුහුණ පෑ බරපතලම සිදු වීම වූයේ 'මාතලන් හා ටොක්කා' ඝාතනය කිරීමය. ඒය පැහැදිලිවම රාජපක්ෂ පාලනය විසින් සැලසුම් කළ ඝාතනයක් බවට විවාදයක් නැත. ඊට අමතර ඇස් බෝල එළියට පනින්න තරම් ගුටි කෑම් මේ මෑතකදී සිදුව තිබිණි.

එහෙත් ඒවා දැන් අමතක ව තිබේ. විමල් වීරවංශ විමසන්නේ ඊයේ ගැහුවේ යහපාලන කඳුළු ගෑස්ද යන්නය. සමාජ ජාලා බයියන් කියන්නේ "යහපාලනයක් ගෙනාපු උඹලට ඇද්ද ඇද්ද..? "යනුවෙනි. ඒ අස්සේ යහපාලන ටොයියන් සද්දේ වහගෙනය. මේ වූ හරිය කිසිවකුට දරා ගැනීමට නොහැකිව තිබෙන හැඩය. ඒ එසේ වියයුතුය, ඒකාධිපති රාජපක්ෂ පාලනයට එදිරිව යමින් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරනව කිව ඈයෝ මෙහෙම ගහන්න ගන්නකොට 'මේ මොන යහපාලනයක්ද 'යැයි කල්පනා නොවුනොත් ඒ පුදුමය.

ඒ අස්සේ බොරදියේ මාළු බෑමට දඟලන දේශපාලනයක නිරතව සිටින 'වාමාංශික'ලේබලය ගසාගෙන ඉන්නා කුඩා කණ්ඩායම් ද මෙයින් චූන් වී තිබේ. ඕක තමයි අපි කිව්වෙ මෛත්‍රීපාලනයෙන් අවම ප්‍රජතන්ත්‍රවාදයවත් බලපොරොත්තු වෙන්න බෑ කියලා යනුවෙන් ඔවුන් පුනරුච්ඡාරණය කරමින්ද සිටී. මේ අතර ගුටි කෑමට ලක්වූ ශිෂ්‍ය නායකයකු ඊයේ මාධ්‍යට කීවේ මහින්ද චින්තන කාලයේ වගේ උඩ බලාගෙන ඉන්නෙ නැතුව යහපාලනය සමඟ සටන් කළ යුතු බවය. ( එම වීඩියෝ පටය මෙම වෙබ් අඩවියේ පළකරතිබේ) කලින් කී වාමාංශිකයන්ට නැති දේශපාලන අවංක බාවයක් මේ කොල්ලන්ට තිබීම සතු‍ටු දායක තත්වකි.

කෙසේ නමුත් ශිෂ්‍ය අරගල කියන්නේ ගුටි කෑමන් කෙලවර කර ගැනීමට ආසා කරන අරගල වර්ගයකි. ඉල්ලන් කෑමට ප්‍රිය කරන සටන් කලාවකි. එහි ගැටලුවක් නැත. ඒක වයසේ වැ‍රැද්දය.

එහෙත් මේ අරගල පැන නඟින්නේ නිකම් නොවේ, සාධාරණ ගැටළු සමඟිනි. ඒවාට අහුම්කන්දීම මෙන්ම ඒ වහා විසඳා දීම ආණ්ඩුවක වගකීමය. අධ්‍යාපනය සම්බන්ධ ගැටළුව යනු රටක ප්‍රධාන ප්‍රශ්නයකි. නමුත් මෙරටේ 'අධ්‍යාපනය යනු කුමක්දැයි යන්නවත් නිර්වචනයක් නැතැයි සිතෙන තරමට ඒ ක්ෂේත්‍රය අවුල් වියවුල්ව තිබේ. ඒ මුල පටන්ම ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබෙනකි. ඒ වෙනුවෙන් විශේෂ මැදිහත් වීමක් රජයේ පාර්ශ්වයෙන් සිදු විය යුතු අතර ආචාර්‍යවරුන් මෙන්ම ශිෂ්‍ය සංවිධාන වලද සහය අත්‍යාවශ්‍ය කරුණක් වෙයි. අධ්‍යාපනය වෙනුවෙන් දළ ජාතික නිශ්පාදිතයෙන් සියයට 6 ක ප්‍රතිශතයක් වෙන් කර දීමට වත්මන් රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති විට එහි යහපත් ප්‍රතිපලයක් අත් විඳින්නට නම් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නියත ලෙසම සිදු විය යුතුය. පසු ගියදා ඇතැම් විද්වතකු පෙන්වා දුන්නේ සියයට 6ක් වෙන් කළද එකෙන් කරන්න තරම් වැඩක් මේ ක්ෂෙත්‍රයේ නොමැති බවය. ඊට හේතුව මේ ක්ෂේත්‍රය ඊට හිමි බරෙන් පුළුල් නොවීමය.ඒ විසඳා ගැනීම හදිසි තත්වයක් නොවේ.

නමුත් ශිෂ්‍යන් නඟන හදිසි අවශ්‍යතා සහිත ඉල්ලීම් ලබා දීම සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් ලබා දීමේ ඉඩක් මේ රජයට පැහැදිවම තිබේ. මහපොළ රුපියල් 5000ක් කිරීමේ ඉල්ලීම ඇතුළුව නේවාසිකාගාර ප්‍රශ්න ආදී ගැටළු විසදීම අපහසු කරුණු නොවේ. කෙටිකාලීනව අවශ්‍ය විසඳුම් වහා ලබා දීමට රජය පියවර ගත යුතුය.

මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් චූන් වීම යනුම දේශපාලන කුහක කම ප්‍රදර්ශනය කිරීමකි. මීට පෙරද මා විසින් ලිපි කිහිපයකදීම පෙන්වා දුන්නේ අප ගමන් කළ යුත්තේ අපිට පුරුදු පුහුණු පැරණි මජර දේශපාලන භාවිතාවට නොවන බවය. අද රටට අවශ්‍ය ඇත්තේ ශිෂ්ඨ සම්පන්න දේශපාලන භාවිතාවකි.

කුඩු එතනෝල් කාරයන් මිනීමරුවන් හොරුන් ස්ත්‍රී දුෂකයන්ට හා නූගතුන්ට ඇමැතිකම් දෙනව යැයි කෑමොර දෙන ජනතාව ඒ වැලැක්වීම වෙනුවෙන් පෙනී සිටිය යුතු නොවේද? රාජ්‍ය යාන්ත්‍රණයේ වංචා දූෂණ නාස්තිය වලක්වා ගැනීම වෙනුවෙන් ජනතාව මැදිහත් විය යුතු නොවේද ? රාජ්‍යයේ ප්‍රතිපති වෙනුවෙන් ජනතාව මැදිහත් වියයුතු නොවේද? ඒ සඳහා වත්මන් දේශපාලන අධිකාරියෙන් කොළ එළියක් දැල්වී ඇති විටෙක ඉන් ප්‍රයෝජනයක් ගන්නවා වෙනුවට ඊට එදිරිව යමින් ප‍ටු සීමා කම් මත තමන්ගේ බඩ ගෝස්තරය වඩවා ගැනීම වෙනුවෙන් දේශපාන තේරීම කරනවා නම් එහි වරද ඇත්තේ පාලකයන්ගේ නොවේ. මේ ගෝත්‍රික ජඩයන්ගේය.

අධ්‍යාපන ප්‍රශ්නය සම්බන්ධයෙන්ද කවුරුන් හෝ මැදිහත් විය යුත්තේ රට මෙතැනින් තවත් අඩියක් හෝ ඉදිරියට තල්ලු කිරීමේ අවංක වුවමනාව සහිතව මිසක ඒ ආපස්සට තල්ලු කර තම කෑදර දේශපාලන අභිලාශයන් මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් නොවේ. එහෙත් රටේ කරුමෙට අද රාජපක්ෂවාදීන් මෙන්ම ඔවුන් වෙනුවෙන් සෘජුවවත් වක්‍රවත් උදව් කළ වුන් අර අදින්නේ රටට හෙණ ගැහුවත් තමන්ගේ බඩ ගෝස්තරයට යමක් එකතු කර ගැනීම වෙනුවෙන් බව පැහැදිලිය.


- ජනතා පාක්ෂිකයා

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us