subash
අතුරලියේ රතනහිමිට තර්ජනයක් හෝ ජීවිත හානි සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම ආණ්ඩුව විසින් ගත යුතු බව ජාතික හෙළ උරුමය පවසයි.
එහි මාධ්‍ය ලේකම්, බස්නාහිර පළාත් මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.
ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමා ඔහුගේ නව ආගමන විගමන සැලැස්ම ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මිලියන පහකට වැඩි අනවසර සංක‍්‍රමණිකයෝ ඇමරිකා ප‍්‍රදේශවල රැදි සිටිති.
| නිලන්ත ඉලංගමුව
ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා වූ මාවත නොහොත් තම පෙරේතකම සංසිඳුවා ගැනීම සඳහා අවශ්‍ය පියවර ඔහුගේ කේන්ද්‍රය ප්‍රකාරව ගෙන ඇත.
ඒ අනුව යමින් මැතිවරණ කොමසාරිස්වරයා ජනාධිපතිවරයාට අවශ්‍ය දේ සිදු කොට ඇත. ලැජ්ජා නැති කාරණයකි. ජාතියක් ලෙස වඩාත් සැලකිලිමත්ව බැලිය යුතු කාරණයකි. මොහුගේ පිස්සුව සංසිදුවා ගැනීම සඳහා ජාතියේ පැවැත්ම සහ ඊට හිමි ගරුත්වය මුලුමනින්ම නැති කොට ඇත. ජාතිය රෝගී ජාතියක් බවට පත් කොට ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිල්වලා විජේසිංහ මහතා දේශපාලනයෙන් සමුගැනීමේ වැඩි ඉඩකඩක් පවතින බව සඳහන් කරයි.
ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් අද හෝ හෙට විශේෂ ප්‍රකාශයක් කර විපක්‍ෂයේ අසුන් ගැනීමේ උත්සාහයක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මේ පිරිස ඊයේ (20 දා) හිටපු ප්‍රබල දේශපාලනඥයකුගේ නිව සේදී හමුවී රහසිගත සාකච්ඡාවක් ද පවත්වා ඇතැයි 'දිවයින' පුවත්පත අනාවරණය කරයි.
ජනාධිපතිවරයා යටතේ පවතින ආයතනවල රුපියල් කෝටි 975කට අධික මූල්‍ය වංචා දූෂණ සිදුවී ඇති බව නවතම කෝප් වාර්තාවෙන් හෙළි වේ.
මුදල් අමාත්‍යංශයට අයත් සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් මණ්ඩලයේ රුපියල් හතලිස් හතර කෝටි අසූ ලක්ෂ හැටහතර දහස් නවසිය හතලිහක (රු.448,064,940) මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇත.
ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාවේ රුපියල් කෝටි 240ක්ද ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ආයෝජනය කර තිබෙන රුපියල් එකසිය දහතුන් කෝටි හැටපන් ලක්ෂයක්ද (රු.1,136,500,000) නිවසා සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ රුපියල් කෝටි 300ක ආයෝජනයක්ද ආදී වශයෙන් මෙම වංචා දූෂණ සිදුවී ඇත.
රජයෙන් ඉවත් වූ ජාතික හෙළ උරුමය සමග යළි සාකච්ඡා කිරීමට කැමැත්තෙන් පසුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනත් පුද්ගලයකුගේ නමින් පුවත්පත් සාකච්ඡාවක් සඳහා පෙරවරු 10 ට කොළඹ නව නගර ශාලාව වෙන් කැර ඇතැයි ලැබුණු ආරංචි අනුව දෙස් විදෙස් මාධ්‍යවේදීහු එහි රොක් වී සිටිති.
ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා තොරාගෙන ඇති බව එම ආරංචිමාර්ග තහවුර කරයි. මේ සම්බන්ධයෙන් වන නිල නිවේදනය අද දින නිකුත් කෙරෙණු ඇති බවද වාර්තා වේ. මේ අතර සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන නිල ප‍්‍රකාශනය පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.
