ජපන් ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට දුන් කාලය අවසන්

Published in විදෙස්
Saturday, 24 January 2015 10:46

අයි.එස් ත්‍රස්ත ග්‍රහණයේ පසුවන ජපන් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනා මුදා ගැනීමට ඉල්ලා ඇති කප්පම් මුදල ලබා දීමට ලබා දී තිබෙන කාලය අවසන් මොහොතට එළඹ තිබෙන අතර එය ඊයේ දිනයෙන් අවසන් වීමට නියමිතව තිබිණි.මේ අතර එක් ප්‍රාණ ඇපකරුවකුගේ මවක් සිය පුතු නිදහස් කරන ලෙස ඉල්ලීමක් කර ඇත.

කාලය කෙටිවත්ම එක් ප්‍රාණ ඇපකරුවකු වූ 47 හැවිරිදි මාධ්‍යවේදී කෙන්ජි ගොටෝගේ මව රජය‍ට ඔහුගේ නිදහස වෙනුවෙන් මැදිහත් වන ලෙස ඉල්ලා ඇත. “කරුණාකරලා, දැන් කාලය ගෙවෙමින් තිබෙන්නේ.

මගේ පුතාව බේරාගන්න කියලා මම ජපාන රජයෙන් ඉල්ලා සිටිනවා,ජුන්කෝ ඉෂිඩෝ පැවසුවාය.මගේ පුතා ඉස්ලාමීය ජනපදයේ සතුරකු නොවෙයි.” ඇය කඳුළු පිරි දෙනෙතින් ටෝකියෝවේදී පැවසුවාය.

අනෙක් ප්‍රාණ ඇපකරුවා වූ 42 හැවිරිදි හරුනා යුකාවා බේරා ගැනීම සඳහා සිරියාව බලා ගිය බව තම ලේලියගෙන් දැනගත් විට තමා පුදුමයටත් කෝපයටත් පත් වූ බව ගොටෝගේ මව ප්‍රකාශ කළාය. “එයාගේ යාළුවා බේරගන්න පුළුවන් උපරිම දේ කරන්න ඕනෙ කියලා මගේ පුතාට හිතෙන්න ඇති.” ඇය පැවසුවාය.

“මේ ප්‍රශ්නය මගේ පුතාම හදාගත්ත එකක්.” ජපාන ක්‍රමයට අනුව නැවත නැවත සමාව අයැදිමින් ඇය ප්‍රකාශ කළාය.කප්පම් ගෙවීමට ලබා දී ඇති කාලය ඉකුත් වෙමින් පැවතියා වුවත් ඔවුන් ගලවා ගැනීමට දරණ ප්‍රයත්නය තවමත් ඇත්තේ අපැහැදිළි තැනකය. ජාතික නාලිතාව වන එන්.එච්.කේ. වාර්තා කළේ එයට අයි.එස් ත්‍රස්තවාදීන්ගෙන් පණිවුඩයක් ලැබුණ බවත් එම ප්‍රකාශනය ඉක්මනින්ම නිකුත් කළ හැකිවනු ඇති බවත්ය.

මැද පෙරදිග කලාපය තුළ රාජ්‍ය තාන්ත්‍රක සම්බන්ධතා ශක්තිමත් නොවන බැවින් ජපානයට මේ ප්‍රාණ ඇපකරුවන් දෙදෙනාව නිදහස් කරගැනීමට මාර්ගයක් විවර කර ගැනීම ගැටලුවක් වී තිබේ.ප්‍රාණ ඇපකරුවන් දෙදෙනා පවසා ඇත්තේ ඔවුන්ට අයි.එස් ත්‍රස්ත කණ්ඩායමේ නායකයා සමඟ සම්බන්ධතා තිබෙන බවයි. ඒ අනුව බ්‍රහස්පතින්දා ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ දරණ බව පවසා තිබිණි.

 

(dinamina)

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us