subash

subash

2024 වසරේ ලබාගත් ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ගනිමින් "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" සැමට උරුම කර දීම වෙනුවෙන් 2025 නව වසරේ දී අධිෂ්ඨාන කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

2025 නව වසර ඊයේ මධ්‍යම රාත්‍රියෙන් උදාවුණි.

එළඹෙන 2025 වසරේ ලෝකයට ජයග්‍රාහී අනාගතයක් නිර්මාණය කිරීම සදහා සියලු රටවල් සමග එක්ව කටයුතු කරන බව චීනය පවසයි. නවීකරණ සමාජවාදී රටක් ලෙස චීනය නිර්මාණය කරමින් එම සංවර්ධනය ලෝකය සමග හුවමාරු කර ගැනීමට සූදානම් බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින් කියාසිටී.

රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වසරේ දී පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේ දිනය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගිය දා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

සැමන් සඳහා පනවා ඇති වැට් බද්ද අඩු කරන ලෙස ශ්‍රී ලංකා ටින් මාළු නිෂ්පාදකයිනගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහ කන්නයේ වගා කරන ලද වී ඇතුළු වගාවන්ට සිදුවූ හානිය සඳහා ගෙවිය යුතු වන්දි මුදල දළ වශයෙන් රුපියල් මිලියන 1,000 ත් 1,200 අතර බවට ගණන් බලා තිබෙන බවත්, ලබන වසරේ (2025) පෙබරවාරි මස මුල් සතියේදී අදාළ වන්දි මුදල් ගොවීන්ගේ ගිණුම්වලට බැර කරන බවත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිං ආරච්චි පැවසීය.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක සභාව අද පෙරවරු 11ට පාර්ලිමේන්තුවේ දී රැස්වීමට නියමිතය.

වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර සහ මුදල් ආපසු ගෙවීම් සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Connet With Us