subash

subash

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයන් දෙදෙනෙක් ඝාතනය කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් 8 දෙනෙක් ඇප මත මුදා හැර තිබේ.

වතුකරයේ නිවාස ගැටලුව විසඳීම සඳහා මහල් නිවාස ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි.

කතානායක අශෝක රංවල මහතාට මෙරට විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ලබා දී නැතැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සදහන් කරයි.

පොත් ප්‍රකාශනය සඳහා පනවා ඇති සියයට 18ක වැට් බද්ද කඩිනමින් ඉවත් කිරීම සඳහා ආණුඩුව පියවර ගතයුතු බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පවසයි.

ජල විදුලිබලාගාර ආශ්‍රීත ජලාශවල ජලය වාන්දමන සහ රටතුළ ඕනෑ තරම් ගල්අගුරු තිබෙන මේ දිනවල ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගෙන ඇති බවත් ආණ්ඩු මාරුවුවද විදුලිබල මණ්ඩලය තුළ විදුලි මාෆියාව ක්‍රියාත්මක වන බවත් ලංකා විදුලිබල මණ්ඩල තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා ප්‍රකාශ කර සිටිනවා.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇත.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබේ.

රජය විසින් නිකුත් කළ උපරිම මිල ඉක්මවා සහල් විකුණන වෙළෙඳුන් සොයා අද (10) සිට වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

සහල් සහ පොල් නොමැතිවීමෙන් සතොස අලෙවි සැල් වෙත පැමිණෙන බොහෝ පාරිභෝගිකයන්ට හිස් අතින් ආපසු යෑමට සිදුවී තිබේ.

Connet With Us