subash

subash

පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ඒ.එල්.එම්. අතවුල්ලා හා අධිකරණ අමාත්‍ය රවුෆ් හකිම් යන මහත්වරුන්ගේ සහයෝගය මත සංවිධානාත්මක පිරිසක් විසින් අම්පාර, බක්මිටියාව - තිඹිරිගොල්ල වන රක්ෂිතයේ වට්ටමඩු ප‍්‍රදේශයේ අක්කර 1000ක් පමණ යන්ත‍්‍ර සූත‍්‍ර යොදා ගෙන එළිපෙහෙළි කර නීති විරෝධී ලෙස මහ පරිමාණ වගා බිම් ව්‍යාප්ත කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී.

පසුගිය කාලය තුළ හල්දමුල්ල මිරියබැද්ද නායයෑම සම්බන්ධ විවිධ මත පළවෙමින් තිබිණි. විශේෂයෙන්ම මෙම නායයෑම ඇතැම් විශ්වවිද්‍යාල ආචාරවරු හා පරිසර සංවිධාන හා අනෙක් සියලූ ආයතනයන් මෙය තවත් ලෙසකින් මධ්‍යම කදුකර ප‍්‍රදේශයේ එළවළු වගා කිරීම නිසා සිදුවූවක් යැයි ඔප්පුකරන්නට උත්සහ දැරීය.
කොළඹ මහ නගර සභා සීමාවේ මේ වන විට එක් දහස් අටසීයකට වැඩි (1800) වැඩි මැතිවරණ දැන්වීම් සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ.  මෙයින් බොහෝමයක් කොන්ක්‍රීට්, යකඩ සහ වෙනත් ස්ථීර ගොඩනැගිලි ඉදිකිරීමේ ද්‍රව්‍ය යොදා සකස් කොට ඇත.
ඉදිරි ජනාධිපතිවරණය දී ප්‍රචණ්ඩත්වය වැපරීමට ඇති තම සුදානම ආණ්ඩුව කල්තියා ප්‍රදර්ශනය කරමින් ඇති බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසුරිය මහතා පවසයි. 

පැරණි බෝගම්බර බන්ධනාගාරයේ සිදුවී ඇති බව කියන අක්‍රමිකතා පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණන කොමසාරිස්වරයා විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

නිලන්ත ඉලංගමුව

ජනාධිපති රාජපක්ෂ මේ කතාකරන්නේ සැලුන් දොරක් ගැන නොවේ. ඔහු කතා කරන්නේ, දැලිපිහියෙන් රැවුල කපනු ලබන බාබර් සාප්පුවේ ඇති දොර පිළිබඳවය. මෙවැනි දොරවල් වර්තමානයේදී ඉතා අල්පය. නමුත් රාජපක්ෂගේ දේශපාලනය සැලුන් දොරක් වැනිය යනුවෙන්, ඔහු ඉදිරිපත් කරන අදහසට ඉතා වැදගත් ස්ථානයක් තිබේ.

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කරගැනීමට පියවර ගන්නා ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජනපති නේපාලයට යයි

Published in පුවත්
Tuesday, 25 November 2014 10:01
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ‍්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සාක් රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා මීට සුළු මොහොතකට පෙර නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව ගියේය. 

තමා ආණ්ඩුවට යන බවට පැතිරයන කතාවල කිසිඳු සත්‍යතාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කියයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබා දුන් රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල පත්වීම් 1500 පමණ වහාම අවලංගු කරන ලෙස සෞඛ්‍ය ‍අමාත්‍යාංශ ලේකම් සුදර්මා කරුණාරත්න මහත්මිය විසින් රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත ඊයේ (24) චක්‍ර‍ලේඛනයක් මගින් දන්වා ඇත.

Connet With Us