මම කන බොන මිනිහෙක් මට බාර් 4ක් තියනවා යැයි ඊයේ (14) රාත්‍රියේ දේශපාලන සංවාදයකට එක් වූ ඌව පළාත් හිටපු මහඇමති වත්මන් වනජීවී ඇමති විජයමුණි සොයිසා මහාතා පැවසිය. 

වෛද්‍යවරිය මියගිය බම්බලපිටිය රූපලාවන්‍ය මධ්‍යස්ථානය මගින් සිදු කළ සැත්කම්වලින් රුපියල් කෝටි දහයකට අධික මුදලක් උපයා ඇතිබව මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදි හෙළිවි තිබේ.

පෙරේදා මාතලේ පොලීසිය විසින් අත් අඩංගුවට ගත් කන්ටේනර් රථයේ සිටි අලි පැටවා පාර්ලිමේන්තු මංත්‍රී ලොහාන් රත්වත්තේ විසින් සඟවාගන සිටි අලි පැටවෙකු බව වාර්තා වේ.

සූතිකා පුහුණුව සම්බන්ධයෙන් ඇතිවූ ගැටළු විසඳීම සඳහා රජය විසින් පත්කළ කමිටුවට වෘත්තීය සමිති මගින් විසඳුම් යෝජනා ඉදිරිපත් කර තිබුණද ඇමැතිවරයා ඇතුළු අදාල කමිටුව මේවනවිටත් කිසිඳු පියවරක් ගෙන නොමැති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා පවසයි. 

සමාජශෝධනය වෙනුවෙන් සංඝාඥාවක් නිකුත් කරන ලෙස  මහනායක ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලා සිටින බව ජාතික විද්වත් මණ්ඩලය පවසයි.

වඩාත් ප්‍රකට පිළිකා තත්ත්වයන් 10ක් සඳහා බලවත් අවදානමක් ඇති කිරීමට සිරුරේ අධික තරබාරුකම හේතු විය හැකි යැයි බ්‍රිතාන්‍යයේදී සිදුකළ නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ.

 සරණාගතයින් පිටුවහල් කිරීම වළක්වාලන අන්තර්ජාතික ගිවිසුමට ශී‍්‍ර ලංකාව අත්සන් තබා නැතැයිද ගිවිසුමක් පවතින අවස්ථාවක සම්ප‍්‍රදාය සැලකිල්ලට ගතයුතු නොවන බවද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අධිකරණ නියෝගයක් කඩ කරමින් පෙළපාළියක් සහ රැස්වීමක් පැවැත්වූ තව්හිද් ජමාද් සංවිධානයට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන්නැයි ජාතික හෙළ උරුමය පොලීසියෙන් ඉල්ලා සිටියද, පොලිසිය පවසන්නේ තව්හිද් ජමාද් සංවිධානය අධිකරණ නියෝගයක් කඩ කර නොමැති බවයි. 

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us