subash
ජනාධිපතිවරණය අවසන් වන තෙක් රාජ්‍ය ආයතනයන්හි කිසිදු ආකාරයක බඳවා ගැනීම්, පත්වීම් හා උසස්‌වීම් සිදු කිරීම තහනම් බවට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විශේෂ චක්‍රලේඛයකින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් හා රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා වමේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය තීරණය කර තිබේ.
මෙවර ජනාධිපතිවරණය සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරග වදින මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත මන්දිරයට පැමිණියේය. පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණියේ පළමු වරටය.
සංචාරක එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 7කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදී තිබේ.
පරිපාලන සේවා විභාගයට මැතිවරණ උණුසුම වැදේ - උපාධිධාරීන් අසහනකාරී වෙයි
2014 දෙසැම්බර් මාසයට අදාලව විභාග දෙපාර්තමේන්තුවේ දෙසැම්බර් මස විභාග දින දර්ශනයට අනුව දෙසැම්බර් 20 සහ 21 දෙදින ශ‍්‍රී ලංකා පරිපාලන සේවා (සීමිත)තරග විභාගය කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
කුඩා කාලයේ සිට පීතෘ වියෝග කාංසාවට මුහුණ දෙන ඇන්ටනි චිත්තාවේගීය වශයෙන් අසමබර වේ. ළදරු වයසේ තීරණාත්මක කාලයේ සිටම පීතෘ ප්‍රතිබිම්බය ග්‍රහනය කිරීම ඇන්ටනි තුල ප්‍රමාද වෙයි. එම නිසා කුඩා කාලයේ සිට වැඩිහිටියෙකු දක්වා ඇන්ටනි මානසිකව වර්ධනය වන්නේ අභ්‍යන්තර මානසික ගැටුම් සමගය. මෙම අභ්‍යන්තර මානසික ගැටුම් අන් අය සමග ප්‍රශස්ථ සබැඳියාවන් ගොඩනගා ගැනීමට යාමේදී ඇන්ටනි තුල ඝට්ටනයක් ඇති කරයි . මේ නිසා ඔහු මානසික හුදකලාභාවයකට ලක් වේ. පීතෘ වියෝගය ඔහුගේ විශ්වාස පද්ධතිය තුවාල කොට තිබේ. මේ නිසා ඔහු ගැඹුරු මානව සම්බන්ධතා ගොඩ නගා ගැනීමට බියක් දක්වයි.
මෝදිගේ බිරිද බස් එකේ යද්දී ආරක්ෂකයින් රජයේ වාහනවලින් යයි
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ බිරිද බස්‌රියෙන් යද්දී ඇගේ ආරක්‍ෂකයන් රජයේ වාහනවලින් යන බව හෙළි වී තිබේ.
කල්මුණේ නගර සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
