හිරගෙවල් පිරී ඉතිරී යයි

Published in පුවත්
Sunday, 04 February 2024 12:39

මෙරට බන්ධනාගාරවල රඳවා තැබිය හැකි ප්‍රමාණය මෙන් 232% ක පිරිසක් 2023 ජනවාරි 01දා දින වන විට බන්ධනාගාරවල රඳවා තිබිණැයි ජාතික විගණන කාර්යාලය මගින් පසුගියදා එළිදක්වා ඇති බන්ධනාගාර තදබදය පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාව (performance audit of management overcrowding in prisons) මගින් හෙළිදරව් කර තිබේ.

එම වාර්තාව අනුව මෙරට ඇති සියලුම බන්ධනාගාරවල රඳවා තැබිය හැකි සමස්ත රුඳවියන් සංඛ්‍යාව 11,291 වුවද 2022 දෙසැම්බර් 31 දින වන විට රඳවා සිටි සංඛ්‍යාව 26,176 දෙනෙකි. ඔවුන්ගෙන් සිරදඬුවම් විඳින පිරිස 9,449ක් වන අතර සැකකරුවන් සංඛ්‍යාව 16,727 දෙනෙකි.

ඒ අනුව ඒවායේ රඳවන ලද පිරිස රුඳවිය හැකි සංඛ්‍යාවමෙන් 232% ක පමණ ප්‍රමාණයක් යැයි එම වාර්තාව පෙන්වා දෙයි. 2015 දෙසැම්බර් 31 වන විට බන්ධනාගාරගත සංඛ්‍යාවේ  ප්‍රතිශතය 139%ක් වූ අතර එය වසර 7ක කාලයක් තුළ 232% දක්වා වර්ධනය වී තිබේ.

බොහෝ රුඳවියන් වයස අවුරුදු 30 – 40 අතර වයස්වල පසුවන්නන් බවද ඔවුන් අතුරින් 53%ක්ම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සිරගත වූවන් බවද වාර්තාවේ සඳහන්ය. සිරකරුවන් නඩත්තු කිරීම සඳහා රජයට වසරකට රුපියල් බිලියන අටක් පමණ වැයවන බව වාර්තා වෙයි.

මේ දිනවල ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ බොහෝ පිරිස් අත්අඩංගුවට පත්ව සිටිති. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පෙන්වා දෙන්නේ 2024 වන විට බන්ධනාගාරගත සමස්ත පිරිස 232% ක් නොව 290% දක්වා වැඩි වී ඇති බවය. විශේෂයෙන් නාගරික බන්ධනාගාරවල තදබදය ඉතා අධික වන අතර එය 300% වැනි ප්‍රමාණයක් බවද ඔහු සඳහන් කරයි. සාමාන්‍යයෙන් රුඳවිය හැකි සමස්ත සංඛ්‍යාව 11,700ක් වුවද මේ වන විට රුඳවියන් 32,735ක් බන්ධනාගාරවල රඳවා ඇතැයි ඔහු පෙන්වා දෙයි.

- දේශය

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us