subash

subash

වෙළඳපොළේ මාළු මිල ගණන් යළි ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

වැසි වාර කිහිපයක්

Published in පුවත්
Saturday, 21 December 2024 08:13

අද (21) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

දශකයකට වැඩි කාලයක් පුරා පිටස්තර පිරිමින් 50 දෙනකුට සිය බිරිය දූෂණය කිරීමට ඉඩ සලසා එය වීඩියෝ ගත කර නිල් චිත්‍රපට වෙබ් අඩවියකට අලෙවි කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයකුට ප්‍රංශ අධිකරණයකින් වසර 20ක උපරිම සිරදඬුවම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සිරියාවෙන් ජාත්‍යන්තරයට තර්ජනයක් නැති බව බෂාර් අල් අසාඩ්ගේ රජය බිඳ දමා සිරියාවේ පාලනය අත්පත් කරගත් එරට ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමේ නායක අහමඩ් අල් ෂාරා ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඔස්ට්‍රේලියාවේදී සිය දරුවන් ඉදිරියේදී බිරිඳට පොරොවකින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ශ්‍රී ලාංකිකයෙකුට වසර 37ක සිරදඬුවමක් එරට අධිකරණය විසින් නියමකර තිබේ.

මෝටර් වාහන විශාල ප්‍රමාණයක් ආනයනය කර වාහන තොග රැස් කිරීම වළක්වමින් මෙරට විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම සඳහා වාහන ආනයනය කිරීමට කොන්දේසි 7ක් පනවා ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර තිබුනා.

05%ක්ව පැවැති බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද (Advance Income Tax-AIT) 10% ක් දක්වා ඉහළ දැමීම හේතුවෙන් ජනතාව ඉතුරුම්වලින් ඈත්වීමේ තත්ත්වයක් උද්ගත වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ කියා සිටිති.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය නම්කර තිබේ.

මෙරටට සහල් ආනයනය සඳහා ලබාදුන් කාලය ලබන මස 10 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව වෙළඳ අමාත්‍යංශය නිවේදනය කර සිටිනවා.

අද වන විට රට තුළ පොල් සහ සහල් හිඟයක් ඇතිවී තිබෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කර සිටිනවා.

Connet With Us