subash

subash

වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු පාර්ශවයක් මේ වන තෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිර-වයඹ දෙසට ගමන් කරමින් දෙසැම්බර් 11 වනදා පමණ ශ්‍රී ලංකා-තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සංගණන කටයුතු සඳහා නිවාස වෙත පැමිණෙන ගණන් ගැනීමේ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදීමට කිසිදු බියක් ඇති කරගත යුතු නැතැයි බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

සිරියා කැරළිකරුවන් ඩැමස්කස් අගනුවරට ඇතුළු වී එහි බලය අත්පත් කර ගැනීමත් සමග සිරියා ජනාධිපති බසාර් අල් අසාද් පලාගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සහල්වල පැවැති මිලට වඩා රුපියල් 10කින් මිල ඉහළ දමා විකිණීමට එකඟතාවයකට පැමිණ ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පාරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මෙතෙක් වියදම් කළ රුපියල් කෝටි 72 කට අධික මුදලක් කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව අපතේ යන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ඉදිරියේදී ලුණු හිඟයක් ඇතිවීම වැළැක්වීමට ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් පමණ ආනයනය කිරීමට ලුණු සමාගම් රජයෙන් අනුමැතිය ඉල්ලා ඇත.

අද දේශපාලනයේ ආකර්ෂණීය ම මාතෘකා හතර මන්ත්‍රී වැටුප, විශ්‍රාම වැටුප, නිල නිවාස හා වාහනයයි. අවාසනාවකට ප්‍රබන්ධ හා මිථ්‍යාව තුලින් ආලේප ගන්වා, මන්ත්‍රීවරුන්ට එරෙහිව වෛරය, විරෝධයක මතු කරන්නට එය භාවිතා කර ඇත. බලයට පත්වී මාසයක් ගත වන්නටත් පෙර, මේ ගැන ඇති මිථ්‍යාව සාකච්ඡාවට බඳුන් කළ යුතුය.

කතරගම දේවාලයට අයත් අක්කර 550 ක ඉඩමක් බදුගත් පෞද්ගලික සමාගමක් එම ඉඩම තෙවැනි පාර්ශ්වයකට බදු දීම නිසා අදාළ පෞද්ගලික සමාගම සමග ඇතිකරගත් ගිවිසුම වහාම අහෝසි කිරීමට තීරණය කර තිබේ.

පාසල් නිල ඇදුම් ඉදිරියේ දී මසා ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

Connet With Us