subash

subash

සහල්‌ හිඟයට කඩිනම්‌ විසඳුමක්‌ ලෙස සහල්‌ ආනයනය කිරීමට ආනයනකරුවන්ටත්‌ අවස්ථාව දෙන්නේ නම්‌ දින 10 ත්‌ 15 අතර කාලයකින්‌ සහල්‌ ආනයනය කර ජනතාවට බෙදා හැරීමට හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දන්වා ඇතැයි වාර්තා වේ.

'ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත්‌ රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන 'කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක්‌ රිමාන්ඩ්‌ බාරයේ තබන්නැයි කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත්‌ ගැමුනු දිසානායක මහතා අද නියෝග කළේය.

දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ තුන්සිය අටක් ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයට යොමු කළ කැබිනට් පත්‍රිකාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය සහිතව ඉදිරිපත් කිරීම නිසා ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලැප්ටොප් පරිගණකයක් හෝ පරිගණකයක් දීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පළාත්‌ පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන්‌ අවසන්‌ තීරණයක්‌ ගැනීම
'සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක්‌ ලබන සතියේදී පැවැත්වීමට නියමිතය

අප්‍රිකානු සූකර උණ රෝගය යම් මට්ටමකින් මේ වනවිට පාලනය කර ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

පසුගිය රජයන්වල අමාත්‍යවරුන්ට ලබා දී තිබූ නිවාස 31 සඳහා ඉදිරියේදී ගත යුතු පියවර පිළිබඳව අවසන් තීරණයක් ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ජනාධිපති ලේකම්ගෙන් ලිඛිතව විමසා ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

දියවැඩියාව, වකුගඩු රෝගය ,හා අධිරුධිර පීඩනය හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වෙන රෝගින්ගේ ජීවිත නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා ලබාදෙන සෝඩියම් බයි කාබනේට් එන්නත නොමැතිවීමෙන් මාවනැල්ල රෝහලේ සැත්කමකට භාජනයවී සිටි රෝගියකු මියගොස් ඇත.

පිළිකා රෝගීන්ගේ කැල්සියම් වර්ධනය සඳහා ලබාදෙන Zoledronic Acid එන්නත රෝහල්වල සහ බාහිර ඖෂධ සල්වල නොමැතිවීම හේතුවෙන් පිළිකා රෝගීන් දැඩි අසීරුතාවයට පත්ව සිටිති.

Connet With Us