පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්ථාව පිටු ලක්ෂයකට ආසන්න වනු ඇති බවත් ඒ සඳහා රුපියල් මිලියන 10 කට ආසන්න මුදලක් වැය වෙනු ඇති බත් වාර්තාවේ. මෙම වර්තාව ජනවාරි 31 වැනි දින ජනාධිපතිවරයාට බාර දීමට නියමිතය.

සහකාර පොලිස් අධිකාරිවරුන්ගේ සිට පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරීන්ගේ උසස් වීම් මාර්තු මාසය වනවිට ලබා දීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා.

ආර්ථික අපහසුතා ඇති විදෙස්ගත ශ්‍රමිකයන්ට රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙරටට ගෙන්වා ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තීරණය කර තිබේනවා.

නීති විරෝධී ලෙස දුම්රිය රක්ෂිතවල ඉඩම් අත්පත් කරගත් හා ඒවායෙහි පදිංචි වී සිටින දුම්රිය සේවකයින් 329 දෙනකුට එරෙහිව නඩු පැවරීමට හා අදාළ විනය පියවර ගැනීමට තීරණය කර ති බව ප්‍රවාහන අමාත්‍යාංශ සදහන් කරනවා.

දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුළු වගකිවයුතු නිලධාරීහු කිහිප දෙනෙක්ද ඒ අතර බව සදහන්

පසුගිය 27 වැනිදා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය රක්ෂිත ඉඩම්වල පදිංචි වී සිටින එම සේවකයන් සම්බන්ධයෙන් පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටුව රැස්වී මෙම නීතිමය ක්‍රියාමාර්ගවලට අදාළ තීරණය ගෙන තිබේ.

පසුගිය මාසයේ මෙම කමිටුව රැස්වූ අවස්ථාවේ දී මේ ගැන සොයා බලා සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කමිටුව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට නියෝග කළ අතර සාමාන්‍යාධීකාරීවරයාගේ උපදෙස් මත මේ දුම්රිය මාර්ග අංශයේ නිලධාරීන් හා හදිසි වැටලීම් ඒකකයේ නිලධාරින් විමර්ශන සිදුකර ඇත. අනවසර පදිංචිකරුවන් යැයි හඳුනාගත් දුම්රිය සේවකයින් සිටින ඉඩම්වල හතරමායිම් මැනීම් කර වෙන් වෙන් වාර්තා දෙන්නැයි මිනින්දෝරු අංශවලට මෙහිදී උපදෙස් ලබා දී ඇත. වාර්තා ලැබීමෙන් පසු මොවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කිරීමට ඇමැති අනුකාරක කමිටුව මෙහිදී තීරණය කර ඇත.

-පංචාලි අබේසේකර

ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ එන්නත්කරණ වැඩසටහන මේ වන විට ආරම්භ කර තිබේනවා.

කොවිඩ් ආසාදිත මරණ 7ක් ඊයේ (28) දින වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරනවා.

උමා ඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය 2020 වසරේ ලොව හොඳම භූගත ව්‍යාපෘති හතර අතරට තේරී පත්ව තිබේ.

ඕස්ට්‍රලියාවේ පදනම් කරගත් ස්වාධීන සමීක්ෂණ ආයතනයක් වන ලොවී ඉන්ස්ටිටියුට් (lowy institute) නම් ආයතනය මගින්, කොරෝනා වසංගතය මර්දනයේ දී ඉහළම සාර්ථකත්වයක් පෙන්නුම් කළ දස වෙනි රට ලෙස ශ්‍රීලංකාව නම් කර තිබේ.

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us