subash
ඉන්දියාවෙන් මෙරටට සහල් ආනයනය කිරීමේ දී නැව් සමාගම් බහාලුමකට අය කරන නැව් ගාස්තුව දෙගුණයකින් ඉහළ දැමීම නිසා ආනයනකරුවන් රැසක් සහල් ආනයනය අතහැර දමා ඇත.
නැගෙනහිර තරංගාකාර කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ කාලගුණ තත්ත්වයට බලපෑමක් ඇතිකිරීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදාගැනීම තහනම් කිරීම හරිද?
ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.
මෙරට දී චෝදනා පිට චෝදනා එල්ල වූ ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ. ඔහු වසර කිහිපයක් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මූල්‍ය සහ අලෙවි කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද මහජන උපයෝගීතා කොමිසමට
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද (06) දිනයේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ලබාදෙන බව විදුලිබල මණ්ඩලය පවසයි.
අද (6) දිනයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සතොස දෙන්නේ පොල් ගෙඩි 3 යි, හාල් කිලෝ 5 යි. වැඩිය ඉල්ලන්න එපා, දෙන්නේ නැහැ.
සතොස හරහා ගෙඩියක් රුපියල් 130 ට අලෙවි කරන පොල් තොග සහ වෙළෙඳපොළට බෙදාහරින සහල් අද (05) දහවල් කාලයේ දී සතොස අලෙවිසැල් වෙත ලැබීමට සලස්වන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පවසයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට 2024 මුල් මාස හතර සඳහා වෙන්කර තිබූ මුදලට සමාන මුදලක් අද (05) ඉදිරිපත්කළ අතුරු සම්මත ගිණුම මගින් 2025 මුල් මාස හතර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ට ද වෙන් කර ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි.
හානි වූ වගා බිම් අක්කරයකට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ඉල්ලයි
අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ හානි වූ වගා බිම් අක්කරයකට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් අවශ්‍ය බව අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානය සඳහන් කරයි.
