subash

subash

තමන් කිසිවිටෙකත් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව නොයන බව පාලිත රංගේ බණ්ඩාර සහ පාලිත තෙවරප්පෙරුම යන මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවේදී අද කියා සිටියේය.

නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් වැඩ බාරගෙන ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුළුල් කිරීමේ අරමුණින් ඉදිරි ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ කි‍්‍රයාකාරිව මැදිහත් වන බව එහි නායක අනුර කුමාර දිසානායක ප‍්‍රකාශ කළේය. කොළඹ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු තවදුරටත් කියා සිටියේ ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය තමන් පිළිනොගන්නා බවය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන අධ්‍යාපනය විකිණීමට එරෙහි විරෝධතා බැනරය අත්සන් තැබීම අද (24) වීරකැටිය නගරයේ දී සිදුවෙමින් පැවතුණි.

උතුරු මැද පළාත් සමුපකාර වෙළෙඳ හා ආහාර කුඩා කර්මාන්ත, පේෂ කර්මාන්ත , ග්‍රාම සංවර්ධන හා සංචාරක අමාත්‍ය පේෂල බණ්ඩාර ජයරත්න මහතා එම ඇමැතිධුරයෙන් නෙරපා ඇතැයි වාර්තා වේ. එයට හේතුව වී ඇත්තේ ඔහු මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වන්නේය යන සැකයයි.

නිවැරදි පන්දු නොයැවීමේ ඉරියව්ව හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තරග තහනමකට ලක්ව සිටන සචිත්‍ර සේනානායක ඊයේ (23දා) ඉන්දියාවේදී සිය දෙවැනි පරීක්ෂණය සඳහා පෙනී සිටිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නියමිත නියමිත මෛත්‍රීපාල සිරිසේන මහතා 'අපේ ජාතික පෙරමුණ' නමින් වූ පුළුල් පෙරමුණක් ලෙස ක්‍රියාත්මක වනු ඇති බව වාර්තාවේ. පොදු අපේක්ෂකයාගේ ඡන්ද සලකුණ 'දුරකථනය'යයි.

ඇමෙරිකාවේ මීළග ජනාධිපතිවරණයට හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඉදිරිපත් වුවහොත් ඇය සුපිරි ඝනයේ ජනාධිපතිවරියක් වීමට ඉඩ ඇති බව ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.

ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් සිදුකරන සාකච්ඡා තවදුරටත් පුළුල් කර තිබේ.

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Connet With Us