subash

subash

ආනයනික ලුණු තොග අද (06) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගම පවසයි.

මන්ත්‍රිවරුන් සඳහා වාහන ආනයනය කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවැසීය.

ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, අම්පාර, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේ අධිකරණ නියෝගයකින් ඉවත් කිරීමෙන් පසු හිටපු බස්නායක නිලමේවරයා ඇතුළු රාජකාරි මණ්ඩලය ඊයේ (පෙබ. 4) සිට මෙතෙක් අකර්මණ්‍ය වී තිබූ සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.

ග්‍රාමීය හා නාගරික ප්‍රදේශවල ගැවසෙන රිළා ගහණය පිළිබඳව නිශ්චිතව අනාවරණය කර ගැනීමට සංගණනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි පැවසීය.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණය පරිදි ‘‘ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) මෙරට කාර්යාලයද වසා දැමීම හේතුවෙන් එහි ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක රුපියල් බිලියන ගණනක ව්‍යාපෘති රැසක් නතරවීමේ අවදානම් තත්ත්වයක් පවතින බවට තොරතුරු අනාවරණය වේ.

සියයට 10ත් 30ත් අතර ප්‍රමාණයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මෙන්න අද වහින පළාත්

Published in පුවත්
Wednesday, 05 February 2025 07:55

ඌව පළාතේත්, මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (05) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පුනරුද යුගය සඳහා වන සාමූහික ඇරඹුමට එක්වන ලෙස මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අද (04) පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී අභිමානවත් ලෙස පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.

Connet With Us