subash

subash

අද දහවල් 1.30ට ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කරන බව රජයේ ආරංචි මාර්ග පවසයි.

ලෝකයේ පරිත්‍යාගශීලීම රාජ්‍යයන් අතර ශ‍්‍රී ලංකාවට නව වන ස්ථානය හිමිවී අැත. ඒ ජාත්‍යන්තර ආධාර පදනම නිකුත් කළ නවතම වාර්තාවකට අනුවය. ආගන්තුක සත්කාරය, මුදල් පරිත්‍යාගය, ශ‍්‍රම පරිත්‍යාගය යන කරුණු මුල් කර ගනිමින් මෙම වාර්තාව නිකුත් කර ඇත. ඒ අනුව ලෝකයේ නව වන තැන හිමි කර ගෙන ඇති  ශ‍්‍රී ලංකාව ආගන්තුක සත්කාරය අතින් සියයට 56 ක ප‍්‍රතිශතයක් හිමිකර ගනී. 

මහින්ද රාජපක්ෂගේ එකාධිපති ආණ්ඩුව පලවා හැරීම සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂකයක් අවශ්‍ය බවට විශාල ඉල්ලිමක් තිබියදී ඒබව නොතකා එජාපයේ අලියා ලකුණින් තරග කළ යුතු බව කියන අය අංගොඩටවත් සුදුසු නොවන බවත් අංගොඩ ඊට වැඩිය හොඳ සිහි බුද්ධිය ඇති පිරිසක් සිටින බවත් එක්සත් වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ජාත්‍යන්තරයේ දී අවශ්‍ය සෑම විටකදීම ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට සුදානම් බව බෙලරුසියාව පවසයි.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සටන් පාඨ කිහිපයක් මුල් කර ගනිමින් විරෝධතා බැනරයක් අත්සන් කිරීමට කටයුතු යොදා අැත. දිවයින පුරා නගර 200 කට අධික ප්‍රමාණයක් අාවරණය වන පරිදි මෙම බැරය අත්සන් කරනු ලබයි.
නෝර්වේ රාජ්‍යය කිසිඳු අවස්ථාවක එල්.ටී.ටී.ඊ සංවිධානයට මුල්‍යාධාර ලබා නොදුන් බව නොර්වේ විශේෂ සාම නියෝජිතයා ලෙස කටයුතු කල එරික් සෝල්හයිම් මහතා පවසයි.

කොස්ලන්ද මීරියබැද්ද නායයාමෙන් විපතට පත්වුවන්ට සහන සැලසීම සඳහා ශ‍්‍රී ලංකා ආරක්ෂක සේවාවන් සිදු කළ කැපවීම අමෙරිකාව විසින් පැසසුමට ලක් කර අැත.

සුරූපී කාමුක නිළි කිම් කර්ඩාෂියන් මෙම සතිය තුළ ඉන්දියාවට පැමිණීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහ‍තාගේ පදවි ප්‍රාප්තිය හා ජන්ම දිනය සමරා වාර්ෂිකව සංවිධානය කරන පාපැදි සවාරියේ පළමු අදියරේ ඇතැම් තරගකරුවන් නිවැරදි ගමන් මාර්ගයෙන් පරිබාහිරව ගමන් කළ හෙයින් එම අදියර අවලංගු කර ඇති බව වාර්තා වේ.

ත්‍රස්තවාදය පැරදවීම හා විධායක ඒ්කාධිපති බලතල පවත්වාගෙන යාම යනු කක් නොව දෙකක් යැයි අතුරළියේ රතන හිමි, "මහින්දට තුන්වරක් බැහැ ! නීති විරෝධී ජනාධිපතිවරණ එපා !" යනුවෙන් ඊයේ පැවැති ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරයේ විරෝධතා පෙළපාලියෙන් අනතුරුව පැවසුවේය.

Connet With Us