subash

subash

2024 වර්ෂයේ පවත්වන ලද උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා කඩඉම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය.

අද කොහොමද ?

Published in පුවත්
Tuesday, 26 August 2025 07:48

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කොළඹ ජාතික රෝහලට පැමිණ තිබෙනවා යනුවෙන් හිරු පුවත් ආයතනයේ වේබ අඩවියෙහි පළ කළ පුවත අසත්‍යක් බවට අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇත.

hiru

 

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කොළඹ ජාතික රෝහලට පැමිණ තිබෙනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 සිට 2024 දක්වා සිදු කළ විදේශ සංචාර 23ක සංචාරවලින් රටට ලැබුණු ප්‍රතිලාභ අඩංගු විශාල ලේඛනයක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පසුගිය මැයි මස 08 වනදා පාර්ලිමේන්තුවේ සභාගත කර තිබිණි.

අධිකරණ තීරණයකට එරෙහිව පෙළපාලි යෑම හෝ කළු කොඩි ඔසවා උද්ඝෝෂණ කිරීම අධිකරණයට අපහාස කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ හෙට (26) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් එක්ව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඒකාබද්ධ නි‍වේදනයක් නිකුත් කර තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් සහ ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා නෝර්වේ ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබා තිබේ.

Connet With Us