subash
රාජ්‍ය ප්‍රතිපත්තියට අකුල් හෙළන ලංකා බැංකුවේ නිලධාරීන් ගැන විමර්ශන ආරම්භ වෙයි
ලංකා බැංකුවේ ඉහළ කළමනාකාරිත්වයේ ඇතැම් නිලධාරීන්ගේ අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබී තිබෙන පැමිණිලි ගණනාවක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව මීට පෙර වාර්තා වී තිබු අතර මේ වන විට එම විමර්ශන ආරම්භ වී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
2025 වසර තුළත් චීනයේ ආර්ථික වර්ධන වේගය සියයට 5 ක තබා ගැනීමේ අපේක්ෂාවක්
නව වසරේ චීනයේ ජාතික සංවර්ධන අරමුණු සැලසුම් කෙරෙන 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වැනි සැසිවාරය අද(05) උදෑසන බෙයිජිංහිදී ආරම්භ වුණා. ඒ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී.
ලුණු මිල ස්ථාවරව පවත්වාගෙන යන්න නිෂ්පාදකයින් එකඟ වෙයි
දේශීයව නිෂ්පාදනය වන ලුණු මාර්තු මස අග වන විට ඉතාමත් තරගකාරී මිලකට අලෙවි විය හැකි බවත් එතෙක් තවදුරටත් මිල ඉහල යාමකින් තොරව මිල ස්ථාවරව පවත්වාගෙන යෑමට ලුණු නිෂ්පාදකයන් එකඟතාව පල කරණ බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම සඳහා දින නියම කර තිබේ.
විසඳුම් ලබාදෙන තුරු ඉන්ධන ඇණවුම් කරන්නේ නැහැ - ඛනිජ තෙල් සංගමය
ගෙවුණු පැය 48 තුළ කිසිදු ඉන්ධන ඇණවුමක් නොකළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.
නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පෑලියගොඩ මාළු මාර්කට් එකේ කැට අයිස් ජාවාරමක් හේතුවෙන් මාළු මිළ ඉහළට
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය තොග වෙළෙඳ සංකීර්ණයේ සිදුවන කැට අයිස් බෙදාහැරීමේ ජාවාරමක් හේතුවෙන් මත්ස්‍ය මිල ගණන් ද ඉහළ ගොස් තිබේ.
නේපාලයේ අද (28) අළුයම භූ කම්පයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයක් සටහන් වී ඇත.
ගණේමුල්ල සංජීව ඝාතනයට අදාළව සිරකරුවන් 8 දෙනකුගෙන් ප්‍රශ්න කිරීමක්
සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් කරන පුළුල් විමර්ශනයට අදාළව බන්ධනාගාරයේ සිටින සිරකරුවන් 8 දෙනකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට අධිකරණය පොලිසියට ඊයේ (27 වැනිදා) පස්වරුවේ අවසර දුන්නේය.
