subash
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන කාල සීමාව තීරණය කිරීමට සිදුවන්නේ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙන තීන්දුව මත යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පැවැසීය.
මෙරට තරුණ ප්‍රජාව තුළ HIV සහ ලිංගාශ්‍රිත රෝග ඉහළ යමින් පවතින බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරන්ගේ සංගමය පවසයි.
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (02) සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙසින් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ අත්සනින් යුතුව අංක 2421/41 දරන රජයේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට (02) දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියර ගෙන තිබේ.
තරුණ සේවා සභාපතිත් ඉල්ලා අස්වෙයි. ආණ්ඩුව පිහිට වූ නැකත අවුල්ද ?
ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති චින්තක ධර්ශන හේවාපතිරණ මහතා එම තනතුරෙන් ඉවත් ව තිබේ.
අලි - ටෙලිෆෝන් සන්ධානය හරි.. දෙක එකට යන්න තීරණය කරයි.
එක්සත් ජාතික පක්ෂය සමඟ මෙතෙක් පැවති සාකච්ඡා අති සාර්ථක බවත් ඒ අනුව ඉදිරි මැතිවරණ සඳහා පක්ෂ දෙක එක්ව තරඟ කරන බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.
ලංකා බැංකුවේ ඉහළ නිලධාරීන්ගේ වසුරු වැඩ ගැන විශේෂ විමර්ශනයක්
ලංකා බැංකුවේ ඉහළ කලමණාකාරිත්වයේ ඇතැම් නිලධාරීන්ගේ දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබී තිබෙන පැමිණිළි ගනනාවක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාලයට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.
පාර්ලිමේන්තුව අවට සම්බාහන ආයතන වටලයි. 33 ක් අත්‌අඩංගුවට
පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුමකදී පිළිගත් ආයුර්වේද සම්බාහන ආයතන මුවාවෙන් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මුදලට කාන්තාවන් සපයන ස්ථාන හයක් වටලා කාන්තාවන් විසි දෙනෙකු ඇතුළු පුද්ගලයන් 33 ක් අත්‌අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
