ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරට රාජ්‍ය ආදායම රු. බිලියන 3115 ක්

Published in පුවත්
Monday, 01 January 2024 09:28

ඉතිහාසයේ පළමු වරට මෙරට රාජ්‍ය ආදායම ලෙස රුපියල් කෝටි තුන්ලක්ෂ එකළොස්දහස් පන්සියයක (බිලියන 3115) මුදලක් ගත වූ 2023 වසරේදී උපයා ගැනීමට රජය සමත් ව ඇති බව වාර්තා වේ.

මෙය රාජ්‍ය ආදායම් ඉතිහාසයේ එක් වසරකදී උපයා ගනු ලැබූ ඉහළම අදායම වන බවත් රජයේ සමස්ත බදු ආදායම රුපියල් ට්‍රිලියන තුන ඉක්මවා අය කරගත් පළමු අවස්ථාව මෙය බවත් ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජේ. ගුණසිරි ප්‍රකාශ කළේය.

මීට අමතරව රජයේ එදිනෙදා පුනරාවර්තන වියදම්වලින් පොලී වියදම් හැර අනෙකුත් වියදම් සපුරාලීමට රජයේ බදු ආදායම් මෙවර සමත් වී තිබෙන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය. ඒ අනුව දශක දෙකහමාරකට පසුව, රුපියල් බිලියන 52ක ප්‍රාථමික ගිණුමේ ඉතිරියක් වාර්තා කිරීමට ද හැකියාව ලැබී ඇත.

වසර 2023 රජයේ සමස්ත ආදායම් ප්‍රශස්ත ලෙස ඉහළ යෑම පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ එම්.ජේ.ගුණසිරි , වසර 2023 දී රුපියල් බිලියන 2752ක බදු ආදායමකුත්, රුපියල් බිලියන 363 බදු නොවන හා ප්‍රධාන ලෙස ලැබූ ආදායමකුත් ලෙස රුපියල් 3115ක සමස්ත ආදායමක් ලබා ගෙන ඇතැයි පැවැසීය.

මේ අන්දමට රජයේ මුළු බදු ආදායම උපයා ගැනීමේ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1550ක්, ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 970ක් සහ සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 170ක් එක් රැස් කරගෙන ඇත.

රජයට බදු ආදායම් එක්රැස් කර දෙන ප්‍රධාන දෙපාර්තමේන්තු තුනට අමතරව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හා ප්‍රදානයන් සිදු කරන ආයතනවල අරමුදල් ඉහළ යෑම සමස්ත ආදායම වැඩි වීමට හේතුවී ඇත.

වසර 2022 දී රජයේ සමස්ත ආදායම ලෙස රුපියල් බිලියන 2013ක් වාර්තාකොට ඇත. ඉන් රුපියල් බිලියන 1751ක් බදු ආදායම වේ. ඉතිරි රුපියල් බිලියන 262ක මුදල බදු නොවන හා ප්‍රදාන ලෙස ලැබුණු මුදල් වේ.

රජයේ ආදායම් ලැබීම් ඉහළ ගොස් තිබෙන අතර, රජයේ වියදම ද රුපියල් බිලියන 5252 දක්වා වසර 2023 දී ඉහළ ගොස් ඇතැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us