subash
ඉදිරි ජනාධිපතිවරණය සඳහා වමේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා බලධාරින් බාරයේ පවතින ඉන්දීය ධිවර යාත්‍රා කඩිනමින් නිදහස් කරගැනීමට හැකිවනු ඇති බව භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියන් ස්වාමි පවසයි.
ඒකාධිපති පාලනය පරදා සියලු පවුල් ආරක්ෂා කරන ක්‍රමයකට එක් වෙමු(audio)
රටේ භාරකරුවා යැයි පවසමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒකාධිපති පාලනයක් ගෙන යන බවත් ඒ උදෙසා යුධ ජයග්‍රහණය පවා යොදා ගනිමින් තම පාලනය දිග්ගස්සා ගත් බව අද(27)පැවති මාධ්‍ය හමුවක් අමතමින් මංගල සමරවීර මහතා සදහන් කළේය.
මාරාන්තික එබෝලා වෛරසය සඳහා නිපදවා ඇති එන්නතේ ප‍්‍රථම මානව අත්හදාබැලීම සාර්ථක වී තිබේ.
නාම යෝජනා කැදවීමෙන් පසුව සිව්වන වෙඩිල්ලත් පත්තුවේ.
මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.ඒ.හලීම් ගේ මාවිල්මඩ පිහිටි කාර්යාලයට නොවැ. 25 දින අලුයම වෙඩි ප්‍රහාර තුනක් එල්ල කොට ඇත. ප්‍රහාරයෙන් කාර්යාලයේ ජනෙල් සහ බිත්ති වලට අලාභ සිදු ව ඇත.
පැරණි මැතිවරණ ක්‍රමය යටතේ තෝරාපත් කරගත් පළාත් පාලන ආයතන වල අය වැය යළි පැරණි ක්‍රමයට සම්මතකර ගැනීම සඳහා නීතිමය ප්‍රතිපාදන සලසා ඇති බව පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශය පවසයි.
ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු පිල් හියුස් ජීවිතක්ෂයට පත්ව තිබේ.
නාගරික සංවර්ධන අධිකාරියෙන් ජනාධිපතිවරණ ප්‍රචාරණය සඳහා මිලියන ගණනක මුදලකින් ප්‍රචාරක ව්‍යාපෘතියක් සැළසුම් කර තිබේ.
පොළිස් ලොක්කා එළිපිටම හොරා පොළිස් සෙල්ලම් පෙන්නයි
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පොලිස් දෙපාර්තමේන්තුව මුළුමනින්ම පාලනය කිරීමට කටයුතු කරමින් සිටීම නිසා පොලිස් දෙපාර්තමේන්තුව අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇත.
