subash

subash

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් කැඳවීම අද (10) දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි..

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

මත්පැන් නිෂ්පාදනාගාර සහ මත්පැන් අලෙවිසල් රැසක් නිසියාකාරව බදු නොගෙවීම නිසා 2025 වසරට අදාළව සුරාබදු බලපත්‍ර ලබාගැනීමට නොහැකිවන තත්ත්වයක් උදා වී තිබේ.

පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව දේශීය සුදු සහ රතු කැකුළු කිලෝ ග්‍රෑම් එකක උපරිම තොග මිල රුපියල් 215ක් ලෙසත් එහි උපරිම සිල්ලර මිල රුපියල් 220ක් ලෙසත් සඳහන්ය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (10) දිනයේ මි.මී. 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ජාතික ජන බලවේගයට සම්බන්ධ ලංකා විදුලි සේවක සංගමය විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියද, එවැනි ප්‍රසාද දීමනාවක් මේ අවස්ථාවේදී ලබා නොදීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.

සුරා බදු බලපත්‍ර නිකුත් කිරීමේ දී මුදල් අය කළේ ඇයි ද යන්න පිළිබඳ පැහැදිලි කිරීමේ නිවේදනයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය විසින් නිකුත් කරනු ලැබ ඇත.

රට තුළ මේ වන විට උග්‍ර වී ඇති සහල් හිඟය සහ වැඩි මිලට සහල් අලෙවි කිරීම පාලනය කිරීමට ජනාධිපතිගේ මැදිහත්වීමෙන් සහල් සඳහා නව පාලන මිලක් නියම කළත් ඊයේ (දෙසැ. 8) රට පුරා උග්‍ර සහල් හිඟයක් පවතින බවට වාර්තා වෙයි.

වගාවට හානි කරන සතුන් පිළිබඳව වගා භූමිය තුළදී ගොවියා ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද යන්න පිළිබඳව චක්‍රලේඛයක් මගින් නිසියාකාරව කෘෂිකර්ම ඇමැතිවරයා ප්‍රකාශයක් සිදු කළ යුතු බවත්, තම වගාවට හානි සිදු කළත්, එම සත්වයා මරා දමන්න තරම් ගොවියා දුර්වල හා පව්කාර තත්ත්වයට පත්ව නැති බවත් ගොවි නායකයෝ පිරිසක් පැවසූහ.

මෙරටින් හමු වූ විශාල මැණික් ගල් දෙකක් ගිනස් වාර්තා පොතට එක් වූ බව ලංකා ජෙමලොජිකල් ආයතනයේ ප්‍රධාන රත්නවේදි අශාන් අමරසිංහ මහතා පැවසීය.

Connet With Us