subash
ලංවිම සේවකයන්ට ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයක්
නව විදුලි බල පනතට අනුව, සමාගමකට අනුයක්ත වීමට අකමැති ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් සඳහා ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.
විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ සහ විපක්ෂයේ පක්ෂ නියෝජිතයින්ගේ විශේෂ රැස්වීමක් අද සවස 5.00ට හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්ගේ නාරාහේන්පිට පිහිටි නිවසේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා .
හෘද රෝග ඉහළ යෑමට කොවිඩ් එන්නත බලපෑවද ? හෘද රෝග විශේෂඥයින්ගෙ මතය
මෑත කාලයේ බොහෝ තරුණ පිරිස් අතර හෘද රෝග වැළදීම ඉහළ යාමට කොවිඩ් එන්නත්කරණය හේතුවන්නට ඇති බවට සමාජයේ පැතිර යන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව හෘද රෝග විශේෂඥයින් පෙන්වා දෙනවා.
ඉල්ලීම් හතරක් මුල්කර ගනිමින් ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සංගම් කිහිපයක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.
වැලිකඩ බන්ධනාගාර ඉඩමත් රනිල්ගේ පරම්පරාවටලු අයිති. මොකක් ද ඒ ඉතිහාසය..?
අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (26) දිනයේ දී අධිකරණය විසින් ඇප ලබා දීම සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් අද දින එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබිණි.
රනිල්ගේ සෞඛ්‍ය තත්වය පිරිහුණේ ආණ්ඩුව පිඩා කළ නිසා - වජිර
අද (27) දින කොළඹ මල් පාර රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් පළ කර අදහස්.
2022 වසරේ ගාලු මුවදොර 'ගෝඨා ගෝ ගම' අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
Digital ID හුටපටයට ජනපතිට, අගමැතිනියට සහ කැබිනට් මණ්ඩලයට නොතීසි
ශ්‍රී ලංකාවේ පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ශ්ව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා එහි වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් හා සෙසු වග උත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (අගෝ: 27) පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළේ ය.
පිතිකරණයට විශේෂ දක්ෂතා දක්වන ඔස්ට්‍රේලියා පිලට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජයග්‍රහණ රැසක් අත්කර දුන් මයිකල් ක්ලාක් සමේ පිළිකාවකට ගොදුරු වී සිටින බව ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සඳහන් කර තිබෙනවා.
