subash

subash

ජනතාවට ප්‍රමාණවත් පරිදි ආදායම් තත්ත්වයක් නොමැතිවීම නිසා දෛනික කුකුළු මස් අලෙවිය මෙට්‍රික් ටොන් 100 කින් අඩුවී ඇතැයි ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකර පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම වාහනයක් ලබාදීමට ආණ්ඩුව ඉදිරියේ දී පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට අමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.

නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිලිබදව සිය ආණ්ඩුවේ අළුත් වැඩක් ලෙසින් ඉදිරිපත් කරන ව්‍යාපෘතිය මින් වසර තුනකට පෙර තමන් බලශක්ති අමාත්‍යධූරය දරන සමයේ සම්පූර්ණ කළ ව්‍යාපෘතියක් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

සජබ - එජාප සාම කතා ගැන 'දිනන දකුණ සාමූහිකය' නම් සංවිධානයක් විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක දක්ෂිණාංශික දේශපාලන ඒකීයභාවයක් ගොඩනැගීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇත.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදෙන බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස් පරිදි සියළුම විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත.

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම් ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට (21) දිනයේ සිට ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවේ.



ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වී ඇත.

Connet With Us