subash

subash

අයිස් නිෂ්පාදනයට සම්බන්ධ අමුද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සොයා ගැනීම කුඩු ව්‍යාප්තිය මර්දනය කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතියක් බවත්, මේ කරුණත් සමඟ ප්‍රශ්න සහගත කරුණු රැසක් හෙළිදරව් වන බැවින් මෙහි සත්‍යතාව රජය පැහැදිලි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

පිළිකා ප්‍රතිකාර සඳහා වැඩිදියුණු කරමින් තිබූ එන්නත සාර්ථක බවත් එය භාවිතයට සූදානම් බවත් රුසියාව පවසනවා.

මූලික සාකච්ඡාවලදී එකඟතාවයට පැමිණි ආකාරයට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධව හමාස් සංවිධානයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අවසාන අනතුරු ඇඟවීම සිදුකර තිබේ.

දීර්ඝ සතිඅන්ත නිවාඩුව ගත කිරීම සඳහා නුවරඑළිය සංචාරය සඳහා ගිය මෙරට සංචාරකයන්ට මෙන්ම විදෙස් සංචාරකයන්ට පෙරේදා (06 වැනිදා) සිට තද දුඹුරු පැහැයෙන් යුතු ජලය පානය කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.

ලබන වසරේදී නව සීමානිර්ණ කටයුතු අවසන් කර පළාත් සභා මැතිවරණය පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළා.

රථ වාහන නීතිය අද (08) දිනයේ සිට දැඩිව ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රතු මුහුදේ ජාත්‍යන්තර ෆයිබර් ඔප්ටික් කේබල් කිහිපයක් කපා දමා හානි සිදු කර ඇති බව මයික්‍රොසොෆ්ට් ආයතනය පවසනවා.

හෙට දින ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවරය තුළ මේ වන විට ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සඳහා ඇති ඉඩකඩ හැකිලීම පිළිබඳව, සාකච්ඡාවට ගනු ඇති බව වාර්තා වේ.

Connet With Us