subash

subash

කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් මිරිහාන පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර අැත. ඊයේ රාති‍්‍රයේ පෞද්ගලික රූපවාහිණි නාලිකාවකින් විකාශය වු සජීවී වැඩසටහනක් අතරතුර එයට සම්බන්ධ වූ පුද්ගලයෙකු තමාට අපහාස වන ආකාරයට කතා කළ බව පවසමින් ඔහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද භාවිත කිරීමට ඉල්ලූම් කර ඇති සංඛ්‍යාවේ කැපී පෙනන අඩුවක් දක්නට ලැබෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

එල්.ටී.ටී.ඊ සංවිධානයට පැනවුණු සම්බාධක ලිහිල් කිරීම සඳහා යුරෝපා අධිකරණය ගෙන ඇති තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව යුරෝපා සංගමය වෙත සිය ප‍්‍රසාදය පළ කරයි.

දේශපාලන කි‍්‍රයාකාරකම්වලට මුදල් සපයා ගැනීම සඳහා තම පක්ෂයට අයත් ඉඩමක්ද ඉකුත් දා විකුණා දැමූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ආණ්ඩුවට මෙන් හිතුමතේ වියදම් කිරීමට තම පක්ෂයට මුදල් නොමැති බව ඔහු පවසා සිටියේය.

සිවිල් වැසියන් 80 දෙනෙකු, පොලිස් පරීක්ෂකවරයෙකු සහ යුද හමුදා කපිතාන්වරයෙකු ඝාතනය කර පුළුස්සා ඇති බවට සැකකෙරෙන මුලතිව් - ඔඩ්ඩුසුඩාන් සමූහ මිනීවලේ කැණීම් ඊයේ (02) ආරම්භ වුයේය. ඒ, අධිකරණ නියෝගයකට අනුවය.

Down Town Pulse 2014

Wednesday, 03 December 2014 12:56

HAPPY-JOURNEY-01

HAPPY-JOURNEY-08

Logo

Poster1

Poster2

ලංකාවේ දේශපාලඥයන් මේවනවිට සාම්ප්‍රදායික ප්‍රචාරණ කටයුතු වලට අමතරව නව මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන්ද උනන්දු වන බව පෙනේ. ඒ අනුව බොහෝ දේශපාලඥයන් තමාගේ කියා ෆේස්බුක් පිටුවක් යාවත්කාලීන කරයි. සාමන්‍යයෙන් ලංකාවේ දේශපාලඥයෙකුගේ ෆේස්බුක් පිටුවේ වැඩිපුර සිටිය යුත්තේ ලංකාවේ රසිකයන් වුවත් එසේ නොමැති දේශපාලඥයන් ගැනත් මේවනවිට අන්තර්ජාලයේ කතාබහක් ඇතිවී තිබේ.

වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ පුරසාරම් දොඩන සංවර්ධන ව්‍යාපෘති සියල්ල තමන් ජනාධිපතිනිව සිටි සමයේ ආරම්භ කළ ඒවා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතංග මහත්මිය පවසයි.

තම නිවස ඉදිරිපිට සවිකළ නීති විරෝධී කටවුට් එකක් පිළිබද විරෝධය පළ කළ, දිවුලපිටිය කුඩගම්මන ප්‍රදේශයේ තුසිත වීරසිංහ මහතාගේ නිවසට පැමිණි පිරිසක් අද (3) අළුයම 2.30 ට පමණ එල්ල කළ ප්‍රහාරයකින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇත. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු වාර්තා වු 9 වන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාව මෙයයි.

සුදොතුම්පියතුමාගේ සංචාරය මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සඳහා යොදා ගනිමින් විවිධ පාර්ශ්චව දේශපාලන වාසි ලබා ගන්නට උත්සාහ කරමින් සිටින බව කිතුනු හඬ සංවිධානය චෝදනා එල්ල කරයි.

Connet With Us