subash
සත්‍යය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන්න වුනත් සූදානම්
ජනවාරී 08 වන දින තමා ජනාධිපතිවරයා ලෙස මෙරට ජනතාව විසින් පත් කරනු ලැබීමෙන් පසුව පොරොන්දු වූ පරිදී දින සියය තුල එම ධුරයේ විධායක බලතල අහෝසි කරන තෙක් ජනාධිපති මන්දිරයට නොයන බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට බස්නාහිර පළාත් සභා සන්ධාන මන්ත‍්‍රී කීර්ති කාරියවසම් මහතා තීරණය කර ඇත.
අ.පො.ස සාමාන්‍යපෙල විභාගය සදහා උපකාර පන්ති සහ සම්මන්ත‍්‍රන පැවැත්වීම අද මධ්‍යම රාත‍්‍රියේ සිට විභාග කටයුතු අවසන් වනතෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. සාමන්‍ය පෙල විභාගයට අදාල අනුමාන ප‍්‍රශ්ණ පත‍්‍ර බෙදා හැරීම, ඊට අදාල දේශණ පැවැත්වීමද මේ යටතේ තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා සදහන් කළේය.
මෙවර ජනාධිපතිවරණයේදී පොලිසිය මෙහෙයවීමේ කටයුත්ත පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධයක් නැති වෙනත් නිලධාරියකු විසින් බලහත්කාරයෙන් ලබාගැනීමට උත්සාහ කිරීම පිළිබඳව පොලිස් නිලධාරීහු දැඩි අප්‍රසාදය පළකර සිටිති.
ජනපතිවරණය සඳහා පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඇප මුදල් තැනපත් කිරීම රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී සිදුවූයේය.
ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන වෙත සහයෝගය ලබාදීමට ජාතික සංඝ සම්මේලනය තීරණය කර ඇත. ඒ, පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන සහ ජාතික සංඝ සම්මේලනයේ භික්ෂූන් වහන්සේලා අතර කොළඹ අද (02) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.
ආණ්ඩුවේ පවතින දූෂණ සහ අක‍්‍රමිකතාවලට එරෙහිව කටයුතු කිරීමට තමන් පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන සමඟ එක්ව කි‍්‍රයා කරන බව ආණ්ඩුවෙන් ඉවත් වූ හිටපු අමාත්‍ය නවීන් දිසානායක පැවසුවේය.
2014 වරේ මිහිකත රූ රැජින සම්මානය දිනාගැනිමට පිලිපීනයේ ජැමි හැරල් සමත් වී තිබේ. රටවල් 85 ක් නියෝජනය කරමින් තරගකාරිණින් 85 දෙනෙකු මෙවර තරගයට ඉදිරිපත්ව සිටියේය.
පසුගියදා ඉන්දියානු පොලීසිය විසින් මුම්බායි නුවර වර්සෝවා ප‍්‍රදේශයේ Vastu Precinct’ නම් ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය Charisma Spa’ රූපලාවන්‍යාගාරය වැටලූ පසුව එහි ලිංගික ජාවාරමට යොදාගැනීමට සැරසුන කාන්තාවන් තිදෙනෙකු බේරාගනු ලැබුවේය.
ලොව පුරා නිරුවත් මුහුදු තීර පැවතියත් නිරුවත් ගම්මාන ගැන වාර්තා වී තිබුනේ නැත.
