subash

subash

හෙළ උරුමය මෛත‍්‍රීට

Published in පුවත්
Saturday, 29 November 2014 11:02

පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන සමඟ නුදුරු දිනෙකදී එකඟතා ගිවිසුමක් අත්සන් කර ඔහුට සහාය ලබාදීමට ජාතික හෙළ උරුමය තීරණය කළ බව එහි සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප‍්‍රකාශ කළේය.

තලාව සහ මිහින්තලේ ප්‍රාදේශීය සභා වල විපක්ෂ නායකවරුන් ආණ්ඩු පක්ෂයට එක්වී තිබේ. 
බොලිවුඩ් නිළියක වන වීනා මලික් පසුගිය අවුරුදු කිහිපය තුළ බොහෝ ආන්දෝලනාත්මක චරිතයක් විය. එයට හේතුවූයේ ඇය 2011 වර්ෂයේ FHM සඟරාවේ කවරයේ ඡායාරූපය සඳහා නිරුවතින් පෙනීසිටීමයි. ඉන්පසු ඇය කතාබහට ලක්වන කරුණක් වූයේ 2013 වර්ෂයේ විනාඩියක් ඇතුළත ඇයගේ රසිකයන්ගෙන් හාදු 100 ක් ලබාගැනීමේ සිද්ධියයි.
සෝමාවතිය ජාතික වනෝද්‍යානය හා ත‍්‍රිකෝණමඩු ස්වභාව රක්ෂිතය අතර කන්දකාඩු ප‍්‍රදේශයේ පිහිටි මහවැලි ගෙ`ග් පිටාර තැනි හා ගංගාශ‍්‍රිත වනාන්තර ලෙස ව්‍යාප්ත ව ඇති මහවැලි අධිකාරියට අයත් සුවිශේෂී වනාන්තර අක්කර 11400ක් යුධ හමුදාව විසින් නීති විරෝධී ලෙස පවරාගෙන විවිධ ආයතනවලට බදු දීම සිදු කරනු ලැබේ. මේ වන විට තිස්තුන් අවුරුදු බදු පදනම මත යුධ හමුදාව විසින් බ‍්‍රවුන්ස් සමාගමට වනාන්තර අක්කර 1000ක් බදු දී තිබේ. තවත් වනාන්තර අක්කර 6000ක් මරිනා සමාගමට බදු දීමට සූදානම් වේ.

පොළොන්නරුවේ සිට මරදගහමුලට අරලිය සහල් ගෙන ආ පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සෙහොයුරාට අයත් අරලිය සහල් ව්‍යාපාරයේ ලොරියකට පහරදීමක් සිදුකර ඇත.

ජාතික ලැයිස්‌තුවෙන් පත් කළ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අල්හාඡ් ඒ. එච්. එම්. අස්‌වර් මහතා ඊයේ (28 වැනිදා) සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌වූයේය.

ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් ඩෙවාල් මහතා සහ පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතර හමුවක් සිදුවනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

බම්බලපිටියේ රාත්‍රී සමාජ ශාලාවකදී බ්‍රිතාන්‍ය යුවළකට පහරදුන් බවට චෝදනා ලැබ රිමාන්ඩ් කර සිටි ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට ඊයේ (28දා) ඇප ලබාදී තිබේ.

අම්පාර දිස්ත‍්‍රික්කයේ පසුගිය වසරේදී ආරම්භ කරන ලද ශිලා ලේඛණ පිටපත් කිරීමේ කාර්යය මේ දිනවල සිදු කෙරෙමින් පවතී. ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශ පුරා විසිරී පවතින මෙම ශිලා ලේඛණ ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය ගොඩනැගීමට විශාල දායකත්වයක් සපයන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදහසයි.

කොස්ලන්ද, මීරියබැද්ද නායයාමේ ඛේදවාචකයෙන් අවතැන්වූ ජනතාව ඊයේ පස්වරුවේ සිට උපවාසයක නිරත වේ. ඒ තමන්ට අවශ්‍ය පිසූ ආහාර ලබා දිමේ කටයුතු වලින් යුධ හමුදාව ඉවත් වීමට විරෝධය පළ කරමින්ය. තමන්ට අවශ්‍ය ආහාරපාන සපයා ගන්නා ලෙසඅවතැන් ජනතාවට දැනුම් දී ඇත.

Connet With Us