ගංජා නිත්‍යානුකූල කිරීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අවදානය

Published in අනං මනං
Monday, 27 July 2015 17:24

එංගලන්තය තුල ගංජා නිත්‍යානුකූල කිරීමට අදාල පෙත්සමක් සඳහා එක්ලක්ෂ පනස්දහසක පමණ පිරිසක් අත්සන් තබා ඇති බව වාර්තා වේ.

විශාල  ප්‍රමාණයක් කැමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් එරට පාර්ලිමේන්තුව තුල පවා මේ  පිළිබඳ විශේෂ අවධානයක් යොමුව ඇති බව පැවසේ. මේ පිළිබඳ වන  විවාදය තව දින දෙකකින් පැවැත්වීමට නියමිතයි.

මෙම පෙත්සම යටතේ එංගලන්තය තුල ගංජා නිෂ්පාදනයට, වෙළඳාමට සහ පාවිච්චියට අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

එමෙන්ම  බ්‍රිතාන්‍ය පවුම් මිලියන 900ක බදු මුදලක් රජයට ඉතිරිවන බව, ගංජා අත්අඩංගුවට ගැනීම සඳහා වැයවෙන පවුම් මිලියන 400ක් ඉතිරි කළ හැකි බව පෙත්සම හරහා  පෙන්වා දී ඇත. මීට අමතරව ගංජා නිත්‍යානුකූල කිරීම හරහා නව රැකියා දස සහසක් ඇති වන බව ඔවුන් පෙන්වා දෙයි.

එසේම ගංජා අනිකුත් මත්ද්‍රවයවලට වඩා ආරක්‍ෂිත බව පෙන්වා දෙන පෙත්සම්කරුවන්  විශාල පිරිසක් එය පරිභෝජනය කරන බව පවසයි.

වසර 4000ක පමණ අතීතයේ සිට මිනිසුන් ගංජා පරිභෝජනය කර ඇති අතර එංගලන්තයේ එය තහනම් කරනු ලැබුවේ 1925 වර්ෂයේ සිටයි.

worky

worky1

ld add copy

Latest News

ඊලෝන් මස්ක්  සහ ජනපති අතර හමුවක්

ඊලෝන් මස්ක් සහ ජනපති අතර හමුවක්

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව පැවැත්වුණු ඉහළ පෙළේ රැස්වීමකදී ජනාධිපති රනිල්...

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us