subash
නිදහසේ 77 වන වසර සැමරුම, කොළඹ නිදහස් චතුරස්‍රරයේ දීම පැවැත්වේ
"ජාතික පුනරුදයක් සඳහා අපි එක් වෙමු" යන තේමාව යටතේ 77 වන නිදහස් දින සැමරුම පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
ටොපේ ටොප් විපක්ෂයක් හදා ගන්න සජිත් මහජන අදහස් ඉල්ලයි
පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ භූමිකාවේ ගුණාත්මක බව ඉහළට ගෙන ඒම සඳහා වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, වෘත්තීයවේදීන් සහ පොදු මහ ජනතාවගේ අදහස් ලබා ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නව පර්යේෂණ ඒකකයක් ඊයේ (ජන. 15) ආරම්භ කර තිබේ.
‘අන්තර්ජාලයට දැමූ දුම්රිය ටිකට් සියල්ල තත්පර 42කින් විකිණිලා’ -ප්‍රවාහන නියෝජ්‍ය ඇමති හෙළි කරයි
විදේශිකයන්ගේ ආකර්ෂණය දිනාගත් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ඊ ටිකට්පත් අන්තර්ජාලයට මුදාහැර තත්ත්පර 42ක් තුළ ටිකට්පත් සියල්ල විකිණී අවසන් වීම පසුපස මහා පරිමාණ වංචාවක් සිදුවන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.
ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී සයිෆ් අලි ඛාන්ට පිහි ඇණුමක්
ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී සයිෆ් අලි ඛාන් ඊයේ (15) රාත්‍රියේ ඔහුගේ නිවසේදීම පිහි ඇණුමකට ලක්ව තිබේ.
විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් අධ්‍යයන කටයුතු අදින් අවසන්
විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලබාගත් මහජන අදහස් අධ්‍යයනය කිරීමේ කටයුතු අද (17) දිනයේ අවසන් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාව සමඟ එක්ව පොදුවේ කටයුතු කිරීමට චීනය සූදානම් - චීන ජනාධිපති
චීන රජයේ නිල ආරාධනයක් අනුව එරට සංචාරයක් සඳහා ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සාකච්ඡාවක් පැවැත්විණි.
පොහොර සහනාධාරය සඳහා මුදල් ලබාදීම මේ වනවිට 95%කින් අවසන් කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.
විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු දත්ත වැරදි බව හෙළිවෙයි
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු පිළිබඳ දත්ත වැරදි බවට විගණකාධිපතිවරයා සිදුකළ මූලික අධ්‍යනයකින් තහවුරු වී ඇතැයි විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසයි.
