subash
මරණ දඬුවම නියම වු ඉන්දීය ධීවරයින් පිරිස නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉන්දීයාව ශ්‍රී ලංකා රජයට ප්‍රසාදය පළකර තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයදී ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ අපේක්‌ෂකයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඉදිරිපත් කිරීමට ඊයේ (19 ) රාත්‍රියේ රැස්‌වූ එම පක්‌ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබේ.
19වන සියවසේ ලෝප‍්‍රකට අධිරාජ්‍යයන් අතරින් ප‍්‍රංශයේ සිටි නැපෝලියන් බොනපාර්ට්ට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ප‍්‍රංශයේ අගනුවර පැරීසියේ ෂේන් ගංඟාවේ දෙවුර එක්කල බොහෝ පෞරාණික පාලම් නැපෝලියන් පාලනය තුල ඔහුගේ අධික්ෂණයෙන් සිදුවූ ඉදිකිරීම්ය. පැරීසියට කි:මී: 60ක පමන දුරකින් පිහිටි ෆොන්තැම්බ්ලූ මාලිගාව ඔහුගේ ස්ථීර නිවහනවූ අතර අද මෙම මාලිගාව සෑම දිනකම සංචාරකයන් ගෙන් පිරී ඉතිරී ඇති සුවිශේෂි කෞතුකාගාරයකි. නැෆෝලියන් අධිරාජ්‍යයා දෛනික ජීවිතයේ භාවිතා කල සියලූම දැ අද එහි ප‍්‍රදර්ශනයට තබා ඇත්තේය.
ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්‌ත්‍රික් ලේකම්වරුන්, මැතිවරණ නිලධාරීන් හා දේශපාලන පක්‍ෂ ලේකම්වරුන්ව මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් හෙට (21 ) කොළඹට කැඳවීමට තීරණය කර තිබේ.
රටේ බෙහෙවින් කථාබහට ලක් වූ නාමධාරී පුද්ගල චරිත රැසක රුව ගුණ විමසමින් මාධ්‍යවේදී චාමර ලක්ෂාන් කුමාර් මහතා විසින් ‘ඉරුදින්’ පුවත්පතට රචනාකල ‘‘සංලාප - සංවාද එකතුව ’’ කෘතියක් ලෙස ජනගත කිරීම විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශවණාගාරයේදී ඊයේ දින (19) සිදු කෙරිණ.
